ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.
තරගාවලිය ආරම්භයට පෙර තරගයකදී එල්ල වන සෑඹ හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මදුලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබා දෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට (Dot Ball) රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිදායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.
ඒ අනුව පළමු තරග 5 තුළදී පමණක් හයේ පහර 50 ක්, හතරේ පහර 129 ක් සහ නිලකුණු පන්දු 494 ක් වාර්තා වී ඇත. ඒ අනුව මේ සියල්ලේ වටිනා කම රුපියල් ලක්ෂ 18 ක් වේ.
හෘද රෝග ඇතුළුව බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම මේ හරහා සිදුවනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතුවන මුදලින් කොටසක්ද ලිට්ල් හාර්ට්ස් අරමදුළට ලබා දීමට තීරණය කර ඇති බවයි.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග අගෝස්තු මස 04 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.