Chamila Karawita reporting from Pallekele
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (12 දා) ආරම්භ වුණු පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු ලකුණු 250 කට කට අඩුවෙන් දැවී යෑමේ අවධානමකට පැමිණි නමුත් පසු පෙළින් පැමිණි රමේෂ් මෙන්ඩිස් අර්ධ ශතකයක් (78) රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 325 ක ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදාවිය. 83 වැනි පන්දුවාරයේදී නිමාවත් සමඟම ශ්‍රී ලංකා ඉනිම හමාර වූ නමුත් අයහපත් ආලෝකය තරගයට හරස්වූ බැවින් දිනයේ යැවීමට ඉතිරිව තිබූ පන්දුවාර 5 න් එකම පන්දුවකට හෝ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ක්‍රීඩා කළ නොහැකි විය.
පළමු පැයේදි වේගපන්දු යවන්නන්ට තරමක් වාසිදායක වුවත් පිතිකරුවන්ට යෝග්‍ය ලෙසින් සකසා තිබෙන පල්ලකැලේ තණතීරුවේදී දිවා ආහාරය වන විට ඩුලු 2 කට ලකුණ 106 ක ශක්තිමත් පදනමක් එක් කිරීමට ලසිත් කෲස්පුල්ලේ ප්‍රමුඛ ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වූහ. දිවා ආහාරයෙන් පසු තරගය තම පාලනයට නතු කර ගත් සෙනුරින් මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නොසිතූ අසීරුතාවයකට ඇද දැමූහ.
තේ පානය වන තෙක් වූ තරගයේ සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා පිලට වැඩිම හානියක් ගෙන දුන්නේ දිවා ආහාරයත් තේ පානයත් අතර කාල සීමාව විය. එම කාල සීමාවේදී ලකුණු පුවරුවට ලකුණු 111 ක් එක් වුවත් කඩුලු 4 ක් දවා ගැනීමට මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දු යවන්නෝ සමත්වූහ.
දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දු වාරයේ සිව්වැනි පන්දුවේදී සිය පළමු දඩයම වශයෙන් නුවනිඳු ප්‍රනාන්දුව දවා ගත් සෙනුරන් මුතුසාමි දිවා ආහාරයෙන් පසු දැවී ගිය කඩුලු 4 න් 3 කම හිමිකරුවා බවට පත්වූවේය.
මෙම කඩුලු දඩයමත් සමඟ තේ පානය සඳහා දෙපිළේම ක්‍රීඩකයින් ක්‍රීඩා ගාරය වෙත පියමං කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 216 ක් ලෙසින් සටහන් ව තිබුණේ නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට ලකුණු 16 ක් සහ ලක්ෂිත මානසිංහට ලකුණු 04 ක් බෙදී යමිනි.
අංක 08 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් එතෙක් පීඩනයෙන් සිටි ශ්‍රී ලංකා පිල මුදවා ගත්තේ පන්දු 89 කදී ලකුණු 78 ක් රැස් කරමිනි. හතරේ පහර 12 කින් සමන්විත වුණු රමේෂ්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 217 කට කඩුලු 7ක්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුනු 300 න් ඔබ්බට රැගෙන යෑමට ඉවහල් වීය. ඔහුට අනගි සහායක් ලබා දුන් ලසිත් ඇඹුල්දෙණිය (15) සහ මිලාන් රත්නායක (23) එක්ව අවසන් කඩුලු 3 වෙනුවෙන් ලකුණු 108 ක් ශ්‍රී ලංකා පිලට එක් කර දුන්හ.
කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සහ ළහිරු උදාර එක්ව සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මං පෙත් විවර කර දුන්හ. සිව්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු පිලට අලුතින් එක් වුණු තවමත් 17 හැවිරිදි වියේ පසුවන ක්වේනා මපාකා ආරම්භක කඩුල්ලේ සටම්බන්ධතාව ලකුණු 66 කදී සිමා කළේ ලකුණු 42 ක් ලබා සිටි ළහිරු උදාරව දවා ගනිමිනි.
මීට දින 4 කට පෙර නිමාවට පත් වුණු තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ලකුණු 08 ක් පමණක් දවා ගත් ලසිත් කෲස්පුල්ලේ අද දිනයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේය. දිවා ආහාරය වන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 79 කදී ලකුණු 49 ක් දවා ගත් කෲස්පුල්ලේ දිවා ආහාරයෙන් පසු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අර්ධ ශතකය වාර්තා කරගත්තේය.
සුදු පන්දුවට කෙසේ වෙතත් රතු පන්දුව හමුවේ ඉතා සාර්ථක ලෙස තම පිත්ත හැසිර වූ කෲස්පුල්ලේ ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි පිතිකරු ලෙසින් දැවී ගියේ ශතකය පෙනි පෙනී තිබියදීය. පන්දු 119 කට මුහුණ දුන් කෲස්පුල්ලේ ලකුණු 98 කට දැවී ගියේ තම ඉනිම හයේ 4 කින් සහ හතරේ පහර 11 කින් සරසා ගෙන සිටියදීය. මුතුසාමිගේ තෙවැනි ගොදුර බවට පත්ව කෲස්පුල්ලේ දැවී යෑමට මත්තෙන් කමිදු මෙන්ඩිස් (28) සහ නිපුන් ධනංජය (13) වද දවා ගැනීමට ප්‍රතීවාදී පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් ජනිත් ලියනගේද තේ පානයට පෙර දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 ට ලකුණු 198 ක් ලෙසින් සටහන්ව තිබිණ.
දකුණු අප්‍රිකානු පිලේ වමතින් දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි දිනයේ කැපී පෙනෙන පන්දු යව්නනා බවට ප ත්වූයේ කඩුලු 7 ක් දවා ගනිමිනි. දිනයේ වැඩිම පන්දු වාර සංඛ්‍යාවක් යැවූ පන්දු යවන්නා බවට පත් වූ මුතුසාමි පන්දුවාර 31 කදී නිලකුණු පන්දුවාර 4 ක් ද සමඟින් ලකුණු 122 කට කඩුලු 7 දවා ගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 83 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (ලසිත් කෲස්පුල්ලේ 98, ළහිරු උදාර 42, නුවනිඳු ප්‍රනාන්දු 10, කමිදු මෙන්ඩිස් 28, නිපුන් ධනංජය 13, ජනිත් ලියනගේ (01), ලක්ෂිත මානසිංහ 04, රමේෂ් මෙන්ඩිස් 78, ලසිත් ඇඹුල්දෙණිය 15, මිලාන් රත්නායක 23*, ඩිල්ෂාන් මදුශංක 04, සෙනුරන් මුතුසාමි 122/7,ක්වේනා මපාකා 43/2, ට්‍රිස්ටන් ස්ටබ්ස් 49/1)