slc
logo
Home   |    News
අගෝස්තු 15, 2023
වනිඳු හසරංග ටෙස්ට් පිටියට ආයුබෝවන් කියයි

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ ක්‍රීඩකයකු ලෙස තම වෘත්තීය ක්‍රිකට් දිවිය දීර්ඝ කර ගැනීම හේතුකොට ගෙන ඉහත තීරණය ගැනීමට හේතු වූ බවයි.

“අපි වනිඳු ගත් තීරණය පිළිගන්නවා වගේම, ඉදිරි අනාගතයේදී සුදු පන්දුවෙන් සිදුකෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවේදී වනිඳුව අත්‍යාවශ්‍ය ක්‍රීඩකයකු වනු ඇතැයි තමා විශ්වාස කරනවා” යැයි වනිඳුගේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියි.

දකුණතින් පා දඟ පන්දු සහ දකුණතින් පන්දුවට පහර දෙනු ලබන වනිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4 ක් නියෝජනය කරමින් කඩුලු 4 ක් දවාගෙන තිබේ. තවමත් 26 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග එක්දින ජාත්‍යන්තර තරග 48 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර 58 කදී ශ්‍රී ලංකාව ‌නියෝජනය කර ඇති වනිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 158 ක් වේ.

පන්දුවට පහර දීමටද හැකියාවක් ඇති වනිඳු අවශ්‍ය අවස්තාවන්වලදී ක්‍රියාත්මක වෙමින් එක්දින තරග ‌අංශය යටතේ අර්ධ ශතක 4 ක් සමඟින් ලකුණු 832 ක්ද විස්සයි-20 තරග වලදී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 533 ක් ද රැස් කරගෙන සිටියි.

නිමාවුණු වසර 2 කට ආසන්න කාලයේදී විස්සයි-20 ලොව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි විටින් විට අංක 1 පන්දු යවන්නා බවට පත්වෙමින් ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනීමට වනිඳු හසරංග සමත්ව සිටින්නේය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest