By Chamila Karawita
වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු දරා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (09 දා) තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පළමු තරගයේදී බංග්ලාදේශ පි මුණ ගැසෙනු ඇත. පල්කෙැලේ සහ ලාහෝර්හි පැවැති තරග වලට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකාව හෙට යළිත් බංග්ලාදේශ පිල මුණ ගැසෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගිවන්නේ සුවිශේෂී වාර්තාවක් අභිමුව තබා ගෙනය. ඒ් මෙතෙක් ලොව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් එක දිගට ජයග්‍රහණය කර ඇති ලොව කණ්ඩායම් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා පිලට හෙට තරගයේ ජයග්‍රහණය ප්‍රමාණවත් වන්නේය.
එම සටහනේ ඉදිරියෙන්ම පසුවන්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම වන අතර ඔවුන් 2003 වසරේදී තරග 21 ක් ඒක දිගට ජයග්‍රහණය කරමින් එම වාර්තාවට හිමිකම් කියන්නේය. අවසන් වතාවට ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද ලකුණු 2 ක තියුණු ජයත් සමඟ ශ්‍රී ලංකාව මේ වන විටත් එක පිට තරග 12 ක් ජයග්‍රහණය කර සිටියි. ශ්‍රී ලංකාව ලබා සිටින මෙම ජයග්‍රහණය සංඛ්‍යාව පාකිස්තානය 2008 වසරේදීද දකුණු අප්‍රිකාව 2005 වසරේදීද තරග 12 ක් එක පිට ජය ගනිමින් තබා ඇති වාර්තාව සමකරන්නක් වේ. එබැවින් හෙට තරගය ජය ගතහොත් අවසන් මහ තරග වටමට හොඳ අවස්ථාවක් වගේම වැඩිම තරග සංඛ්‍යාවක් ඒක දිගට ජය ගත් ලොව දෙවැනි කණ්ඩායමට බවට පත්වීමටද ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබෙනු ඇත.
මූලික වටයේදී දෙපිළ හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව අපහසුවකින් තොරවම බංග්ලාදේශය පරාජයට පත් කළේය. එසේ වුවද බංගග්ලාදේශ යනු කිසි විටෙකින් වත් අවතක්සේරුවකින් සැලකිය හැකි කණ්ඩායමක් නොවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායේම ක්‍රීඩකයින්ට මෙන්ම අත්දැකීම් ඇති ලොව පිළිගත් ක්‍රීඩකයින් දෙදෙනකු වන ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම්ගේ සහාය තවමත් ඔවුන් සතුය.
ශ්‍රී ලංකාවට ඇති සතුටුදායකම තත්ත්වය වන්නේ පිතිකරුවන් ලකුණු අතර සිටීමය. දිමුත් කරුණාරත්න මේ ගත කරමින් සිටින්නේ ඔහුගේ වසර ගණනක තරග දිවියේ හොඳම එක්දින වසර තුළය. එක්දින තරග පිටියේ දෙවැනි ආගමනයේදී මේ දක්වා ලකුණු 514 ක් දිමුත් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමන්‍ය 51.40 ක් රඳවා ගනිමිනි. ඔහු පැතුම් නිස්සංක සමඟින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඉටු කරන මෙහෙය කණ්ඩායමට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ප්‍රධාන අඩිතාලම එක් කරන්නකි. ඉකුත් ජුනි මස සිට ශ්‍රී ලංකා පිලේ ඉනිම ආරම්භ කරනු මොවුන් දෙදෙනා තරග 11 කදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 812 කි.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට පිතිකරුවකු ලෙස මෙය අසාර්ථක වසරක් ලෙස හැඳින්විය හැකි වුවත්, නායකත්වය අතින් ගත් කල්හි ඔහු ශ්‍රී ලංකාවට පිටම පිටම තරග 12 ක ජය අත්කර දීමට සමත්ව සිටියි. ඔහු ඉනිම 8 කදී රැස් කරගෙන ඇත්තේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකි. සාමාන්‍ය ලෙස සටහන් කළහොත් ඒය 7.71 ක් වේ.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායෙම් ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටින්නේ දසුන් එම තත්ත්වයෙන් ගොඩ ඒ්ම සඳහා සෑහෙන වෙහෙසක් ගනු ඇති බවයි.
“ඇත්තටම දසුන් මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒ්ම සඳහා මේ මොහොතේ දැඩි කැපවීමකින් යුතුව පුහුණු වීම් කරනවා. අපි හිතනවා අංක 7 ස්ථානයෙන් ඔහු කණ්ඩායමට ඉතා හොඳ දායකත්වයක් ලබා දෙයි කියලා. ඔහු හොඳ ආරම්භයක් ලබාගතහොත් අපිට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකියාව ලැබෙනවා. අපි ඔහුට ඒම ස්ථානය දීලා බලාගෙන සිටිනවා ඔහු කොයි මොහොතක හරි සුපුරුදු රිද්මයට පැමිණෙයි කියලා” යැයි සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.
මේ අතර බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, “මම හිතන්නේ බංග්ලාදේශ පිල සතුව ඉතා ශක්තිමත් පන්දු යැවීමේ බල ඇණියක් සිටිනවා. මේ තරගාවලිය තුළදි මම එය හොඳින් දැක තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන්. ඔවුන් ඉතා ශක්තිමත්. ඒ් වගේම නිවැරදි භාවය විශීෂ්ඨ්‍යි. මට විශ්වාසයක් තියෙනවා ඔවුන්ගේ ඒ් අභියෝගය හමුවේ අපේ ක්‍රීඩකයින් ඉතා හොඳින් සූදානම් වෙලා ඉන්නවා කියලා” යනුවෙනි.
තරගය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස තණතීරුව සාමාන්‍යයෙන් මන්දගාමී ස්වරූපයක් ගනු ලබන තණතීරුවකි. මෙය ගෙවී ගිය දින කීපයේදීම වර්ෂාව හේතුවෙන් වැඩි වේලාවක් වසා තැබීමට සිදුවූ අතර අද දිනයේදී පමණක් ඒය වැඩි වේලාවක් හිරු රශ්මිය වැටීම සදහා ක්‍රීඩාංගණ බලධාරීන් නිරාවරණයකර තිබීම කැපී පෙනිණ. මෙහි පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 267 ක් යනු ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවකි.
මේ සියල්ල එසේ පවතිද්දී තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ මේ දින වල පවතින අධික වර්ෂාවයි. කෙසේ හෝ හෙට දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියක හැකි ප්‍රමාණය සංඛ්‍යෘත්මකව ගතහොත් ඒය 68% ක් ලෙස සටහන් වේ.