slc
logo
Home   |    News
ජූනි 19, 2023
වර්ෂා බාධක මැද කාන්තා ‘ඒ‘ පිලේ අවසන් පූර්ව සටන අතිරේක දිනයට

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අද (19) පැවැත්වීමට තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනය වූ හෙට දිනයට කල් දැමීමට සංවිධායකයෝ පියවර ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය හොංකොං හී කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ දී හෙට (20) පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගය වූ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම හා පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම අතර තරගය ද වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ අතර, එම තරගයද හෙට (20) පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

මෙම අවසන් පූර්ව තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක 21 වැනිදා හොංකොං හී කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ දී අවසන් මහා තරගයේදී මුණ ගැසෙනු ඇත.

මූලික වටයේදී ශ්‍රී ලංකාව හා මැලේසියා අතර තරගයත්, බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයත් විසදුමකින් තොරවීම හේතුවෙන් සියලුම කණ්ඩායම්වලට එක් ලකුණ බැගින් ප්‍රදානයවී මූලික වටය නිමාවට පත්විය. එහිදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා බංග්ලාදේශය ඉදිරියෙන් සිටියහ. තරගාවලියේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව බංග්ලාදේශය 4.850ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.090ක් ලෙස රඳවාගෙන සිටී. එම කාණ්ඩයේ සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රසාද ලකුණු 3ක් හා මැලේසියාව ප්‍රසාද ලකුණක් ලබාගත් හෙයින් තරගාවලියෙන් ඉවතට ගියහ.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරාජයට පත්කළ අතර, බංග්ලාදේශ ‘ඒ‘ හා මැලේසියාව සමග පැවැති දෙවැනි හා තෙවැනි තරග දෙකම වර්ෂාවට සේදී ගොස් එක් ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමුණි.

‘ඒ‘ කාණ්ඩයේ මූලික වටයේදී හොංකොං හා නේපාලය අතර තරගය, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. එම කාණ්ඩයේ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම ලකුණු 4ක් ලබා දල ලකුණු ලකුණු ලබා ගැනීමේ වේගය 5. 425කින් පෙරමුණේ පසුවූ අතර, පාකිස්තානය ද ලකුණු 4ක් ලබා දළ ලකුණු වේගය 0. 450කින් දෙවැනි තැනට පත් විය. නේපාලය හා හොංකොං තෙවැනි හා සිවුවැනි ස්ථාන ලැබීම හේතුවෙන් තරගාවලියෙන් ඉවතට ගියහ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සත්කාරක හොංකොං යන රටවල් සහභාගී වේ. ‘ඒ‘ හා ‘බී‘ ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය සංවිධානය කොට ඇති අතර, බංග්ලාදේශ ‘ඒ‘, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ශ්‍රී ලංකා ‘ඒ‘ සමග ‘බී‘ කාණ්ඩයෙන් තරග වදිති. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට පැවැරී ඇති අතර, උප නායිකාව ලෙස මල්ෂා ශෙහානී නම්කොට ඇත.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee