slc
logo
Home   |    News
අගෝස්තු 4, 2023
LPL පළමු තරග 5 න් විතරක් ‘ලිට්ල් හාර්ට්ස්’ වෙත ලක්ෂ 18 ක්

sinhala editor

ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.

තරගාවලිය ආරම්භයට පෙර තරගයකදී එල්ල වන සෑඹ හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මදුලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබා දෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට (Dot Ball) රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිදායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව පළමු තරග 5 තුළදී පමණක් හයේ පහර 50 ක්, හතරේ පහර 129 ක් සහ නිලකුණු පන්දු 494 ක් වාර්තා වී ඇත. ඒ අනුව මේ සියල්ලේ වටිනා කම රුපියල් ලක්ෂ 18 ක් වේ.

හෘද රෝග ඇතුළුව බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම මේ හරහා සිදුවනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතුවන මුදලින් කොටසක්ද ලිට්ල් හාර්ට්ස් අරමදුළට ලබා දීමට තීරණය කර ඇති බවයි.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග අගෝස්තු මස 04 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar