slc
logo
Home   |    News
ජූනි 1, 2023
සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන 2 කදී මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

රුපියල් 300, 400, 500, 750 සහ 1500  යන මිල ගණන් යටතේ අළෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද මිලදී ගත හැක.

වෙබ් අඩෙවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී ක්‍රීඩා ලෝලීන්ට හිමි QR කේතය තරග දිනයන්හිදී මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් රැගෙන ක්‍රීඩාංගණය වෙත රැගෙන ආ යුතු වේ.

දෙරට අතර එක්දින තරගාවලිය ජූලි මස 02 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ වේ. මෙම තරගාවලියේ දෙවැනි තරගය ජූලි 04 වැනිදාත් සහ තෙවැන්න ජූලි 07 වැනිදාත් හම්බන්තොටදී පැවැත්‌වේ.

 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest