slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2023
ඉන්දු-පාකිස්තාන් තරගයට කාලගුණය අකාරුණික වෙයි

sinhala editor

සිව් වසරකට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුණ ගැසීමෙන් පසු නැවතත් ජාත්‍යන්තර එක්දින තරග පිටියේදී ඉන්දියාව සහ පාකිස්තානය අද (02 වැනිදා) යළි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී මුණ ගැසුණද එම තරගයේ ප්‍රතිඵලයක් ලබා දීමට තරම් ඒ් අවට කාලගුණිය කාරුණිකව නොවුණි. විටින් විට බාධා ඇති වෙමින් මෙම තරගයේදී ඉන්දීය ඉනිමේ පන්දුවාර 50 ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් පල්ලේකැලේ අහස් කුස ඉඩ ලබා දුන්නේය.

කෙසේ වෙතත් ඒම පන්දුවාර 50 අතර තරගයේදී දෙපිළම ඉතා විශිෂ්ඨ තරගයක නිරත වීම කැපී පෙනුණු නමුත්, තරගයේ ප්‍රතිඵලය සෝදා යෑමේ වාසිය වූයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පාකිස්තානු පිල පත්වීමය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ශහීන් ෂා අෆ්රිඩි ප්‍රමුඛ පාකිස්තානු වේග පන්දු හමුවේ ඉන්දීය ඉදිරි පෙළ අසරණ විය. ඒහිදී නායක ෂර්මා (11), විරාත් කෝලි (04) අෆ්රිඩිගේ පන්දු හමුවේ තරග නරඹන්නන් බවට පත්වූයේ 7 වැනි පන්දුවාරයද අවසන් වීමට මත්තෙනි.

ඒම ආරම්භයත් සමග තරගයට අවතීර්ණ වුණු පාකිස්තානු පන්දු යවන්නෝ පළමු පන්දුවාර 15 අවසන් වීමට මත්තෙන් ඉන්දීය පිලේ කඩුලු 4 ක් ලකුණු 66 ක් ඇතුළත දවා ගත්තේය. ඒහෙත් 5 වැනි කඩුල්ලට ඒක් වුණු ඉෂාන් කිෂාන් සහ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 141 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම ගොඩ නැංවූහ. මේ අතරින් පාණ්ඩ්‍යා ලකුණු 87 ක් සහ කිෂාන් ලකුණු 82 ක් වශයෙන් ලබා ගනිමින් දැවී යනවිට ඉන්දීය ඉනිම ස්ථාවරත්වයකට රැගෙන ඔ්මට ඔවුන් දෙපළ සමත්වී සිටියහ.

ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ඒදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දු – පාකිස්තානු තරගය දැක බලා ගැනීම වෙනුවෙන් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට දහදහසකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටියද දිගින් දිගටම ඇද හැළුණු මඳ වර්ෂාවෙහි වෙනසක් නොවූ හෙයින් ප.ව. 9.52 ට තරගය අත් හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar