slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
ශ්‍රී ලංකාව පළමුව  පන්දුවට පහර දෙයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරයේදී කාසියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්විය. නායකයා ලෙස පත්ව කටයුතු කරන පළමු තරගයේදීම කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට මෙන්ඩිස් සමත්වීම කැපි පෙනිණ.

ලක්නව්හි පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණව සිටියි. හිටපු නායක දසුන් ශානක ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටින බැවින් ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද මතීෂ පතිරණ වෙනුවට ළහිරු කුමාරද අවසන් 11 දෙනා අතරට එක්ව සිටිති.

කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා දිවා කාලයේදී පන්දුවට පහර දීම වාසි සහගත බව පෙනී යන බැවින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බව සඳහන් කර සිටියේය. ප්‍රතිවාදී කඳවුරේ නායකයා වන පැට් කමින්ස් ද සඳහන් කර සිටියේ කාසියේ වාසිය තමන් සතු වූයේ නම් පළමුව පන්දුවටපහර දීමට කටයුතු කරන බවයි.

අද තරගයට දෙපිළම අවතීර්ණ වන්නේ මෙතෙක් සහභාගිවුණු තරග 2 ම පරාජයට පත් වෙමින්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට නම් අද තරගයේ ජය දෙපිළටම ඉතාම තීරණාත්මක වනු ඇත.

අද තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩයම සහ දකුණ අප්‍රිකාව අතර තරගය පැවැති තණතීරුවේදී වේ. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්වූවේය. පස්වත්වක් ලෝක ශූරයින් බවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර තරග වාරයේදී ඉතාමත් පහළ ලකුණු වේගයක් රඳවා ගෙන සිටින බැවින් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේය. ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් පෙරේරා, 3. කුසල් මෙන්ඩිස් (නායක), 4. සධීර සමරවික්‍රම, 5. චරිත් අසලංක, 6. ධනංජය ද සිල්වා, 7. චාමික කරුණාරත්න, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. ඩිල්ෂාන් මදුශංක, 11. ළහිරු කුමාර.

ඔස්ට්‍රේලියාව – 1.මිචෙල් මාෂ්, 2. ඩේවිඩ් වෝනර්, 3. ස්ටීව් ස්මිත්, 4. මානස් ලබුෂේන්, 5. ජොෂ් ඉංග්ලිෂ්, 6. ග්ලෙන් මැක්ස්වෙල්, 7. මාකස් ස්ටොයිනිස්, 8. මිචෙල් ස්ටාර්ක්, 9. පැට් කමින්ස්, 10. ඇඩම් සම්පා, 11. ජොෂ් හේස්ල්වුඩ්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee