BY CHAMILA KARAWITA
අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ඉන්දීය පිලේ ප්‍රතිවාදීන් බවට පත්වීමට අද (15 දා) රාත්‍රියේදී සමත්වූහ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ලද අතිශය තියුණුකාරී කඩුලු 2 ක ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන ලද්දේ 11 වැනි වතාවට වීමද කැපී පෙනෙයි.
වර්ෂාවෙන් බාධාවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 ක් ඇතුළත ලකුණු 252 ක ඉලක්කයක් හිමි වුණු අතර ඒහිදී කඩුලු 8 ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය පසුකර ගියේ අවසන් පන්දුවේදීය. හෘර්ධ ස්පන්ධනය වඩාත් වැඩි කරවන ලද තරගයක් බවට පත් වුණු මෙම තරගයේදී චරිත් අසලංක විසින් ලකුණ් 2 කට පැති මාරු කරගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.
අවසන් පන්දු 2 දී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 6 ක් අවශ්‍ය වූ අතර ඒම පන්දු දෙක යැවූ සමාන් ඛාන් හමුවේ පස්වැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය දෙසින් පන්දුව හතරේ සීමාවට යැවූ අසලංක අවසන් පන්දුවේදී ෆයින්ලෙග් කළාපයට පන්දුව යොමු කරමින් ලකුණු 2 කට පැති මාරු කර ගත්තේය.
තරගය හමාර වන විට පන්දු 47 කට මුහුණ දී සිටි චරිත් අසලංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 49 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙන ආවේය. තරගයේ අවසන් කොටස අසලංකට ඇදගෙන යෑමට ප්‍රධාන අඩිතාලම ඒක් කළ කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ශතකය පෙනී දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමිනි. පන්දු 87 කට මුහුණ දුන් කුසල් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 91 කට දැවී ගියේ මොහොමඩ් හැරිස්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේය. මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ඔහුට තරගයේ වීරයා සම්මානයෙන්ද හිමිවිය.
දිමුත් කරුණාරත්න වෙනුවට අද තරගයට කැඳවා තිබූ කුසල් පෙරේරා (17) දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියද පැතුම් නිස්සංකට ඒක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57 ක්ද සධීර සමරවික්‍රම සමඟ ඒක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 100 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කුසල්ට අනගි සහායක් ලබා දුන් සධීර පන්දු 47 කදී ලකුණු 49 ක් රැස් කරමින් සිටියදී සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් ඒල්ල කිරීමට යෑමේදී කඩුල්ල අහිමි කර ගත්තේය.
වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ප.ව.5.15 දක්වා ප්‍රමාදව ඇරැඹුණු මෙම තරගයේදී එක් පිළකට පන්දුවාර 45 කට සීමා විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 130 කදී උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. 28 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යැවීමත් සමඟ තරගයට යළිත් බාධා පැමිණීම නිසා තරගය මිනිත්තු කීපයක්ම නතර කර තැබීමට විනිසුරුවන්ට සිදුවිය.
එතෙක් වේලා ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට තිබුණු තරගයේ සියලුම වාසි වර්ෂාවෙන් පසු පාකිස්තානු පිල වෙත අද්දවා ගැනීමට මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් සමත්වූහ. ඒ් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් පවත්වමිනි. මෙය ආසියානු කුසලාන තරගයකදී පාකිස්තානු කණ්ඩායමක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම වාර්තාව ලෙසින්ද සනිටුහන් විය.
මහීෂ් තීක්ෂණ විසින් එවන ලද පන්දුවක් ඉෆ්තිකාර්ගේ පා ආවරණයේ වැදීමේදී ප්‍රබල ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදු කළද එය ප්‍රධාන විනිසුරු නිෂ්ප්‍රභා කළේය. එම නිෂ්ප්‍රභා කිරීමේදී තෙවැනි විනිසුරුගේ විමසීමේ හෙවත් විතීවී අවස්ථාවට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කටයුතු නොකළහ. කෙසේ වෙත්ත පුණරූපණවලට අනුව එය සටහන් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී යෑමක් ලෙසිනි. කෙසේ වෙතත් එම අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබා ගත්තේ නම් ඉෆ්තිකාර්ගේ ඉනිම නිසැකයෙන්ම ලකුණු 21 කදී නවතිනු ඇත.
එහි වාසිය තමන් පිටට හරවා ගත් අංක 7 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉෆ්තිකාර් අහමඩ් තමන් මුහුණ දුන් පන්දු 40 න් ලකුණු 47 ක් උදුරා ගත්තේ තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කර දමමිනි.
මොවුන් දෙදෙනා කෙතරම් හොඳින් පන්දුවට පහර දුන්නේද කිවහොත් එම සම්බන්ධතාව නිසා අවසන් පන්දුවාර 10 දී ලකුණු 106 ක් ඩැහැ ගැනීමට පාකිස්තානු කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ් අනුව වර්ෂාවට පෙර තරග නතර කරන විට පන්දුවාර 27.4 කදී කඩුලු 5 කට ලකුණු 130 ක් ලෙසින් සටහන් වුණු පාකිස්තානු ලකුණු පුවරුව ඉතිරි පන්දුවාර 14.2 කදී සටහන්වූයේ කඩුලු 7 ලකුණු 252 ක් වශයෙනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ මතීෂ පතිරණ වන අතර ඔහු කඩුලු 3 ක් දවා ගත්තේය. අද දිනයේදීත් අවම ලකුණු සංඛ්‍යාවක් දෙමින් වේල්ලාලගේ තම පන්දුවාර 9 ලකුණු 40 කදී කඩුලු 1 ක් වශයෙන් සටහන් කර ගන්නා විටදී මතීෂගේ පන්දුවාර 8 දී ලකුණු 65 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ. කසුන් රජිත වෙනුවට කණ්ඩායමට පැමිණ සිටින ප්‍රමෝද් මදුෂාන් ලකුණු 58 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය.
ලකුණු පුවරුව |
||||||||
පාකිස්තානය | ල | ප | 4 | 6 | ||||
අබ්දුල්ලා ශෆීක් | ඇ.ප්‍රමෝද් මදුෂාන් | ප.මතීෂ පතිරණ | 52 | 69 | 3 | 2 | ||
ෆහාර් සමාන් | ප.ප්‍රමෝද් මදුෂාන් | 4 | 11 | 0 | 0 | |||
බාබර් අසාම් | ස්ට.කුසල් මෙන්ඩිස් | ප.දුනිත් වෙල්ලාලගේ | 29 | 35 | 3 | 0 | ||
මොහොමඩ් රිසාවාන් | නොදැවී | 86 | 73 | 6 | 2 | |||
මොහොමඩ් හැරිස් | ඇ.සහ | ප.මතීෂ පතිරණ | 3 | 9 | 0 | 0 | ||
මොහොමඩ් නවාස් | ප.මහීෂ් තීක්ෂණ | 12 | 12 | 2 | 0 | |||
ඉෆ්තිකාර් අහමඩ් | ඇ.දසුන් ශානක | ප.මතීෂ පතිරණ | 47 | 40 | 4 | 2 | ||
ශදාබ් ඛාන් | ඇ.කුසල් මෙන්ඩිස් | ප.ප්‍රමෝද් මදුෂාන් | 3 | 3 | 0 | 0 | ||
ශහීන් අෆ්රීඩි | නොදැවී | 1 | 1 | 0 | 0 | |||
අතිරේක | 15 | |||||||
ඒකතුව පන්දුවාර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු | 252 | |||||||
කඩුලු වැටීම / 1-09 (සමාන් 4.2), 2-73 (අසාම් 15.6), 3-100 (ශෆීක් 21.4), 4-108 (හැරිස් 23.6), 5-130 (නවාස් 27.4), 6-238 (ඉෆ්තිකාර් 40.3), 7-243 (ශදාබ් 41.2) | ||||||||
පන්දු යැවීම | ||||||||
ප්‍රමෝද් මදුෂාන් 7-1-58-2 | මහීෂ් තීක්ෂණ 9-0-42-1 | |||||||
දසුන් ශානක 3-0-18-0 | දුනිත් වෙල්ලාලගේ 9-0-40-1 | |||||||
මතීෂ පතිරණ 8-0-65-3 | ධනංජය ද සිල්වා 6-0-28-0 | |||||||
ශ්‍රී ලංකාව | ||||||||
පැතුම් නිස්සංක | ඇ.සහ | ප.ශදාබ් ඛාන් | 29 | 44 | 4 | 0 | ||
කුසල් පෙරේරා | දුවද්දී දැවී ගියා | ශදාබ් ඛාන් | 17 | 8 | 4 | 0 | ||
කුසල් මෙන්ඩිස් | ඇ.මොහොමඩ් හැරිස් | ප.ඉෆ්තිකාර් අහමඩ් | 91 | 87 | 8 | 1 | ||
සධීර සමරවික්‍රම | ස්ට.මොහොමඩ් රිස්වාන් | ප.ඉෆ්තිකාර් අහමඩ් | 48 | 51 | 4 | 0 | ||
චරිත් අසලංක | නොදැවී | 49 | 47 | 3 | 1 | |||
දසුන් ශානක | ඇ.මොහොමඩ් රිස්වාන් | ප.ඉෆ්තිකාර් අහමඩ් | 2 | 4 | 0 | 0 | ||
ධනංජය ද සිල්වා | ඇ.මොහොමඩ් වසීම් | ප.ශහීන් අෆ්රිඩි | 5 | 7 | 0 | 0 | ||
දුනිත් වෙල්ලාලගේ | ඇ.මොහොමඩ් රිස්වාන් | ප.ශහීන් අෆ්රිඩි | 0 | 1 | 0 | 0 | ||
ප්‍රමෝද් මදුෂාන් | දුවද්දී දැවී ගියා | රිස්වාන්/සමාන් | 1 | 3 | 0 | 0 | ||
මතීෂ පතිරණ | නොදැවී | 0 | 0 | 0 | 0 | |||
අතිරේක | 10 | |||||||
ඒකතුව පන්දුවාර 42 කදී කඩුලු 8 ක් දැවී ලකුණු | 252 | |||||||
කඩුලු වැටීම / 1-20 (කුසල් පෙරේරා 3.2), 2-77 (නිස්සංක 13.2), 3-177 (සධීර 29.4), 4-210 (කුසල් මෙන්ඩිස් 35.1), 5-222 (දසුන් 37.4), 6-243 (ධනංජය 40.4), 7-243 (වෙල්ලාලගේ 40.5), 8-246 (මදුෂාන් 41.4) | ||||||||
පන්දු යැවීම | ||||||||
ශහීන් අෆ්රිඩි 9-0-52-2 | සමාන් ඛාන් 6-1-39-0 | |||||||
මොහොමඩ් වසීම් 3-0-25-0 | මොහොමඩ් නවාස් 7-0-26-0 | |||||||
ශාදාබ් ඛාන් 9-0-55-1 | ඉෆ්තිකාර් අහමඩ් 8-0-50-3 | |||||||