slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2023
දෙස්-විදෙස් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ‘මාධ්‍ය කුටිය’ කාර්යය බහුල වෙයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වාර්තා කිරීම සඳහා වාර්තාගත මාධ්‍යවේදීන් පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

2011 සහ 2012 වසරේදි ශ්‍රී ලංකාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීම සඳහා ලොව නන්දෙසින් පැමිණි වාර්තාගත ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පැමිණීමෙන් පසු මෙරට මාධ්‍ය ආවරණ කුටියක් පිරී ඉතිරී ගිය පළමු අවස්ථාව වශයෙන දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නම් කළ හැක. ඒ් අනුව මෙම ආසියානු කුසලාන තරගාවලිය දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් 200 කට අධික පිරිසකගෙන් සමන්විතය.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හැරුණු කොට විදෙස් රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 96 දෙනෙක් වන අතර දේශීය මාධ්‍යවේදීන් 117 ක් ද මෙවර තරගාවලිය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් තරග ආවරණ හැඳුණුම්පත් ලබාගෙන සිටිති.

පැමිණ සිටින විදෙස් මාධ්‍යවේදීන් අතර වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් වන අතර ඊට පසු වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ බංග්ලාදේශය සහ පාකිස්තානය නියෝජනය කරමිනි. පළමු වතාවට ආසියානු කුසලාන තරගාවලියක් නියෝජනය කරනු ලබන රට බවට පත්ව සිටින නේපාලය නියෝජනය කරමින්ද මාධ්‍යවේදීන් සිව් දෙනෙකු පැමිණ සිටීම කැපී පෙනෙයි.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරගාවලියේ සත්කාරකත්වය දැරුවද තරගාවලියේ සියලු සංවිධාන කටයුතු  සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලධාරීන් මෙන්ම එහි සේවකයින් විසිනි. තරගාවලියේ සම අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee