ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව නවතම මානයකට රැගෙන යමින් 2020 වසරේදී ආරම්භ කරන ලද දේශීය ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර සන්නාමයක් සහිතව පවත්වනු ලබන අති උත්කර්ෂවත්ම සැණකෙළිය ලෙසින් සැලකෙන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (30 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙර්. සමාරම්භක දිනයේදී වර්තමාන ශූරයින් වන තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් වන නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් ප.ව. 7.30 සිට තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ සමාරම්භක තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණු වග සංකේතවත් කරනු ලබන නැටුම් ගැයුම් රැඟුම්වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උළෙල ප.ව. 5.10 සිට පැවැත්වෙනු ඇත. එම විචිත්‍රවත් සමාරම්භක උළෙල චිත්‍රලාල් සෝමපාල, උමාරා සිංහවංශ සහ යොහානි ඇතුළු කලාකාරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ප.ව. 3.30 සිට ක්‍රීඩාංගණ දොරටු විවෘතව තැබෙනු ඇත.
කොවිඩ් උවදුරෙන් දැඩි බලපෑම් ඇතිවුණු 2020 වසරේ යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර වන විට මෙය ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියන්හි දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කර ගැනීමට සමත්ව සිටියි. අදාළ සමාරම්භයේදී කණ්ඩායම් 5 නායකයින් 5 දෙනාට අමතරව සියලුම කණ්ඩායම් වල ක්‍රීඩකයින් ද සහභාගිවනු ඇත.
ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට අමතරව මෙවර තරගාවලියේදී ගෝල් ටයිටෑන්ස්, දඹුල්ල අවුරා සහ කැන්ඩි බිලව් තරග වදින සෙසු කණ්ඩායම් වෙති. හෙටින් ආරම්භ වන තරගාවලිය ලබන අගෝස්තු මස 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවනු ඇත.
හෙට ආරම්භ වන තරගාවලියේ පළමු තරග 3 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අනතුරුව අගෝස්තු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා දින 5 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරගාවලිය ක්‍රියාත්මක වනු ඇත. අනතුරුව අවසන් අදියර සදහා නැවතත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල නායකත්වය ලබා දෙයි. දෙපිළේම ක්‍රීඩකයින් සියල්ලෝම මේ වන විටත් කණ්ඩායමක් ලෙස ගෙවී ගිය දින දෙක මුලුල්ලේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය ආධිපත්‍ය පෙන්වීම වෙනුවෙන් වූ පෙර සූදානම්වල නියැළුණහ.
මෙවර පැවැත්වෙන්නේ එල්පීඑල් 4 වෙනි තරගාවලිය වන අතර පසුගිය අවස්ථා තුනේදීම ශූරයන් බවට පත්වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටියි. තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර මූලික වටය සහ අවසන් වටය ලෙස අදියර දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.
හෙට ආරම්භ වන මූලික වටය අගෝස්තු 15 වැනිදා අවසන් වන අතර අවසන් වටය අගෝස්තු 17 වැනිදා ආරම්භ වේ. මූලික වටයට අයත් තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිත අතර අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේදී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් තරගාවලියට ඇතුළත් වේ.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතර හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වදී. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට තේරී පත්වේ. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි තැන හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පළමු තරගයෙන් පරාජය වන (ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටි) කණ්ඩායම සමග තරග කරයි. ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි ක්‍රමය යටතේ තෝරා ගනු ලැබූ අතර එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ තේරී පත් වූයේය. දේශීය ක්‍රීඩකයන් 204 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් 156 දෙනෙක් එම වෙන්දේසියේදී ලංසු තැබීමට ලක්වූහ.
මෙවර තරගාවලිය තරග වදිනු ලබන කණ්ඩායම් පතත පරිදි වේ.
කලම්බු ස්ට්‍රයිකර්ස්
දේශීය – නිරෝෂන් දික්වැල්ල (නායක), මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, නිපුන් ධනංජය, මොවින් සුබසීංහ, ළහිරු උදාර, ජෙෆ්රි වැන්ඩර්සි, එෂාන් මාලිංග, ශෂික දුල්ෂාන්, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා, අහන් වික්‍රමසිංහ.
විදේශීය – බාබර් අසාම් (පාකිස්තානය), නසීම් ෂා (පාකිස්තානය), ෂොරිෆුල් ඉස්ලාම් (බංග්ලාදේශය), ඉමාම් උල් හක් (පාකිස්තානය), මොහොමඩ් නවාස් (පාකිස්තානය), ඉෆ්තිකාර් අහමඩ් (පාකිස්තානය)
ජැෆ්නා කිංග්ස්
දේශීය – තිසර පෙරේරා (නායක), මහීෂ් තීක්ෂණ චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, විජයකාන්ත් වියස්කාන්ත්, තීෂන් විතූෂාන්, පැතුම් කුමාර, නුවන් තුෂාර, අසංක මනෝජ්, නිශාන් මදුශ්ක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, අශාන් රන්දික අසේල ගුණරත්න, රත්නරාජා තනුරාදන්, ප්‍රියමාල් පෙරේරා, රවීන් ද සිල්වා.
විදේශීය – ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව), රාමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), ටවුහිඩ් රිඩෝයි (බංග්ලාදේශය) නැන්ඩ්‍රෙ බර්ගර් (දකුණු අප්‍රිකාව), හාරඩස් විලිජෝන් (දකුණු අප්‍රිකාව) ක්‍රිස් ලින් (ඔස්ට්‍රේලියාව)
ගෝල් ටයිටෑන්ස්
දේශීය – දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, මිලාන් රත්නායක, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා, අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, ෂෙවෝන් ඩැනියල්, මොහොමඩ් ශීරාස්, ළහිරු සමරකෝන්, කසුන් රජිත, අකිල ධනංජය, සොනාල් දිනූෂ, අවිශ්ක පෙරේරා, අනුක් ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.
විදේශීය – ශකීබ් අල් හසන් (බංග්ලාදේශය), ටබ්‍රේස් ශම්සි (දකුණු අප්‍රිකාව), මොහොමඩ් මිතුන් (බංග්ලාදේශය), රිචර්ඩ් න්ගරාවා (සිම්බාබ්වේ), ටිම් සීෆර්ට් (නවසීලන්තය), චාඩ් බෝව්ස් (නවසිලන්තය)
දඹුල්ල අවුරා
දේශීය – කුසල් මෙන්ඩිස් (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතික, ජනිත් ලියනගේ, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මදුශාන්, ලක්ෂාන් සඳකැන්, වනුජ සහන්, ජෙහාන් ඩැනියල්, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, ප්‍රවීන් ජයවික්‍රම, මනෙල්කර් ද සිල්වා, ට්‍රෙවීන් මැතිව්.
විදේශීය – බෙන් මැක්ඩර්මොට් (ඔස්ට්‍රේලියාව), හසන් අලී (පාකිස්තානය), හෙඩ්න් කර් (ඔස්ටෙට්‍ර්ලියාව), නූර් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ශහන්වාස් දහනි (පාකිස්තානය), ඇලෙක්ස් රොස් (ඔස්ට්‍රේලියාව).
බී-ලව් කැන්ඩි
දේශීය – වනිඳු හසරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, දිනේස් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, සහන් ආරච්චිගේ, අෂේන් බණ්ඩාර, නවෝද් පරණවිතාන, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මල්ෂ තරුපති, ලසිත් අබේරත්න, තනුක දාබරේ, අවිශ්ක තරිඳු.
විදේශීය – මුජීබ් උර් රෙහ්මාන් (ඇෆ්ගනිස්තානය), ෆකාර් සමාන් (පාකිස්තානය), මොහොමඩ් හස්නේන් (පාකිස්තානය), සෆ්‍රාස් අහමඩ් (පාකිස්තානය), මොහොමඩ් හැරිස් (පාකිස්තානය), ආමර් ජමාල් (පාකිස්තානය)