slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2023
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවා රන් දිනන අවසන් සටනට එති

sinhala editor

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (25) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතය. ඉන්දීය පිල අද සහභාගී වු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 8කින් පරාජය කොට අවසන් තරගයට පිවිසීමට සමත් වූවේය.

ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ ජයගතහොත් ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකාව සතු වන අතර, යම් හෙයකින් පරාජයට පත් වුවහොත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම ලක්මාතාව ඉදිරියේ සටහන් කරනු ඇත. මෙතෙක් අවස්ථා දෙකකදී ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් පැවැති අතර, 2014දී කොරියාවේ ඉන්චියෝන් ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා කාන්තා පිල ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එබැවින් මෙවර අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මෙතෙක් ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ හොදම ප්‍රතිළුලය ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමේ සූදානමින් පසුවේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩා උලෙළේ අර්ධ අවසන් පූර්ව වටයේදී තායිලන්ත කාන්තා පිල කඩුලු 8 කින් පරාජය කොට අවසන් පූර්ව වටයට පිවිසියහ.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට පාකිස්තාන කාන්තා පිලට ආරාධනා කළ අතර, එහිදී පාකිස්තාන කාන්තා පිල ඕවර් 20 කදී කඩුලු 9කට ලකුණු 75ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දු 21ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ලකුණු 77ක් ලබා ගත්හ. හයේ පහරකින් ජයග්‍රහණය තහවුරු කළ නිලක්ෂී ද සිල්වා නොදැවී ලකුණු 18ක් ලබාගත් අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියාය.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකාරිණී නායිකා චමරි අතපත්තු පන්දු 19කදී හතරේ පහර 2ක් සමග ලකුණු 14ක් ලබා සිටියදී දවා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, අනතුරුව අනුෂ්කා සංජීවනී ලකුණු 15ක් ලබා සිටියදී දැවී ගියාය. විශ්මි ගුණරත්න යළිත් අසාර්ථක වෙමින් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වු අතර, හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂී ද සිල්වා පන්දු 51කදී ලකුණු 35ක සබඳතාවක් සිවුවැනි කඩුල්ලට එක්කිරීමෙන් ඉනිම ශක්තිමත් විය.

පාකිස්තාන කාන්තා පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් පන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 21කට කඩුලු 3ක් හා කවීෂා දිල්හාරී ලකුණු 15කට කඩුලු 2ක් බිඳ හෙලූහ.

පාකිස්තාන කාන්තා පිල කඩුලු 9කට ලකුණු 75 (ඕවර් 20)  – සෙවලේ සුල්ෆිකර් 16, ඔමයිමා සොහෙයිල් 10, මුනීබා අලී 13 ( උදේශිකා ප්‍රබෝධනී 21/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 13/1, අචිනි කුලසුරිය 7/1,  ඉනෝකා රණවීර 11/1, කවීෂා දිල්හාරී 15/2)

ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 4කට ලකුණු 77 (ඕවර් 16.3)  – චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂී ද සිල්වා නොදැවී 18  ( සාදියා ඉක්බාල් 13/1, ඩියන්ග් බායිග් 16/1, උම් ඊ හානී 19/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar