ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට එරෙහිව අද (15 දා) පැවැති තරගයෙන් ලකුණු 06 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය බංග්ලාදේශය පිලට වාසි වන ලෙසින් හැසිරුණද එය ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සදහා කිසිදු බලපෑමක් සිදු නොවනු ඇත.
ලකුණු 266 ක ඉලක්කයක් හඹා යෑඹා යෑම සදහා ක්‍රීඩාංගණයට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5 කදී නවතා ලූ බංග්ලාදේශ පන්දු යවන්නෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ බංග්ලාදේශයට පළමු ජයග්‍රහණය අත්කර දුන්හ. ඒ් වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු මුස්ටෆිසූර් රහ්මාන් කඩුලු 3 ක් බිඳ හෙළද්දී ටන්සිම් හසන් සහ මෙහෙදි හසන් කඩුලු 2 ක් බැගින් බිඳ හෙලූහ.
ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත් වුණු ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 133 කදී ලකුණු 121 ක් වාර්තා කළද එය බංග්ලදේශ කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට ප්‍රමාණවත් නොවී. ලකුණු 115 ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවක් මිඩ් විකට් කළාපයට ඉහළින් ක්‍රීඩාංගණයෙන් ඉවතට යැවීමට සැලස් වුවත් ඊළඟ පන්දුවේදී ගිල්ව දවා ගැනීමට ඔහු සමත්වූවේය. ඒ් සමඟම තරගය ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සියල්ල බිඳ වැටිණ.
කෙසේ වෙතත් අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අක්සාර් පටෙල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 34 කදී ලකුණු 42 ක් ලබා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය පෙනන මායිමට රැගෙන ආවද මුස්ටෆිසුර් රෙහ්මාන් ඊට හරස්වීය. ලෝන් ඔ්න් කළාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිඩ් හසන් දිවවිත් උඩ පන්දුව රැක ගන්නා විටත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 12 ක් අඩුවෙන් සිටියේය.
අවසන් මහ තරගයට පෙර ඉන්දීය කණ්ඩායමට පුහුණු තරගයක් ලෙස පැවැති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පස් දෙනෙකු විවේක ගන්වමින් අද තරගයට අවතීර්ණ වුවද ලකුණු 266 ක ඉලක්යක් හඹා ගිය ඉන්දියානුවන්ගේ අවසන් පිතිකරුවා වූ මොහොමඩ් ශාමි දුවද්දී දැවී යෑමකට හසු වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූයේ පන්දුවාර 49.5 කදී ලකුණු 259 ක් වශයෙනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවැති සෑම තරගයකටම වර්ෂාවෙන් බාධා පැමිණුනත් අද තරගය සදහා කිසිදු වැහි බිංදුවකින් තරගයට බාධා නොපැමිණීම කැපී පෙනිණ. ඉලක්කය හඹා යෑමේදී නායක රෝහිත් ෂර්මා ලකුණු නොලබාද තිලක් වර්මා ලකුණු 05 කදී දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 17 ක් ලෙසින් සටහන්ව තිබිණ.
ඉන්දීය ඉනිමේ නැන්ගුරම බවට පත්වූ ශුබ්මන් ගිල් කේල් රාහුල් සමඟ ඒද්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් බංග්ලාදේශ පන්දු යවන්නන් යළි තරගයට අවතීර්ණ වීම නිසා මුලු ලකුණු සංඛ්‍යාව 139 ක් වන විට කඩුලු 5 ක්ම ඉන්දීය ඉනිමේ ගිලිහී ගියේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 265 ක් ලබා ගැනීමට සමත්විය. ඉනිමේ නැන්ගුරම බවට පත්වූ ශකීබ් අල් හසන් පන්දු 856 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 80 ක් ලබා ගත්තේය.
පළමු කඩුලු 4 ම ලකුණු 59 කට බිඳ වැටී තිබියදී පිටියට ඒක් වූ ශකීබ් අල් හසන් සහ ටව්හිඩ් රිඩෝයි 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 101 ක් ලබා බංග්ලාදේශ ඉනිම ගොඩ ගත්හ. මෙහිදී රිඩෝයි ලකුණු 54 ක් ලබා ගත්තේය.
පන්දු 81 ක් ඒ් සඳහා වැය කළ රිඩෝයි සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සරසා ගත්තේය. පසු පෙළින් පැමිණි නසුම් අහමඩ් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් ද මෙහෙදි හසන් පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 29 ක් රැස් කර ගත්තේ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යමිනි.
බංග්ලාදේශය ලන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 265 යි – (ශකීබ් අල් හසන් 80, ටව්හිඩ් රිඩෝයි 54, නසුම් අහමඩ් 44, මෙහෙදි හසන් 29*, ටන්සින් හසන් 14*, ශර්දුල් ඨාකූර් 65/3, මොහොමඩ් සාමි 32/2)
ඉන්දියාව පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 259 යි – (ශුබ්මන් ගිල් 121, ලෝකේෂ් රාහුල් 19, සූර්යකුමාර් යාදව් 26, අක්සාර් පටෙල් 42, මුස්ටෆිසූර් රෙහ්මාන් 50/3, ටන්සිම් හසන් 32/2, හෙහෙදි හසන් 50/2)