slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2023
ආසියානු රෝදපුටු ක්‍රිකට් අනුශූරයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ස්තූතිය පළ කරති

sinhala editor

නේපාලයේ පැවැත්වුණු රෝද පුටු ක්‍රිකට් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම, නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු හිමිකරගත් කුසලානද සමඟ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානය වෙත පැමිණියේය. හමුදාවේ සිටියදී ක්‍රියාන්විත රාජකාරි අතරතුර පූර්ණකාලීනව ආබාධිත වූ මෙන්ම රිය අනතුරු හේතුවෙන් ආබාධිත වුණු තරුණයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් වූ සියලු වියදම් දරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වන අතර ඒ වෙනුවන් කෘතගුණ සැලකීමක් ලෙස ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් කීප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියහ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා සහ ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරුන් මුණ ගැසී සුහද කතා බහක නිරත වූහේ තමන් තමන් විසින් ලක් මාතාවට දිනා දුන් ආසියානු අනුශූරතා කුසලානයද සමගිනි.

ඔක්තෝම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 5 ක සහභාගිත්වයෙන් පැවැත්විණ. මූලික වටය යටතේ බංග්ලාදේශ පිලට සහ නේපාල පිලට ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහ තරග වරම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීම නිසා අනුශූරතා කුසලානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

දෙපයේ වාරු නොමැති වුවද තරුණ හත් තුළ කැටිව තිබෙන අප්‍රමාණ සිතේ හයියද සමඟින් රෝද පුටු කණ්ඩායම පිහිටුවාලීමේදී අවශ්‍ය උපකරණ සොයා ගැනීම මොවුන් මුහුණ දුන් ප්‍රධානම ගැටලුව බවට පත්ව තිබිණ. සංචාරයකට සහභාගිවීම තමා ක්‍රිකට් උපකරන මිලදී ගැනීම වෙනුවෙන් වූ මුදල්ද රෝද පුටු කණ්ඩායම සතු නොවීය.

කෙසේ වෙතත් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින් ඊට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ආම්පන්න පමණක් නොව පුහුණුවීම් කටයුතු නේපාලයට යෑමට සහ ඒමට කණ්ඩායමේ 17 දෙනාට අවශ්‍ය ගුවන් ප්‍රවේෂ පත්‍රද ලබාදීමට කටයුතු යෙදීය. ඒ සදහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 2.3 කට අධික මුදලක් වැය කළ අතර ඊට අමතරව වසරකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක්ද ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුක විධායක කමිටුව කටයුතු යෙදීය.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee