slc
logo
Home   |    News
අගෝස්තු 29, 2023
වනිඳුගේ අඩුව පිරවීමේ වගකීම දුෂාන් හේමන්තට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබෙන නමුත් ඔහුගේ ස්ථානයේ පුරප්පාඩුව පියවීම, නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත වෙත පැවැරී තිබේ. අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය අද (29 වැනිදා) පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

දේශීය තරග පිටියේ දක්වන ලද දක්ෂතා වලට අමතරව ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමේ තරග වලදී පා දඟ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හේමන්ත සමත්වීම නිසා වනිඳුගේ ආදේශකයා ලෙස ‌ඔහුට වැඩි වටිනාකමක් ලබා දී තිබේ. තවමත් ඒක්දින තරග 2 කට පපමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා බිඳ හෙළා ඇත්තේ කඩුලු 2 ක් පමණි. 29 හැවිරිදි වියේ පසුවන හේමන්ත දේශීය ඒක්දින තරග 64 කට සහභාගිවෙමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 71 ක් ලෙස සටහන් වේ.

වනිඳු හසරංගට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානතම වේග පන්දු යවන්නන් තිදෙනා වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුශංක යන තිදෙනාටම හෙට ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබේ. මොවුන් තිදෙනාම ආබාධ වලට ගොදුරු වී තිබීම ඊට හේතු වේ. තරගාවලිය සඳහා නම් කරන පළමු සංචිතය සඳහා ඉහත සිව් දෙනාම ඇතුළත්ව සිටියද තරගාවලිය ආරම්භ වන විට ඔවුන් පූර්ණ සුවය නොලබන පසුබිමක සිටින හෙයින් විකල්ප ක්‍රීඩකයින් භාවිතා කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ් අනුව ඒම අඩුව පුරවීම වෙනුවෙන් දුෂාන් හේමන්තට අමතරව කසුන් රජි, ප්‍රමෝද් මදුශාන් සහ බිනුර ප්‍රනාන්දුව කණ්ඩායමට ඒක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්නට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙන සිදුවීමක් වේ.

දරුණු උණ තත්ත්වයකට මුහුණ දී සිටියද කුසල් ජනිත් පෙරේරාගේ සේවය ලබා ගැනීමට තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් පසුවේ. ඔහුගේ තත්ත්වය ඉක්මනින්ම සුව අතට පත්වනු ඇති බවට අපේක්ෂා කරමින් ඔහුව කණ්ඩායමට නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ් අනුව ඔහුගේ උණ තත්ත්වය නිට්ටාවටම සුවවූ පසු ඔහු කණ්ඩායමට ඒකතු වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුශාන්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar