slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
එස්.එස්.සී.-  එන්.සී.සී. – බී.ආර්.සී. ජය වාර්තා කරති  

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (12) දිනයේදී බී.ආර්.සී., එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ. බී.ආර්.සී. කඩුල්ලකින් නුගේගොඩ පරාජය කළ අතර එස්.එස්.සී. පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කෝල්ට්ස් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 62කින් පරාජයට පත් කරමිනි. එන්.සී.සී. – චිලව් මේරියන්ස් තරගයෙන් එන්.සී.සී.ට කඩුලු තුනක ජයක් අත් විය.

  • බී.ආර්.සී. තියුණු තරගයකින් පසු කඩුල්ලකින් නුගේගොඩ පරාජය කරයි.

මේ තරගයේ ප්‍රථම ඉනිමේදී කණ්ඩායම් දෙකම ලකුණු 178 බැගින් සම ලකුණු රැස් කළ අතර දෙවන ඉනිමේදී තියුණු තරගයකින් පසු බී.ආර්.සී. ජය ගත්තේ කඩුල්ලකිනි. දෙවන ඉනිමේදී බී.ආර්.සී. වෙනුවෙන් දුවිඳු තිලකරත්න ලකුණු 48කට කඩුලු පහක් දවාලු අතර නිමද මධුශංඛ ලකුණු 33ක් රැස් කළේය.

බී.ආර්.සී. මුල් ඉනිම 178 – (චලන ද සිල්වා 43, කෙවින් පෙරේරා 33, දුෂාන් හේමන්ත 50/4, මොහමඩ් ශිරාෂ් 31/3යි)

නුගේගොඩ මුල් ඉනිම 178 – (ලක්ෂාන් ගමගේ 58, රිසිරි වීරසිංහ 37, චලන ද සිල්වා 47/4, තිලකරත්න සම්පත් 60/3යි)

නුගේගොඩ දෙවන ඉනිම පන්දුවාර 47.1කදී සියල්ල දැවී 131යි  – (රුමේෂ් බුද්ධික 29, කෙවින් පෙරේරා 21, රාහුල් ගුණසේකර 19, චලන ද සිල්වා 19, දුවිඳු තිලකරත්න 48/5, ජනිත් සිල්වා 11/2, මොහමඩ් ශිරාෂ් 16/2යි)

බී.ආර්.සී. දෙවන ඉනිම පන්දුවාර 34.3කදී කඩුලු 9ට 132යි – (නිමඳ මධුශංඛ 33, දිල්රුවන් පෙරේරා 21, ලක්ෂාන් ගමගේ 20, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 14, සුවත් මෙන්ඩිස් 28/3, ළහිරු ගමගේ 43/2යි)

  • එස්.එස්.සී. ඉනිමකින් සහ ලකුණු 62කින් කෝල්ට්ස් පරාජය කරයි.

එස්.එස්.සී. මේ තරගයෙන් ඉනිමක හා ලකුණු 62ක පහසු ජයක් ලැබීය. තෙවන දිනයේදී එස්.එස්.සී. වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 86ක් රැස් කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 47කට කඩුලු පහක් ද ලක්සිත වනසිංහ ලකුණු 34කට කඩුලු තුනක් ද දවාලුහ.

කෝල්ට්ස් ප්‍රථම ඉනිම 131 – ( ධනංජය ලක්ෂාන් 60, ප්‍රභාත් ජයසූරිය 33/4, ලක්සිත වනසිංහ 49/3)

එස්.එස්.සී. මුල් ඉනිම පන්දුවාර 61කදී කඩුලු 8ට 304 – (මනෝජ් සරත්චන්ද්‍ර 86, අවිශ්ක ප්‍රනාන්දු 36, ලක්සිත වනසිංහ 26, අකිල ධනංජය 134/5, ධනංජය ලක්ෂාන් 38/2)

කෝල්ට්ස් දෙවන ඉනිම පන්දුවාර 27.1කදී සියල්ල දැවී 111යි – (කවිශ්ක අංජුල 41, ධනංජය ලක්ෂාන් 19, ප්‍රභාත් ජයසූරිය 47/5, ලක්ෂිත වනසිංහ 34/3යි)

  • එන්.සී.සී. කඩුලු තුනකින් චිලව් මේරියන්ස් පරාජය කරයි.

එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 79කට කඩුලු 4ක් දවාලමින් ද අංක තුන පිතිකරු කවින් බණ්ඩාර පන්දු 109කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 87ක් රැස් කරමින් ද දෙවන ඉනිමේදී දක්ෂතා දැක් වූහ.

චිලව් මේරියන්ස් මුල් ඉනිම 208 – (ලසිත් ලක්ෂාන් 67, පුලින තරංග 33, ලසිත් ඇඹුල්දෙණිය 48/2, යුගීෂ දිල්ෂාන් 26/2)

එන්.සී.සී. මුල් ඉනිම 226යි – (නිරෝෂන් දික්වැල්ල 105, සහන් ආරච්චිගේ 36, ලසිත් ලක්ෂාන් 60/4, අවිඳු තීක්ෂණ 69/2යි)

චිලව් මේරියන්ස් දෙවන ඉනිම පන්දුවාර 81.2කදී 214යි – (කසුන් විදුර 65, ලසිත් ලක්ෂාන් 32, පුලින තරංග 47, ලසිත් ඇඹුල්දෙණිය 79/4, අෂේන් ඩැනියල් 52/3)

එන්.සී.සී. දෙවන ඉනිම පන්දුවාර 40.3කදී කඩුලු 7ට 200යි – (කවිඳු බණ්ඩාර නොදැවී 87, උපුල් තරංග 47, නිරෝෂන් දික්වැල්ල 23, ලසිත් ලක්ෂාන් 77/3, චමෝද් සඳරු 61/2යි)

  • සී.සී.සී. – කැන්ඩි කස්ටම් තරගයේ විසඳුමක් නෑ

ජය පැරැදුමින් තොරව අවසන් වූ මේ තරගයේදී සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 146කදී හතරේ හතක් හයේ හතක් සමඟ ලකුණු 144ක් රැස් කිරීමට සමත් විය.

කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම 258 – (දේශාන් ඩයස් 62, සහන් කෝසල 50, යොහාන් මැද්දගේ 47, අසිත ප්‍රනාන්දු 49/6)

සී.සී.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 73කදී කඩුලු 6ට 398යි  – (මිනෝද් භානුක 144, ලසිත් කෘස්පුල්ලේ 67, කවිඳු මෙන්ඩිස් 57, පවන් රත්නායක නොදැවී 53, ගයාන් සිරිසෝම 78/2, යොහාන් මැද්දගේ 83/3යි)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම පන්දුවාර 9.3කදී කඩුලු 3ට 52යි – (ඉමල් ලියනගේ 33, විශ්ව ප්‍රනාන්දු 24/3යි)

  • ගෝල් – නිගම්බු තරගය ජය පැරැදුමින් තොරව නිම වේ

නිගම්බු කණ්ඩායමේ නිශාන් පීරිස් (10/4) සහ ධනුෂ්ක සඳරුවන් (15/3යි) දක්ෂ පන්දු යැවීම හමුවේ ගෝල් දෙවන ඉනිම ලකුණු 35කට කඩුලු හතක් දැවී තිබියදී තරගය නිමාවට පත් විය.

 නිගම්බු මුල් ඉනිම 133 – (දිල්ෂාන් මුණවීර 52, සචිත්‍ර පෙරේරා 28/4)

ගෝල් මුල් ඉනිම 169 – (විශ්ව විජේරත්න 28, බුද්ධික හසරංග 39, මලීෂ සිල්වා 21, නිශාන් පීරිස් 42/5, උපුල් ඉන්ද්‍රසිරි 44/3)

නිගම්බු දෙවන ඉනිම පන්දුවාර 78කදී කඩුලු 6ට 278 – (දිල්ෂාන් මුණවීර 57, පසිඳු ලක්ශංඛ 67, ඇන්ජලෝ ජයසිංහ 65, ජේටින් සක්සේනා නොදැවී 41, සචිත්‍ර පෙරේරා 83/3, සහන් අදීෂ 75/2)

ගෝල් දෙවන ඉනිම පන්දුවාර 22.2කදී කඩුලු 7ට 35යි – (නිශාන් පීරිස් 10/4, ධනුෂ්ක සඳරුවන් 15/3යි)

  • ගුවන් හමුදාව – ටැමිල් යුනියන් තරගය ජයපරාජ නෑ

ජය පැරැදුමින් තොරව අවසන් වූ මේ තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ රවිඳු ප්‍රනාන්දු ශතක රැස් කිරීම විශේෂත්වයකි.

ගුවන් හමුදාව මුල් ඉනිම 238 – (රොස්කො තටිල් 63, අභිමන්යු චව්හාන් 86, දිලුම් සුධීර 74/4, විජයකාන්ත් වියස්කාන්ත් 29/3යි)
ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 64.1කදී 308 – (නවෝද් පරණවිතාන 109, රවිඳු ප්‍රනාන්දු නොදැවී 100, ලසිත් අබේරත්න 46, ළසඳ රුක්මාල් 54/3, ගීත් කුමාර 46/2)

ගුවන් හමුදාව දෙවන ඉනිම පන්දුවාර 50.2කදී 198 – (අභිමන්යු චව්හාන් 68, ගීත් කුමාර 39, චානක රුවන්සිරි 31, විජයකාන්ත් වියස්කාන්ත් 53/4, ශිරාන් ප්‍රනාන්දු 16/2යි)

  • පොලීසිය – සෙබස්ටියනයිට්ස්

සෙබස්ටියනයිට්ස්ට මේ තරගය ජය ගැනීමට දෙවන ඉනිමේදී ලකුණු 188ක් අවශ්‍ය වේ. අද (12) තරගයේ දෙවන දිනයයි.

පොලීසිය මුල් ඉනිම 181 පන්දුවාර 40.4යි – (හෙෂාන් ධනුෂ්ක 45, අෂේන් බණ්ඩාර 67, සුපුන් මධුශංඛ 15, චාමික එදිරිසිංහ 61/4, ඉසිත විජේසුන්දර 20/3)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 198 පන්දුවාර 42.3යි – (අදීෂ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, ප්‍රමෝද් මධුවන්ත 17, මාලින්ද පුෂ්පකුමාර 88/7)

පොලීසිය දෙවන ඉනිම පන්දුවාර 66.1කදී 204යි – (ප්‍රියමල් පෙරේරා 90, චතුරංග කුමාර 44, අෂේන් බණ්ඩාර 26, දුෂාන් විමුක්ති 68/6යි)

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම කිසිවකු නොදැවී 01

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee