slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2023
හිටපු ක්‍රිකට් උප භාණ්ඩාගාරික ලූෂන් මිරින්නගේ ජීවන ඉනිමට සමුදෙයි

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන තනතුරු රැසකට පණ පෙවූ ප්‍රකට පරිපාලකයකු වූ ලූෂන් මිරන්නගේ මහතා සිය ජීවන දිවි ගමනට සමුදී තිබේ. මිය යන විට 81 වැනි විය පසුකරමින් සිටි ඒ මහතා හිටපු උප භාණ්ඩාගාරිකවරයකු ලෙස මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවද නියෝජනය කළ අයෙකි.

පළමුව 1998 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික ලෙස පත්වන මිරන්නගේ මහතා 2005 වන තෙක් වූ කාලයේදී එම ධුරයේ කටයුතු කරනු ලැබිය. 1942 වසරේ නොවැම්බර් මස 06 වැනිදා උපත ලද මිරන්නගේ මහතා, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරනු ලබන විනය කමිටුවේද වසර ගණනාවක් කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රෙමේය  මෙහෙයක් ඉටු කිරීමට දායකත්වයක් දැක්වූ අයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දරන ලද තනතුරුවලට අමතරව ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසින් වසර 8 කට වැඩි කාලයක් කටයුතු කළ ඒ මහතා දෙවැනි පෙළ කොටස නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කැලණිය ක්‍රිකට් ක්‍රීඩා සමාජය නිර්මාතෘවරයා ලෙසින් මෙන්ම මුත්වෝල් ක්‍රීඩා සමාජයහි සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

නවලෝක සමූහායතනයේද සාමාන්‍යාධිකාරීවරයකු ලෙසින්ද කටයුතු කළ මිරින්නගේ, වත්තල ශාන්ත අන්තෝනි විදුහලින් ගුරුහරුකම් ලබා ගත්තේය. මාලනී මිරින්නගේ මැතිණියව සිය ජීවන ගමනේ සහකාරිය කරගත් මිරින්නගේ මහතා දරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් පිය සෙනෙහස ලබා දුන්නේය. ඒ මහතාට වැඩිමහලු දියණිවරුන් තිදෙනෙකු සහ එක් පුතණුවකු සිටියි. ක්‍රිස්ෂ්මලීන්, සමීරා, ටාරිකා දියණිවරුන් තිදෙනා වන අතර සුරීන් ඔහුගේ එකම පුත්‍රයා වෙයි.

මෙරට ක්‍රිකට් පරිපාලනයට සදාදරණීය මතකයන් රැසකටම හිමිකම් කියන මිරින්නගේ මහතා අවසන් කටයුතු ඔක්තෝම්බර් මස 12 වැනිදා දළුගම ෆ්‍රැන්සිස් දෙව්මැදුරේදී සිදුකිරීමට නියමිත අතර ප.ව. 3.00 ට කැලණිය, ගෝණවල පාරේ අංක 207/10A දරණ ඒ මහතාගේ නිවසෙන් දේහය රැගෙන යනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar