slc
logo
Home   |    News
ජූලි 1, 2023
ශ්‍රී ලංකා අභිමානය පිළිබඳ හොද සංඥාවක් අපේ ක්‍රීඩකයින් දිය යුතුයි – නවීඩ් නවාස්

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී සම්පූර්ණ ටෙස්ට් වරමි හිමි රටක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොද සංඥාවක් ලබාදීම වැදගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සදහන් කළේය.ටෙ

ස්ට් වරම් දිනූ රටක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ වෙද්දී කුමන ස්ථානයක සිටින්නේද යන්න පිළිබඳ ලෝකයාට ලබාදෙන එම සංඥාව තුලින් වටහා ගනු ඇතැයි නවීඩ් නවාස් මහතා විශ්වාසය පළ කළේය. ඒ මහතා මේ බව පැවැසූවේ ඊයේ (30) නෙදර්ලන්තය සමග බුලවායෝ හී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් තරග වටයේ තරගය ලකුණු 21කින් ශ්‍රී ලංකා පිල ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර් 47.4කදී ලකුණු 213ක් රැස්කළ අතර නෙදර්ලන්තය ඕවර් 40කදී ලකුණු 192කට සීමා විය. “එකක් තමයි අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම. අනෙක් කරුණ අපේ අභිමානය ආරක්ෂා කර ගැනීම. මොකද අපි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණ ටෙස්ට් තත්ත්වය ලැබූ රටක්. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරන්න වුණා. මෙතැනදි අපිට හොද සංඥාවක් දෙන්න පුලුවන් අපි කොතැනද ඉන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අභිමානය ආරක්ෂා කරගන්න ක්‍රීඩා පිටිය මැදට ගියාම සෑම ක්‍රීඩකයෙක්ම සියයට සියයක් තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කොට තරග ජයගත යුතුයි“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

“නෙදර්ලන්තය සමග තරගය පැවැත්වූ තණතිල්ල මෙයට කලින් තරග 4ක් විතර ගහපු එකක්. අපි මේ තණතිල්ලේම මෙයට කලින් ස්කොට්ලන්තය සමග තරගයේදී ලකුණු 245යි ගත්තේ. අපි මේ තියන තත්ත්වය අවබෝධ කරගෙන මුලින් පන්දුවට පහරදීලා පසුව ප්‍රතිවාදීන්ට එරෙහිව හොදින් පන්දු යවා තරගයට අවතීර්ණ වෙන්න සැලසුම් කළේ. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළේ ඒකයි. මොකද දැන් මේ තණතිලිවල එක දිගට සෑහෙන්න තරග පවත්වා තියෙන්නේ. ඒ නිසා සිම්බාබ්වේ තණතිලිවල මන්දගාමී තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවැතීම වලක්වන්න බෑ. ඉදිරියේදී ලොකු ලකුණු ගන්න බැරි වුණොත් පුදුම විය යුතු නෑ. අපේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආබාධයකට ලක්වෙලා ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කළා. තවම ඔහුගේ තත්ත්වය දන්නේ නෑ“ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු පැවැසීය.

“තීක්ෂණ හා වනිදු කණ්ඩායමේ සෑහෙන්න වගකීමක් දරනවා. ඔවුන් මේ තරගාවලිය පුරාම ඔවුන්ගේ වගකීම් ඉටු කරමින් සිටීම සතුටක්. බුලවායෝ තණතිලි එන්න එන්න මන්දගාමීවන නිසා දඟ පන්දු යවන්නන්ට හොද වෙනවා. තීක්ෂණ හා වනිදු ඔවුන්ගේ වගකීම් හා යුතුතම් ඉදිරියේදීත් හරි විදිහට ඉටු කරයි“ නවීඩ් නවාස් මහතා සදහන් කළේය.

බුලවායෝ තණතිල්ලේදීම සත්කාරක සිම්බාබ්වේ පිල සමග හෙට (2) දින ශ්‍රී ලංකා වේලාවෙන් පසුවරු 12.30ට ශ්‍රී ලංකා පිල තරගයට පිවිසෙන අතර, මෙය කෙබඳු අභියෝගයක් දැයි නවීඩ් නවාස් මහතාගෙන් විමසූ අතර, එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත ආරක්ෂා කරමින් ක්‍රීඩා කිරීම වැදගත් වනු ඇතැයි ඒ මහතා පැවැසීය.

“මීළග සිම්බාබ්වේ සමග තරගයේදී අපේ ක්‍රීඩකයින් කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධාන්ත ආරක්ෂා කරමින් ක්‍රීඩා කිරීමයි. පන්දුවට පහරදීමේදී, පන්දු යැවීමේදී හා පන්දු රැකීමේදී ඒ සිද්ධාන්ත ආරක්ෂා කළ යුතුයි. පිතිකරුවන් ලකුණු අතරට එනවා වාගේම පන්දු යැවීම හා පන්දු රැකීම හොදින් කළ යුතුයි. ගොඩාක් හිතන්න අවශ්‍ය නෑ. සාමාන්‍ය හොද තරග රටාවක් අනුගමණය කළ යුතුයි. දවසේ හොදින් ක්‍රීඩා කරන කණ්ඩායම ජයග්‍රහණය කරන නිසා අපි හොදින් ක්‍රීඩා කිරීමට වග බලාගත යුතුයි“ නවීඩ් නවාස් මහතා සදහන් කළේය.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee