slc
logo
Home   |    News
ජූනි 3, 2023
නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි

sinhala editor

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයව පත් කර තිබේ. නිපුන් මීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරය යටතේ පැවැති සිව්දින තරගාවලියේදීද නායකයා ලෙසින් කටයුතු කළේය.

පළමු තරග 2 සදහා නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අලුතින්ම ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේ වමතින් දඟ පන්දු යවන නිමේෂ් විමුක්තිය. ‌ගෙවී ගිය දේශීය තරග මාලාවේදී කැපී පෙනෙන පන්දු යවන්නකු බවට පත් වුනු නිමේෂ් විමුක්ති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆෝල්කන්ස් පිල නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත්විය. වර්තමානයේ පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන විමුක්ති පළමු පෙළ තරග 45 කදී කඩුලු 204 ක් සහ එක්දින තරග 47 කදී කඩුලු 65 ක් දවා ගැනීමට සමත්ව සිටියි. පන්දු යැවීමට අමතරව අවශ්‍ය විටෙක පිතිකරුවකු ලෙසද සිය දක්ෂතා දැක්වීමට හේ සමත්ව සිටින්නේය. 2022 වසරේ පැවැති දේශීය ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේදී බදුරලියට එරෙහි තරගයේදී පළමු ශතකයක් ලද නිමේෂ් පන්දු යවමින් කඩුලු 8 ක් දවා ගත්තේ පළමු ඉනිමේදී කඩුලු 5 ක්ම දවා ගනිමිනි.

ඒ හැරුණු විට අවසන් වරට ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමේ දොරගුලු විවර කරගත් නිශාන් මදුශ්කට හෙටින් ඇරඹෙන එක්දින තරගාවලියේදී ස්ථානයක් වෙන්ව තිබීම කැපී පෙනෙයි. ඉකුත්දා නවසීලන්ත තරග සංචාරය සඳහා ඇතුළත් වුණු ලසිත් කෲස්පුල්ලේද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතාද, සහාය පුහුණුකරු ලෙසස තිළිණ කණ්ඩම්බි මහතාද කටයුතු කරන අතර උපුල් චන්දන මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසිත්, සජීව වීරකෝන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත.

තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අනතුරුව දෙරට අතර සිව්දින තරගාවලිය ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු උදාර, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, ඉසිත විජේසුන්දර, ලක්ෂාන් සඳකැන්, නිමේෂ් විමුක්ති.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar