slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2023
තුන්දින ලීග් තරගාවලිය යළි හෙට ඇරඹෙයි

sinhala editor

ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා (හෙට) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකඟතාවය ලබා දී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අභියාචානා කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙරට සියලුම දේශීය තරග නවතා දමන ලෙස 2023 අගෝස්තු මස 25 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දෙන ලදී. ඒ් අනුව ඉකත් සැප්තැම්බර් මස 01 වැනිදා සිට දේශීය තරගාවලිය තාවකාලිකව නවතා දැමුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ සිදුකරන ලද කරුණු පැහැදිළි කිරීමකින් පසු ඊට පිළිතුරු ලෙස නැවතත් දේශීය ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරග ආරම්භ කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar