slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2023
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වතාවට එංගලන්ත කාන්තා පිල පරදවති

sinhala editor

තරගාවලියේ අපරාජිතව තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වූ දෙවැනි විස්සයි-20 තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට අද (02 දා) සමත්විය. මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරනවා පමණක් නොව, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ෂීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවට කදිම සාක්ෂියක්ද සපයන්නේය.

චෙල්ස්ම්ෆෝර්ඩ් හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 40 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදින් හමුවේ ලබා දෙමිනි. මෙම තරග ජය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් එංගලන්ත කණ්ඩායමක් පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සනිටුහන් විය.

ශ්‍රී ලංකාව මීට පෙර 2014 වසරේ ඉන්දියාවේ පැවැති පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේදී ඒංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුල්ලක් තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වීම හැරුණු කොට ජාත්‍යන්තර තරගයකදී ඔවුන්ව පරාජයට පත් කරන ලද දෙවැනි අවස්ථාව ලෙසින් අද තරගය වාර්තා පොත් අතරට ඒක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 31 කදී වේගවත් ලකුණු 55 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් එක් කළාය. ලකුණු 10 ක්ව තිබියදී අනුෂ්කා සංජීවනී (01) දැවී ගියද හර්ෂිතා සමරවික්‍රමට එක් වුණු චමරි පන්දු 47 කදී ලකුණු 69 ක සම්බන්ධතාවත් පවත්වමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම් දැමූහ.

හර්ෂිතා සමරවික්‍රම එල්ල කරන ලද හයේ පහරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් වන විට ඇය පන්දු 35 කදී ලකුණු 30 ක් ලබා සිටියාය.

පිතිකාරිණියන්ගේ දක්ෂතාවයට පෙර එංගලන්ත කණ්ඩායමට තරගය මඟ හැරුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම නිසාය. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ෂනී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි ඒංගලන්ත පිතිකාරිණියන්ට අභියෝගයක් වෙමින් පන්දු යැවීම නිසා පන්දුවාර 18 ක් ඇතුළතදී ඒංගලන්ත ඉනිම ලකුණු 104 කට සීමා වීම. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ චමරි අතපත්තු ඒක් කඩුල්ලක් පමණක් දවා ගත්තද ඇය යවන ලද පන්දුවාර 3 දී ලකුණු 11 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනැමා තිබුණාය.

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැන් තරගාවලියේ තීරණාත්මක තීරණය දෙස බලා සිටිනු ඇත.

ලකුණු පුවරුව

එංගලන්ත කාන්තා පිල 4 6
ඩැනී වෙට්   ප.චමරි අතපත්තු 1 4 0 0
මායියා බවුචියර් ඇ.කවීෂා දිල්හාරි ප.ඉනූෂි ප්‍රනාන්දු 12 10 2 0
ඇලිස් කැප්සේ ඇ.දිනූෂි ප්‍රනාන්දු ප.සුගන්දිකා කුමාරි 3 9 0 0
හීතර් නයිට් ඇ.සහ ප.ඉනෝකා රණවීර 14 16 2 0
ඇමී ජෝන්ස් කඩුල්ල මුවා කළා ප.ඉනෝකා රණවීර 12 12 2 0
ෆ්‍රෙයා කෙම්ප් ස්ට.අනුෂ්කා සංජීවනී ප.කවීෂා ද්ලිහාරි 2 2 0 0
ඩැනියෙල් ගිබ්සන් ඇ.ඉනෝකා රණවීර ප.ඉනූෂි ප්‍රනාන්දු 34 26 4 0
චාර්ලි ඩීන්   ප.උදේශිකා ප්‍රබෝධනී 0 4 0 0
සාරා ග්ලෙන් ඇ.අනුෂ්කා සංජීවනී ප.කවීෂා දිල්හාරි 13 12 1 0
ඉසී වොංග්   ප.උදේශිකා ප්‍රබෝධනී 13 12 1 0
කේට් ක්‍රොස් නොදැවී   1 2 0 0
අතිරේක 3  
ඒකතුව පන්දුවාර 18 කදී සියලු දෙනා දැවී ලකුණු 104
කඩුලු වැටීම / 1-06 (වෙට් 0.6), 2-15 (කැප්සෙි 3.3), 3-21 (බවුචියර් 4.1), 4-41 (ජෝන්ස් 7.5), 5-46 (කෙම්ප් 8.2), 6-48 (නයිට් 9.2), 7-65 (ගිබ්සන් 11.6), 8-66 (ග්ලෙන් 12.5), 9-99 (වොංග් 17.2)
පන්දු යැවීම
චමරි අතපත්තු 3-0-11-1 උදේශිකා ප්‍රබෝධනී 3-0-19-2
ඉනෝෂි ප්‍රනාන්දු 4-0-16-2 සුගන්ධිකා කුමාරි 2-0-16-1
ඉනෝකා රණවීර 3-0-25-2 කවීෂා දිල්හාරි 3-0-17-2
ශ්‍රී ලංකා කාන්තා පිල
චමරි අතපත්තු ඇ.කේට් ක්‍රොස් ප.ඇලිස් කැප්සි 55 31 8 2
අනුෂ්කා සංජීවනී ඇ.චාර්ලි ඩීන් ප.ඩැනියල් ගිබ්සන් 1 4 0 0
හර්ෂිතා සමරවික්‍රම නොදැවී   30 35 3 1
විශ්මි ගුණරත්න නොදැවී   18 15 4 0
අතිරේක 6  
ඒකතුව පන්දුවාර 13.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 110
කඩුලු වැටීම / 1-10 (අනුෂ්කා 1.3), 2-79 (චමරි 9.2)
පන්දු යැවීම
කේට් ක්‍රොස් 2.2-0-33-0 ඩැනියල් ගිබ්සන් 1-0-09-1
චාර්ලි ඩීන් 2-0-19-0 ඉසී වොංග් 2-0-24-0
සාරා ග්ලෙන් 3-0-11-0 ඇලිස් කැප්සි 3-0-14-1

 

 

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee