Chamila Karawita reporting from Pallekele
දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 69 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව අද (04 දා) පැවැති තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්විය. මෙම තරගයට පෙර සහසභාගිවුණු තරග 2 ම පරාජයට පත්ව සිටි කැන්ඩි කණ්ඩායම අද ලැබුවේ මෙවර තරගාවලියේදී පළමු ජයග්‍රහණයයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ පන්දුවාර 18.3 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්හ. පන්දු 9 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනිටුහන් වනවිට ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20 කදී ලකුණු 28 ක්ද අසීෆ් අලී පන්දු 8 කදී ලකුණු 16 ක්ද රැස් කරගෙන සිටියහ.
ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී ආරම්භක කඩුල්ලේ ලකුණු 69 ක සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කර ලද්දේ පන්දු 48 ක් පමණි. තනුක දාබරේගේ ස්ථානය වෙනුවෙන් ආදේශ කෙරුනු ෆකාර් සමාන්ගේ පන්දු 26 කදී වාර්තා වුණු ලකුණු 28 ට හතරේ පහර 5 ක් පමණක් ඇතුළත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් අර්ධ ශතකය පෙනි පෙනී දුවද්දී දැවී ගියේය. ඒ වන විටත් පන්දු 29 කට මුහුණ දී සිටි චන්දිමාල් ලබා ගත් ලකුණු 48 සඳහා ඔහු හතරේ පහර 7 ක් ඇතුළත් කර තිබුණේය.
පළමු කඩුල්ලේ සම්බන්ධතාව හැරුණු කොට දඹුල්ල කණ්ඩායමේ පරාජයට හේතු වූ තවත් කරුණක් වූයේ අතිරේක ලකුණු වැඩි සංඛ්‍යාවක් ලබා දීමයි. දමුල්ල පිලෙන් ලකුණු 22 ක් අතිරේක ලකුණු ලෙස වාර්තා වද්දී කැන්ඩි පිලෙන් ලබා දී තිබුණේ අතිරේක ලකුණු 05 ක් පමණකි. එයද තරගයේ ජයග්‍රහණය සඳහා බෙහෙවින් බලපාන සාධකයක් ලෙස සඳහන් කළ හැක.
මෙම තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ලු පළමු ක්‍රීඩකයා බවට පත්වීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත්විය. අද තරගයේදී ලකුණු 29 ක් රැස් කිරීමත් සමඟ අවිශ්ක මෙම කඩඉම ඉක්මවාලූවේය.
ඉනිම ආරම්භ කළ අවිශ්ක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 31 කදී ලකුණු 32 ක් රැස් කළේය. ඒ අනුව මේ වන විටත් අවිශ්ක තරග 32 කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1011 කි. ඉතිහාසයේ එක් ශතකයකට හිමිකම් කියන දකුණත් පිතිකරුවා මේ වන විටත් රැස් කරගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 8 කි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.10 ක් රදවා ගෙන ඇති අවිශ්ක එල්.පී.එල්. ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරගෙන ඇති පිතිකරුවාගේ වාර්තාවටද හිමිකම් කියන්නේය.
කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදි කඩුලු 6 කට ලකුණු 156 ක් ලබා ගත්තේය. අවිශ්ක හැරුණු කොට මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වද්දී තම අන්තය ආරක්ෂා කර ගත් ධනංජය ද සිල්වා පන්දු 39 කදී ලකුණු 61 ක් රැස් කළේය.
6 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ සිට පන්දුවට පහර දීමට පැමිණි ධනංජය අවසන් පන්දුව තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් පන්දුවට පහර දුන්නේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කරමිනි. මෙය ඔහුගේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.
ලකුණු 35 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ධනංජය පිටියට පිවිසෙන විටත් අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ලේ රැඳී සිටි හෙයින් ඔහු සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදි ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ධනංජය සමත්විය. ඉන් නොනැවතුණු දකුණත් පිතිකරුවා ඇලක්ස් රොස් (21) සහ හෙඩ්න් කර් (12*) එක්ව පස්වැනි සහ හයවැනි කඩුලු වලට පිළිවෙළින් ලකුණු 40 සහ 39 වශයෙන් එක් කොට දඹුල්ල පිල ස්ථාවරත්වයකට රැගෙන ආහ.
අද තරගයට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීරගේ පන්දුවාර 4 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වද්දී ඔහු ඉනිමේ වටිනාම කඩුල්ල වූ කුසල් මෙන්ඩිස්ව (07) දවා ගත්තේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු මුජීබ් උර් රෙහ්මාන් පන්දුවාර 4 දී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගනිද්දී ඉසුරු උදාන ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
තරගයේ වීරයා – මුජීබ් උර් රෙහ්මාන්
ලකුණු පුවරුව | |||||||||
දඹුල්ල අවුරා | ල | ප | 4 | 6 | |||||
අවිශ්ක ප්‍රනාන්දු | ඇ.මුජීබ් රහ්මාන් | ප.ඉසුරු උදාන | 32 | 31 | 3 | 1 | |||
කුසල් මෙන්ඩිස් | ඇ.කමිඳු මෙන්ඩිස් | ප.දුෂ්මන්ත චමීර | 7 | 9 | 1 | 0 | |||
සධීර සමරවික්‍රම | කඩුල්ල මුවා කළා | ප.මුජීබ් උර් රෙහ්මාන් | 14 | 6 | 3 | 0 | |||
කුසල් පෙරේරා | කඩුල්ල මුවා කළා | ප.මුජීබ් උර් රෙහ්මාන් | 4 | 5 | 1 | 0 | |||
ධනංජය ද සිල්වා | ඇ.අෂේන් බණ්ඩාර | ප.ඉසුරු උදාන | 61 | 39 | 5 | 3 | |||
අලෙක්ස් රොස් | ප.මොහොමඩ් හස්නේන් | 21 | 18 | 3 | 0 | ||||
හෙඩ්න් කර් | නොදැවී | 12 | 13 | 1 | 0 | ||||
අතිරේක | 5 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු | 156 | ||||||||
කඩුලු වැටීම / 1-14 (කුසල් 2.4), 2-29 (සධීර 3.6), 3-35 (කුසල් පෙරේරා 5.3), 4-77 (අවිශ්ක 11.2), 5-117 (රොස් 15.4) | |||||||||
පන්දු යැවීම | |||||||||
ඇන්ජලෝ මැතිව්ස් 1-0-05-0 | මුජීබ් උර් රෙහ්මාන් 4-0-17-2 | ||||||||
දුෂ්මන්ත චමීර 4-0-40-1 | වනිඳු හසරංග 4-0-23-0 | ||||||||
මොහොමඩ් හස්නේනි 3-0-35-1 | ඉසුරු උදාන 4-0-33-2 | ||||||||
බී – ලව් කැන්ඩි | |||||||||
ෆකාර් සමන් | ඇ.සහ | ප.ධනංජය ද සිල්වා | 28 | 26 | 5 | 0 | |||
දිනේෂ් චන්දිමාල් | දුවද්දී දැවී ගියා | බිනුර/කුසල් මෙන්ඩිස් | 48 | 29 | 7 | 0 | |||
කමිඳු මෙන්ඩිස් | ඇ.සහ | ප.හේඩ්න් කර් | 18 | 20 | 2 | 1 | |||
ඇන්ජලෝ මැතිව්ස් | නොදැවී | 28 | 20 | 2 | 1 | ||||
අසීෆ් අලී | නොදැවී | 16 | 8 | 3 | 0 | ||||
අතිරේක | 22 | ||||||||
එකතුව පන්දුවාර 18.3 කදී කඩුලු 3 කට ලකුණු | 160 | ||||||||
කඩුලු වැටීම / 1-69 (සමාන් 7.6), 2-99 (චන්දිමාල් 11.1), 3-129 (කමිදු 15.6) | |||||||||
පන්දු යැවීම | |||||||||
බිනුර ප්‍රනාන්දු 3-0-21-0 | ධනංජය ද සිල්වා 3-0-16-1 | ||||||||
ශහන්වාස් දහානි 3.3-0-17-0 | රවිඳු ප්‍රනාන්දු 1-0-17-0 | ||||||||
හේඩ්න් කර් 4-0-28-1 | නූර් අහමඩ් 4-0-26-0 | ||||||||