slc
logo
Home   |    News
අගෝස්තු 27, 2023
ඒස් කැපිටල් පිලට පූර්ණ ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දිනක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිල ලකුණු 47කින් පරාජය කළ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කරයි. හොරණ කලුතර ශ්‍රී ලංකා යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් තීරණය කරමින් පළමු ඉනිමට ලකුණු 175ක් ලබාගත් අතර, සෙබස්තියනයිට්ස් පිල ලකුණු 56කට සීමා කිරීම ජයග්‍රහණයට විශාල දායකත්වයක් විය.

ඒස් කැපිටල් දෙවැනි ඉනිමේදී ලකුණු 105කට දැවී ගියද පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව සෙබස්තියනයිට්ස් පිලට ජයග්‍රහණය පිණිස ලකුණු 225ක ඉලක්කයක් එල්ල විය. එහෙත් සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 177කට දැවී ගියහ. රොෂාන් ජයතිස්ස සෙබස්තියනයිට්ස් පිලේ කඩුලු 12ක් බිදහෙලීමට සමත් වූවේය.

ඒස් කැපිටල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 175 (ඕවර් 52.3)පවන්ත වීරසිංහ 37, සිතාර ගිම්හාන් 21, හර්ෂ කුරේ 23, වනුජ සහන් 33, රොෂාන් ජයතිස්ස 34 (ඉසිත විජේසුන්දර 35/3, චාමිකර එදිරිසිංහ 53/3, දුෂාන් විමුක්ති 13/2)

සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 56 (ඕවර් 24.4)දුෂාන් විමුක්ති 11, ඉසිවර දිසානායක 11, චාමිකර එදිරිසිංහ 12 ( සිතුම් දිසානායක 8/2, රොෂාන් ජයතිස්ස 9/6)

ඒස් කැපිටල් දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 105 (ඕවර් 28.4)රවිඳු රත්නායක 13, සිතාර ගිම්හාන් 55, හර්ෂ කුරේ 13 ( තරිඳු රත්නායක 49/6, චාමිකර එදිරිසිංහ 37/2, දුෂාන් විමුක්ති 15/2)

සෙබස්තියනයිට්ස් පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 50.4)අභිෂේක් ලියනාරච්චි නොදැවී 80, දුෂාන් විමුක්ති 19, චිතම්බරම් ගෞතම් 36 (  රොෂාන් ජයතිස්ස 49/6, වනිඡු සහන් 61/3)

දිල්රුවන්ගෙන් තුන් ඉරියව් දස්කම්

බීආර්සී පිලේ නායක දිල්රුවන් පෙරේරා ශතකයක් හා කඩුලු 4ක් දවාගෙන දැක්වූ දක්ෂතා හේතුවෙන් කොළඹ ක්‍රිකට් සමාජයට ජයග්‍රහණය උදෙසා ලකුණු 226 ඉලක්කයක් එල්ල වෙයි. කොළඹ ක්‍රිකට් සමාජය අද (26) දෙවැනි දිනට තරගය නතර කරද්දී කිසිවෙකු හෝ නොදැවී ලකුණු 2ක් ලබා සිටියේය.

කොළඹ බීආර්සී පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදී පළමු ඉනිමට ලකුණු 207ක් රැස්කළ අතර, දිල්රුවන් පෙරේරා අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 114කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමග ලකුණු 124ක් රැස් කළේය. කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලකුණු 251ක් ලබාගත් අතර එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 86කට කඩුලු 4ක් බිද හෙලීය. බීආර්සී පිල දෙවැනි ඉනිමට ලකුණු 269ක් ලබා ගැනීමට සමත් විය.

බීආර්සී පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 207 (ඕවර් 54.1) අභිෂෙක් රාමන් 41, දිල්රුවන් පෙරේරා 124 ( චතුරංග ද සිල්වා 44/5, අශාන් ප්‍රියංජන 49/2)

කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලකුණු 251 (ඕවර් 52.1)සොනාල් දිනූෂ 44, අශාන් ප්‍රියංජන 93, අන්ජල බණ්ඩාර 21, සඳුන් මෙන්ඩිස් 40 ( මොහොමඩ් සිරාස් 72/4, දිල්රුවන් පෙරේරා 86/4)

බීආර්සී පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 269 (ඕවර් 66.2)රිසිර වීරසූරිය 51, මෝදිත් රණතුංග 22, දුලාජ් අශාන් 28, දිල්රුවන් පෙරේරා 24 ( විශ්ව ප්‍රනාන්දු 30/3, චතුරංග ද සිල්වා 94/2, අශාන් ප්‍රියංජන 51/3)

කොළඹ ක්‍රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 2 (ඕවර් 1)

 

ගාල්ල ලකුණු 115ක් ඉදිරියෙන්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගාල්ල ක්‍රිකට් පිල හා කෝල්ට්ස් අතර තරගයේදී කෝල්ට්ස් පිල පළමු ඉනිමේ ලකුණු 195කට දැවී යෑම හේතුවෙන් අද දෙවැනි දිනය නිමා වෙද්දී ගාල්ල පිල ලකුණු 115ක් ඉදිරියෙන් සිටී.

ගාල්ල ක්‍රිකට් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 242 ( ඕවර් 77.1)ශානුක ගලගොඩ 23, රාගව් ධවාන් 31, ඔෂධ ප්‍රනාන්දු 38, කවිඳු එදිරිවීර 37, බුද්ධීක හසරංග 55 (අකිල ධනංජය 60/4, මල්ක මධුසංඛ 36/3)

කෝල්ට්ස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 195 (ඒවර් 57.2)සංගීත් කුරේ 95, ෂෙරාන් ෆොන්සේකා 24 ( තරූෂ් දුමින්ද 53/2, රාගව් ධවාන් 47/2, කවිඳු එදිරිවීර 12/3)

ගාල්ල ක්‍රිකට් පිල දෙවැනි ඉනිම සියලු කඩුලු 4කට ලකුණු 68 ( ඕවර් 25)ඔෂධ ප්‍රනාන්දු 34, විශ්ව විජේරත්න නොදැවී 21 ( අකිල ධනංජය 34/4)

 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් පිලෙන් ශතක දෙකක්

කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ පැවැත්වෙන පානදුර හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් පිල අතර තරගයේ දෙපිලම පළමු ඉනිමේ පන්දුවට පහරදුන් අතර එහිදී කැන්ඩි පිල  දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 6ක් අතැතිව ලකුණු 87ක් ඉදිරියෙන් සිටී. කාසියේ වාසිය දිනාගත් කැන්ඩි කස්ටම්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය. කැන්ඩි කස්ටම්ස් පිලේ ඉමාල් ලියනගේ හා සහන් කෝසල ශතක වාර්තා කළහ.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 236 (ඕවර් 65.1)සමාත් සෙත් 54, ඉන්දික ද සේරම් 61, නිමේෂ් විමුක්ති 43, කොෂාන් ධනුෂ්ක 22, රජීව් වීරසිංහ 29 ( ගයාන් සිරිසෝම 88/3, යොහාන් මැද්දගේ 55/4)

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් පිල පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 323 (ඕවර් 83)ඉමාල් ලියනගේ 136, මධුර මධුසංඛ 20, සහන් කෝසල නොදැවී 124, මිතුන් ජයවික්‍රම නොදැවී 23 ( අසේල සම්පත් 58/1, ජනිදු ඉනුවර 38/1, කොෂාන් ධනු   ෂ්ක 88/1, නිමේෂ් විමුක්ති 105/1)

 

මීගමුව ලකුණු 39ක් ඉදිරියෙන්

කටුනායක නිදහස් වෙළද කලාපීය ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් පිල අතර තරගයේදී මීගමුව ලකුණු 39ක් ඉදිරියෙන් සිටියේය. කාසියේ වාසිය මීගමුව පිල දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 172 ( ඕවර් 55)උමේෂ් ලක්ෂාන් 74, සචිඳු කොළඹගේ 48 (ඒෂාන් මාලිංග 33/4, ශෂික දුල්ෂාන් 45/4)

රාගම ක්‍රිකට් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 256 (ඕවර් 77)නිශාන් මධුෂ්ක 57, ජනිත් ලියනගේ 57, අවිශ්ක තරිදු 50, සන්තුෂ් ගුණතිලක 29 ( නිශාන් පීරිස් 100/5, උපුල් ඉන්ද්‍රසිරි 85/5)

මීගමුව ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දැවී ලකුණු 123( ඕවර් 42)ජොහාන් ද සිල්වා 43, කවිඳු ඉරෝෂ් 26, දිමුත් සඳරුවන් 26 (ශෂික දුල්ෂාන් 52/3)

 

කුරුණෑගල තරුණ පිල ලකුණු 56ක් ඉදිරියෙන්

කොළඹ එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්සීසී හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයේදී කුරුණෑගල පිල දෙවැනි දිනය නිමා වෙද්දී ලකුණු 56ක් ඉදිරියෙන් සිටී. කාසියේ වාසිය කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සතු විය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 243 (ඕවර් 98.5)කෝසල රවිඳු 20, දිල්හාර පොල්ගම්පොල 93, සනෝජ් දර්ශික 48, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 45 ( අසේල් සිගේරා 32/4)

එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 340 (ඕවර් 65)ළහිරු උදාර 106, කවීන් බන්ඩාර 94, අහන් වික්‍රමසිංහ 39, අම්ෂි ද සිල්වා 20 ( අරවින්ද ප්‍රේමරත්න 60/2, දිලංක අවෝඩ්ට් 72/3, සචින්ත පීරිස් 58/3)

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල දෙවැනි ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 41 (ඕවර් 9)දිල්හාර පොල්ගම්පොල නොදැවී 19 ( ලසිත් ඇඹුල්දෙනිය 7/1)

 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 11ක් ඉදිරියෙන්

බම්බලපිටිය පොල්සි ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 11කින් ඉදිරියෙන් සිටියේය. කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල මුලින් පන්දුවට පහරදීමට හලාවත පිලට ආරාධනා කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 175 (ඕවර් 57.2)කසුන් විදුර 26, රවීන් යසස් 86, කවිඳු නිර්මාණ 21 (දනාල් හේමන්දන 32/2, මලින්ද පුෂ්පකුමාර 62/5, සුපුන් මධුසංඛ 31/2)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 279 (ඕවර් 84.5)දනුජ ඉඳුවර 34, හේසාන් ධනුෂ්ක 142, නලීන් ප්‍රියදර්ශන 20, දනාල් හේමනන්ද 28 ( ලසිත් ලක්ෂාන් 77/7, චමෝද් සඳරූ 40/2)

හලාවත මේරියන්ස් ක්‍රිකට් පිල දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 115 (ඕවර් 37)තරිඳු අමරසිංහ 41, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර නොදැවී 41, නිනාද් කාදම් නොදැවී 19 ( මලින්ද පුෂ්පකුමාර 37/1, ප්‍රියමාල් පෙරේරා 13/1)

 

ගුවන් හමුදාව ලකුණු 94ක් පිටුපසින්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ අද දෙවැනි දිනට නිමාවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා බදුරලිය අතර තරගයේදී ගුවන් හමුදා පිල ලකුණු 94ක් පිටුපසින් සිටියේය. කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. බදුරලිය පිලේ පර්වේස් රසූල් ශතකයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164 (ඕවර් 56.1)මොවින් සුබසිංහ 61, සෙනාෂ් ප්‍රනාන්දු 32 (පර්වේස් රසූල් 75/5, චානක කොමසාරු 50/4)

බදුරලිය පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 331 (ඕවර් 93.3)විෂාර ප්‍රනාන්දු 27, අනුක් ප්‍රනාන්දු 37, පර්වේස් රසූල් 100, අලංකාර අසංක 84, නිර්මාල් රත්නායක 66 (මලිත් ද සිල්වා 85/6, මොවින් සුබසිංහ 65/2)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 73 (ඕවර් 25)කෙමිර විජේනායක 30, උදයවංශ පරාක්‍රම 22 (පර්වේස් රසූල් 37/3)

 

ටැමිල් යූනියන් ලකුණු 175ක් ඉදිරියෙන්

ටැමිල් යූනියන් හා බ්ලූම්ෆීල්ඩ් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ටැමිල් යූනියන් පිල ලකුණු 175ක් ඉදිරියෙන් සිටියේය. කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට ටැමිල් යූනියන් පිලට ආරාධනා කළේය.

ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 158 (ඕවර් 44)දිලුම් සුධීර නොදැවී 32, ශිරාන් ප්‍රනාන්දු 57 ( අදීෂ තිලංචන 22/5, මනෙල්කර් ද සිල්වා 18/2, ජෙෆ්රි වැන්ඩර්සේ 29/2)

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 240 (ඕවර් 82.1)හසිත බොයෙගොඩ 30, කසුන් අබේරත්න 102, මනෙල්කර් ද සිල්වා 22, අදීෂ තිලංචන 33 ( රවිදු ප්‍රනාන්දු 49/4, දිලුම් සුධීර 43/3, ෂම්මු අශාන් 16/2)

ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 257 (ඕවර් 47)නවෝද් පරණවිතාන 81, කමේෂ් නිර්මාල් 45, රොන් චන්ද්‍රගුප්ත 46 ( ළහිරු මධුසංඛ 42/2, ජෙෆ්රි වැන්ඩර්සේ 88/5, හිමේෂ් රාමනායක 16/2)

 

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee