slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
පුළිඳු පෙරේරාගෙන් විශිෂ්ඨ ශතකයක්

sinhala editor

Chamila Karawita reporting from Rangiri Dambulla

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ඉතිහාසයේ පිතිකරුවකු රැස් කර ඇති දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පුළිඳු පෙරේරා (155) සමත්වීම ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව අද (සැප්තැම්බර් 01) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ලකුණු 304 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට අවස්ථාව උදාවිය.

එම දැවැන්ත ලකුණු පුවරුවේ නියමුවා බවට පත් වුණු පුළිඳු පෙරේරා ඒ සඳහා පන්දු 140 ක් පමණක් වැය කළේ ඊට අලංකාර හයේ පහර 4 ක් සහ හයේ පහර 17 ක් ද ඇතුළත් කර ගනිමිනි. වයස අවුරුදු 19 න් පහළ තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු තැන රැදී සිටින්නේ 2018 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යානු පිලට එරෙහිව ලකුණු 191 ක් ලබා ඇති හසිත බෝයෙගොඩ වේ.

වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවා මහනුවර ධර්මරාජ විදුහල නියෝජනය කරන්නේය. පළමු වතාවට ජාතික යොවුන් කණ්ඩායමට තේරී පත්ව ඇති පුළිඳු 2022 වසරේදී අන්තර් පාසල් පළමු පෙළ තරගාවලියේදී ලකුණු 1000 ක් සම්පූර්ණ කරමින් පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇත. නිමාවට පත් වුණු අවුරුදු 19 න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක්ද සමඟ ලකුණු 178 ක් ලබා ගනිමින් දක්ෂතම පිතිකරුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉනිම ආරම්භයේ සිටම පන්දුවට පහර දුන් පුළිඳු සමඟ දිර්ඝ සම්බන්ධතා ගොඩනැංවීම සඳහා කිසිදු පිතිකරුවකුගේ සහාය නොලැබිණ. එසේ වූයේ නම් ශ්‍රී ලංකා පිලට මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක ලබා ගැනීමේ අවස්ථාව තිබිණ. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 199 ක් තිබියදී මල්ෂ තරුපතිද දැවී යන විට තවත් ඉනිම අවසන් වීමට තවත් පන්දුවාර 11 පන්දු 2 ක් ඉතිරිව තිබිණ. කෙසේ වෙතත් විහස් තෙව්මිකට එක් වුණු පිළුඳු 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් පවත්වමින් පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදා කර දුන්නේය. මෙහිදී විහස් තෙව්මික පන්දු 30 කදී ලකුණු 28 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ඉනිම 4 6
පුළිඳු පෙරේරා ඇ.නේතන් සීලි ප.නේතන් එඩ්වර්ඩ් 155 140 17 4
විශේන් හැළඹගේ ඇ.සහ ප.ටරික් එඩ්වර්ඩ් 19 13 4 0
සිනෙත් ජයවර්ධන ඇ.ස්ටීවන් පැස්කල් ප.ටරික් ඒඩ්වර්ඩ් 15 28 1 0
රවිෂාන් නෙත්සර ඇ.ස්ටීවන් පැස්කල් ප.ඉසියා තෝර්න් 27 42 4 0
සුපුන් වඩුගේ ඇ.ජොෂුවා ඩෝර්න් ප.නේතන් එඩ්වර්ඩ් 3 10 0 0
දිනුර කලුපහන ඇ.ටරික් එඩ්වර්ඩ් ප.නේතන් එඩ්වර්ඩ් 13 8 3 0
සරුජන් ශම්මුගනාතන් ඇ.ඒ්ඩ්‍රියන් වියර් ප.ඩේෂෝව්න් ජේම්ස් 16 18 1 0
මල්ෂ තරුපති ඇ. නේතන් එඩ්වර්ඩ් ප.ඩේෂෝව්න් ජේම්ස් 7 5 1 0
විහස් තෙව්මික නොදැවී   28 30 3 0
විශ්ව ළහිරු නොදැවී   7 11 0 0
අතිරේක 14  
කතුව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 304
කඩුලු වැටීම / 1-44 (විශේන් 5.3), 2-78 (සිනෙත් 13.5), 3-125 (රවිෂාන් 26.2), 4-138 (සුපුන් 28.4), 5-154 (දිනුර 30.6), 6-189 (සරුජන් 36.6), 7-199 (මල්ෂ 38.4), 8-279 (පුලිඳු 46.4)
පන්දු යැවීම
නේතන් එඩ්වර්ඩ් 9-0-66-3 දේෂෝව්න් ජේම්ස් 10-0-70-2
ටරික් එඩ්වර්ඩ් 10-0-41-2 නේතන් සීලි 9-0-54-0
ඉසායි තෝර්න් 10-1-52-1 මවෙන්ද්‍ර දින්ද්‍යාල් 2-0-15-0

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee