slc
logo
Home   |    News
අගෝස්තු 14, 2023
නවකයින් අපිට හොඳ සහයක් දුන්නා – චාමික

sinhala editor

කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී – ලව් – කැන්ඩි අතර ඉරිදා (13) පැවැති තරගයෙන් කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට පැතුම් නිශ්ශංකට අමතරව නවක තරුණයන් වන නිපුන් ධනංජය සහ මතීෂ පතිරණ දැක් වූ දායකත්වය තමා ඉහළින්ම අගය කරන බව කළම්බු කණ්ඩායමට ප්‍රථමවරට නායකත්වය දුන් වේග පන්දු යවන චාමික කරුණාරත්න ප්‍රකාශ කරයි. මීට අමතරව පාකිස්තානු ජාතික 32 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ් පෙන්වන දක්ෂතා ද චාමික අගය කළේය.

පැතුම් සහ මතීෂ කණ්ඩායමට ඇතුළු වී සිටියත් නිපුන් ධනංජය සහ ඉෆ්තිකාර්ට කණ්ඩායමේ ස්ථානයක් දිය යුතු බවට තමා නායකයා ලෙස තමා කරන ලද ඉල්ලීම සලකා බලමින් කලමකාරීත්වය ඔවුනට එම අවස්ථා ලබා දුන් බව කී චාමික කරුණාරත්න එම ඉල්ලීමේ ප්‍රතිඵල ලැබීම පිළිබඳව තමා සතුටු වන බව ද ප්‍රකාශ කළේය.

“කැන්ඩි කණ්ඩායම පරාජය කිරීමට අපගේ ක්‍රීඩකයන් සියයට සියයක්ම දායකත්වය දීම ගැන මා සතුටු වනවා. කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල මේ තරගයට සහභාගි නොවූයේ ඔහු ආබාධ මතම පසුගිය තරගය ක්‍රීඩා කිරීමෙන් මැහුම් පහක් දමා තිබුණු අතේ පැලුම් ස්ථානය තවත් පළල්ව තිබීම මතයි. අඟහරුවාදා (15) වන විට ඔහු සුවය ලබා සිටියහොත් ක්‍රීඩා කරාවි”  යැයි චාමික කරුණාරත්න කියයි.

“කැන්ඩි නායක වනිඳු අපගේ දඟපන්දු යවන්නන්ට ප්‍රහාරයක් එල්ල කරන බව දැනගෙනත් මා අවදානමක් ගෙන අපගේ දඟපන්දු යවන්නාව මා යෙදෙව්වා. ඒ වගේම ඔහු දවා ගැනීමට අපට අවස්ථාව උදා වූවා. ඒ උත්සාහය සාර්ථක වීම ගැනත් මා සතුටු වනවා” යි චාමික කියයි.

“නිපුන් ධනංජය සහ මතීෂ පතිරණ පිළිබඳව මා මෙහිදී යමක් කිය යුතුයි. මතීෂ වයසින් අඩුවුවත් අයි.පී.එල්. වැනි ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලියන්හි දස්කම් පෙන්වා ලොව පුරා නමක් දිනූ ක්‍රීඩකයෙක්. ඔහු හොඳින් රැක බලාගතහොත් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට එය හේතුවක් වේවි“

“නිපුන් තමා සහභාගි වන තරගය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයෙක්. ඔහු දේශීය තරගාවලියන්හි දස්කම් පෙන්වා ඇති අතරම ශ්‍රී ලංකා ඒ සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට නායකත්වයත් ලබා දී සිටිනවා. මේ තරගාවලියේ ඔහු අතිරේක ක්‍රීඩකයෙකු වුවත්මේ තරගයේදී නිපුන් ලකුණු 40ක් අවශ්‍ය වේලාවේ රැස්කර කණ්ඩායමට ස්ථාවරත්වයක් ලබා දුන්නා.“ ඔහු අතිරේක අයකු ලෙසත් නිහතමානීව අපව උනන්දු කරමින් අවශ්‍ය දේ සපයමින් හා උපදෙස් දෙමින් ක්‍රියා කරනවා මා දැක තිබෙනවා. ඔහුට පැහැදිලි අනාගතයක් ඇති බව මට ස්ථිරයි” යැයිද චාමික කියයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee