slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
තරග කීපයක ප්‍රවේශපත්‍රවල මිල ගණන් පහළට

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ‘සී’ සහ ‘ඩී’ යන ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශ පත්‍රවල විශේෂ මිල අඩු කිරීමක් සිදුකිරීමට තරගාවලි සංවිධායකයින් වන පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙහිදී එම ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශපත්‍රයක් රුපියල් 1000 ක මිල ගණන් යටතේ අලෙවි කෙරෙනු ඇත. සැප්තැම්බර් මස 9, 12, 14 සහ 15 යන දිනවලදී පැවැත්වෙන තරගවලදී පමණක් මෙම විශේෂ මිල අඩු කිරීම සිදු කෙරෙනු ඇත.

කෙසේ වෙතත් සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඉන්දයිාව අතර තරගය මෙන්ම අවසන් මහ තරග පැවැත්වෙන දිනවලදී අදාළ ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශ පත්‍ර පෙර පැවැති මිළ ගණන් යටතේම අලෙවි කෙරෙනු ඇති බව වැඩිදුරටත් දන්වා සිටියි.

ප්‍රවේශ පත්‍ර https://pcb.bookme.pk සබැඳිය වෙත යොමු වෙමින් මෙන්ම කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශපත්‍ර කවුළුවෙන්ද ලබා ගත හැක.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee