ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර වලට අමතරව තවත් ප්‍රවේශ පත්‍ර කවුලු 3 ක් හෙට (25 වැනිදා) දින සිට විවෘතව තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.
මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙත පිවිසීමෙන් මිලදී ගත හැක. ඊට අමතරව කොළඹ 07, විද්‍යා මාවතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශ පත්‍ර කවුලුව පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා විවෘතව තැබෙන අතර ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කවුලුව පෙ.ව. 10.30 සිට ප.ව. 6 දක්වාත් .කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලුව පෙ.ව. 11 සිට ප.ව. 6 දක්වාත් විවෘතව තැබෙනු ඇත.
කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන මෙවර එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 150 සිට රුපියල් 6500 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගත හැක.






