slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2023
දිනුරගේ සුපිරි ඉනිමෙන් යොවුන් පිල ප්‍රභල තැනකට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය අවසනදී ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ දිනුර කලුපහන පන්දු 229 කදී ලකුණු 150 ක් රැස් කරමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් කළ දිනුරගේ ඉනිම බිඳ දැමීමට කොදෙව් කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නකුට නොහැකි විය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 150 සීමාව ඉක්මවාලු හත් වැනි පිතිකරුවා බවට දිනුර අද ඉතිහාස ගත විය.

දිනුරට ප්‍රථම යශෝධ ලංකා (213), චරිත් අසලංක (200), දිනේෂ් චන්දිමාල් (184), පැතුම් නිස්සක (172), අසංක ගුරුසිංග (161) සහ ෂෙහාන් ඩැනියෙල් (155) ලකුණු 150 සීමාව ඉක්මවාලීමට සමත් සෙසු වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කළ පිතිකරුවෝ වෙති.

වර්ෂාවෙන් බාධා ඇතිව පැවැති දෙවැනි දිනයේදී පෙර දිනයේ පන්දුවට පහර දෙමින් සිටි රවිෂාන් නෙත්සර(31), සරුජන් සම්මුගනාදන් (17) සහ විශ්ව රාජපක්ෂ (09) තිදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 215 ක් තිබියදී දැවී ගියද 7 වැනි කඩුල්ලට මල්ෂ තරුපති සමඟ ඒක් වූ දිනුර කලුපමන ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. ඒහිදී මල්ෂ පන්දු 58 කදී වේගවත් ලකුණු 65 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟිනි. තරුපතිගෙන් පසු පිටියට පිවිසි විහස් තෙව්මික කුණු 38 ක් ලබා ගත් අතර ඔහුගේ දැවී යෑමෙන් පසු තවත් පන්දුවක් යැවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම කඩුලු 8 කට ලකුණු 432 කදී ඉනිම අත්හිටුවීය.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 105 කදී කඩුලු 8 කට ලකුණු 432 යි – (දිනුර කලුපහන 150*, පුළිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිෂාන් නෙත්සර 31, රුසඳ ගමගේ 07, සරුජන් ශන්මුගනාදන් 17, විශ්ව රාජපක්ෂ 09, මල්ෂ තරුපති 65, විහස් තෙව්මික 35, විශ්ව ළහිරු 00*, ටරික් ඒඩ්වර්ඩ් 99/3, නේතන් සීලි 100/2, ඉසායි තෝරන් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් ‌අවු. 19 න් පහළ පිල පන්දුවාර 7 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 27 යි – (ඒ්ඩ්‍රියන් වියර් 15, ස්ටීවන් පැස්කල් 05*, ජොෂුවා ඩ්‍රෝන් 06*, විහස් තෙව්මික 07/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest