slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.

ජාත්‍යන්තර මට්ටමට මේ වන විට පිවිස සිටින මුල් කාලයේදී වුවද මතීෂ පතිරණ නව පන්දුව දක්ෂ අයුරින් යැවීමට යෝග්‍ය තත්ත්වයකට පත්ව සිටින බව පැවසූ ශ්‍රී ලංකා පුහුණුකරු ඉදිරියේදී මේ තරුණ පන්දු යවන්නා හොඳින් දක්ෂතා පෙන්වනු ඇතැයි ද කීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වීමෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පන්දු යැවීමේ දිගු පුහුණුවක් ලබා ගත් මොහු පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා වඩාත් ප්‍රගුණ කර ගනිමින් මේ වන විට පන්දු යැවීමේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ උපරිම තත්ත්වයකට පත්වෙමින් සිටින බව ද ඔහු කියයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පිළිබඳව සිය අදහස් දැක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු ජයග්‍රහණය කරා යායුතු ලකුණු ප්‍රමාණය අඩු වුවත් එය පහසු කාර්යයක් නොවූ බවත් කණ්ඩායම් දෙකේම ඉදිරි පෙළ පිතිකරුවනට නව පන්දුවට මුහුණදීම අසීරු කාර්යයක් වූ බව ද පැවසීය.

“පල්ලේකැලේ තණතිල්ල හොඳ තත්ත්වයක පැවැතියත් නව පන්දුවට මුහුණදීම එහි මඳක් අපහසු වූවා. තරගයේ කාසියේ වාසිය දිනුවා නම් ගත යුතු තීරණය පිළිබඳව අප සාකච්ඡා කළත් අපට මුලින් පන්දු යැවීමේ අවස්ථාව හිමි වූවා. අපගේ පන්දු යවන්නන් සහ මැදපෙළ පිතිකරුවන් තම කාර්යය හොඳින් ඉටු කිරීම නිසා අපට පහසු ජයග්‍රහණයකට යාමට අවස්ථාව උදා වූවා.“

“බංග්ලාදේශ කණ්ඩායමේ වමත් සහ දකුණත් පිතිකරුවන් රැසක් සිටියත් ඊට උචිත අයුරින් අප සතුව පිට දඟපන්දු සහ පා දඟපන්දු යවන්නන් සිටීම වාසියට කරුණක්. අප ඉදිරියේදී සකස් කරගත යුතු ප්‍රධාන අංගයක් වන්නේ පන්දු රැකීම මීට වඩා දියුණු කර ගැනීමයි. අපගේ පන්දු රැකීමේ පුහුණුකරුවන් මේ වන විට අදාළ කටයුතු සිදු කරගෙන යනවා. මේ තරගයේදී අසීරු උඩ පන්දුවක් ගිළිහුනත් ඉන්පසු කටයුතු හොඳින් සිදු වූවා.“

ආබාධ තත්ත්වයෙන් පසුව වනිඳු හසරංග නැවත පුහුණු තරගවලින් පසුව නැවත කණ්ඩායමට එක්වේවි. ඔහුගේ දක්ෂතා කණ්ඩායමට අවශ්‍යයි. මේ වන විට එම හිස්තැන දුනිත් වෙල්ලාලගේ පුරවනු ඇති යැයි ද ක්‍රිස් සිල්වර්වුඩ් පැවසීය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar