slc
logo
Home   |    News
ජූනි 19, 2023
ශූරයින් සහ අනුශූරයින් LPL සමාරම්භයේදී හැප්පෙති

sinhala editor

දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත.

ජැ‌ෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් ද්විත්වයට අමතරව ගෝල් ටයිටෑන්ස්, දඹුල්ල අවුරා සහ බී – ලව් කැන්ඩි යන කණ්ඩායම් තරග වදිති. මූලික වටයේ පැතැත්වෙන තරග 20 කින් පසු තරගාවලියේ දෙවැනි වටය වන අවසන් වටයේ තරග ආරම්භ වනු ඇත. මෙවර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදී පැවැත්වේ.

ජූලි 30 වැනිදා කොළඹින් ආරම්භ වන මෙම තරගාවලියේ තරග 8 ක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ඉතිරි තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

පෙර තරගාවලියේ පරදිම මෙවර තරගාවලියටත් එලිමිනේටර් තරගයක් ඇතුළත් ව තිබේ. මුලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන වලට පත්වන කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය (කොලිෆයර් 1) පවත්වනු ලබන අතර ඉන් ජය වාර්තා කරන කණ්ඩායම සෘජුවම අ‌ගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සදහා සුදුසුදම් ලබනු ඇත.

පරාජය වන කණ්ඩායමට යළි අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා අවස්ථාවක් හිමිවන අතර එම තරගය අගෝස්තු මස 17 වැනිදා ප.ව. 7.30 ට පරාජිතයින් පිටුදැකීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගය පැවැත්වෙනු ඇත.

අවසන් මහ තරගය අගෝස්තු මස 20 වැනිදා  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එදිනට වර්ෂාව හරස් වුවහොත් එම තරගය යළි පැවැත්වීම වෙනුවෙන් අගෝස්තු මස 21 වැනිදා අතිරේක දිනයක් ලෙසින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

USD United States (US) dollar