slc
logo
Home   |    News
ජූලි 31, 2023
සුපිරි පන්දුවාරයේදී දසුන්ගේ ගෝල් ටයිටෑන්ස්ට ජය

sinhala editor

By Chamila Karawita

කසුන් රජිත විසින් යවන ලද අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමට අලෙක්ස් රොස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පස්වරුවේ පැවැති තරගයේදී ගෝල් ටයිටෑන්ස් සහ දඹුල්ල අවුරා අතර තරගය ලකුණු සමව අවසන් විය. එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු සමව සුපිරි පන්දුවාරය දක්වා ඇදි ගිය දෙවැනි තරගය ලෙසින් ඉතිහාස ගත වුණු මෙම තරගයේදී දඹුල්ල අවුරා පිල පරදවා ජය වාර්තා කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ටයිටෑන්ස් පිල සමත්වූවේය.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 9 කට වඩා වැඩි ‌වේගයක් රදවා ගැනීමේ අභියෝගයත් සමඟ පන්දුවට පහර දුන් දඹුල්ල පිතිකරුවෝ පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 180 ක් රැස් කරමින් තරගය සම කර ගත්හ. එහෙත් සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 09 ක් රැස් කරන ලදුව එය හඹා යෑමේදී ගෝල් පිල පන්දු 2 කදී ලකුණු 11 ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

ඉනිම ආරම්භයේදී අවිශ්ක ප්‍රනාන්දු(01) සහ කුසල් මෙන්ඩිස් (01) මුලු ලකුණු සංඛ්‍යාව 2 දී දවා ගැනීමට කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු සමත්වූහ. එහෙත් දෙවැනි කඩුල්ලට එක් වුණු ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා පන්දු 48 කදී වේගවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගය නැවතත් දෙපිළටම සමබර තත්ත්වයට රැගෙන ආහ. මෙහිදී ධනංජයද සිල්වාගේ දායකත්වය හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ පන්දු 31 කදී ලකුණු 43  ක් විය.

මාස කීපයකට පසු පිටියට පිවිසි කුසල් පෙරේරා යළිත් සුපුරුදු රිද්මයට විත් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟ පන්දු 25 කදී ලකුණු 40 ක්ද රැස් කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තර කිරීමට දායකත්වය දැක්වූවේය. ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම ලකුණු 04 ක් ඇතුළත දැවී යෑම දඹුල්ල පිලට පාඩුවක් වුවත්, අංක 8 පිතිකරුවා ලෙසින් පිවිසි ඇලෙක්ස් රොස් 7 වැනි කඩුල්ල වෙනුවෙන් හේඩ්න් කර් සමඟ ලකුණු 36 ක්ද 7 වැනි කඩුල්ල සඳහා බිනුර ප්‍රනාන්දු සමඟ එක්ව ලකුණු 24 ක්ද එක් කරමින් ජයග්‍රාහණ පිළිබඳ බලාපොරොත්තු රැගෙන ආහ.ඒ වෙනුවෙන් ඇලෙක්ස් රොස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 28 කදී ලකුණු 39 ක් රැස් කර ගත්තේය. ඔහුට නොමඳ සහායක් ලබා දුන් හේඩ්න් කර් පන්දු 10 කදී ලකුණු 20 ක් රැස් කරගත්තේය. කෙසේ වෙතත් අවසන් පන්දුවේදී ලබාගත යුතුව තිබූ ලකුණු 2 වෙනුවට ඔවුනට රැස් කරගත හැකි වූයේ ලකුණක් පමණි.

පන්දු යැවීමේදී දසුන් ශානක තම පන්දුවාර 4 දී ලකුණු 27 ක් ලබා දී කඩුලු 3 ක් දවා ගනිද්දී ගසුන් රජිත ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය. පන්දුවට අමතරව පිත්තෙන්ද දස්කම් දැක්වූ දසුන් ශානක අවසන් පන්දුවාර 5 දී ලකුණු 57 ක් උදුරා ගත්තේ ගෝල් ටැයිටෑන්ස් පිලේ පන්දුවාර 20 අවසනදී ලකුණු 180 ක් දක්වා ඉහළට රැගෙන යමිනි.

කලකට පසු දැනෙන්න පන්දුවට පහර දුන් ගෝල් නායකයා හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 21 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කළේය. ළහිරු සමරකෝන් සමග එක්වූ දසුන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳුණු ලකුණු සම්බන්ධතාව පන්දු 15 කදී ලකුණු 41 ක් විය.

පළමු කඩුල්ල ලෙස කෲස්පුල්ලේ ලකුණු 03 කට දැව ගියද දෙවැනි කඩුල්ලට එක්වුණු ෂෙවෝන් ඩැනියල් (33) සහ භනුක රාජපක්ෂ පන්දු 32 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. කෙසේ වෙතත් ශනවාස් දහානි උඩපන්දුවක් රැක ගැනීම නිසා භානුක රාජපක්ෂට (48) අර්ධ ශතකය අහිමිවිය. ඒ වන විටත් රිදෙන්න පන්දුවට පහර දී තිබූ භානුක පන්දු 34 කට මුහුණ දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 කින් තම ඉනිම සරසාගෙන තිබුණේය.

මෙම තරගය සඳහා බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ගෝල් ටැයිටෑන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 14 කදී ලකුණු 23 ක් රැස් කරගත්තේය. දහානිගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී යැමට මත්තෙන් ශකීබ් තම ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 2 ක් එල්ල කර තිබුණු අතර එම පහර 3 ම ධනංජය ද සිල්වාගේ පිට පිට පන්දු 3 කට එල්ල කරන ලද ඒවා විය.

තරගයේ වීරයා – දසුන් ශානක

ලකුණු පුවරුව
ගෝල් ටයිටෑන්ස් ලකුණු පන්දු 4 6
ෂෙවෝන් ඩැනියල් කඩුල්ල මුවා කළා ප.බිනුර ප්‍රනාන්දු

33

26 2 2
ලසිත් කෲස්පුල්ලේ   ප.ශහන්වාස් දහානි

3

5 0 0
භානුක රාජපක්ෂ ඇ.දහානි ප.ධනංජය ද සිල්වා

48

34 5 2
ටිම් සීෆර්ට් දුවද්දී දැවී ගියා අවිශ්ක/කුසල් 14 17 0 0
ශකීබ් අල් හසන්   ප.ශහන්වාස් දහනි 23 14 1 2
දසුන් ශානක නොදැවී   42 21 2 4
ළහිරු සමරකෝන් නොදැවී   7 4 1 0
අතිරේක 10  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 180
කඩුලු වැටීම / 1-22 (කෲස්පුල්ලේ 3.1), 2-72 (ඩැනියල් 8.3), 3-95 (භානුක 12.2), 4-123 (සීෆර්ට් 14.6), 5-139 (අල් හසන් 17.3)
පන්දු යැවීම
බිනුර ප්‍රනාන්දු 4-0-32-1 ශහන්වාස් දහානි 4-0-37-2
ධනංජය ද සිල්වා 4-0-38-1 හයිඩන් කර් 3-0-35-0
රවිඳු ප්‍රනාන්දු 1-0-12-0 ප්‍රවීන් ජයවික්‍රම 4-0-25-0
දඹුල්ල අවුරා
අවිශ්ක ප්‍රනාන්දු   ප.කසුන් රජිත 1 4 0 0
කුසල් මෙන්ඩිස්   ප.බිනුර ප්‍රනාන්දු 1 3 0 0
ධනංජය ද සිල්වා   ප.දසුන් ශානක 43 31 5 1
කුසල් පෙරේරා ඇ.කසුන් රජිත ප.දසුන් ශානක 40 25 4 2
සධීර සමරවික්‍රම ඇ.ටිම් සීෆර්ට් ප.ශකීබ් අල් හසන් 13 9 0 1
අලෙක්ස් රොස් නොදැවී   39 28 3 1
රවිඳු ප්‍රනාන්දු ඇ.‌ටිම් සෙයිෆර්ට් ප.දසුන් ශානක 13 10 2 1
හේඩ්න් කර් ඇ.ටබ්‍රේස් ශම්සි ප.සුන් රජිත 20      
බිනුර ප්‍රනාන්දු නොදැවී   2 2 0 0
අතිරේක 8  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 180
කඩුලු වැටීම / 1-02 (අවිශ්ක 0.5), 2-02 (මෙන්ඩිස් 1.2), 3-78 (පෙරේරා 9.2), 4-99 (ධනංජය 11.3), 5-103 (සධීර 12.2), 6-120 (රවිු 14.2), 7-156 (කර් 17.6)
පන්දු යැවීම
කසුන් රජිත 4-0-35-2 විශ්ව ප්‍රනාන්දු 2-0-30-1
ශකීබ් අල් හසන් 4-0-25-1 ලසිත් කෲස්පුල්ලේ 1-0-20-0
ටබ්‍රේස් ශම්සි 4-0-38-0 දසුන් ශානක 4-0-27-3
සීක්කුගේ ප්‍රසන්න 1-0-11-0  

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee