slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2023
නිරෝෂන් දික්වැල්ල ශතකය අභියස

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තවත් තරග කිහිපයක් අතුරින් අද පැවැති එන්.සී.සී. – චිලව් මේරියන්ස් තරගයේදී එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 96කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවී ලකුණු 85ක් රැස් කරමින් ශතකය අභියස සිටියේය.

ගුවන් හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයේදී ගුවන් හමුදාවේ අභිමන්යු චව්හාන් පන්දු 124කදී හතරේ 11ක් හයේ දෙකක් සමඟ ලකුණු 86ක් රැස් කළේය.

අද තරග පහක් ආරම්භ වූ අතර තවත් තරග කිහිපයක් හෙට (11) සහ අනිද්දා (12) ඇරැඹේ. අයහපත් කාලගුණයෙන් මේ තරගාවලියට වරින් වර බාධා ඇති විණි.

පන්දු යවන්නන් කිහිපදෙනකුම අද කඩුලු හතර බැගින් දවාලීමට සමත් විණි.

  • නිගම්බු – ගෝල්

ගෝල් කණ්ඩායමේ සචිත්‍ර පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (28/4) නිගම්බු ප්‍රථම ඉනිම ලකුණු 133කට සීමා විණි.

 නිගම්බු මුල් ඉනිම පන්දුවාර 57.4කදී සියල්ල දැවී 133යි  – (දිල්ෂාන් මුනවීර 52, ඇන්ජලෝ ජයසිංහ 18, ජේටින් සක්සේනා 15, සචිත්‍ර පෙරේරා 28/4, පසිඳු මධුශාන් 15/2යි)

ගෝල් ප්‍රථම ඉනිම පන්දුවාර 32කදී කඩුලු 2ට 71යි – (ඉරෝස් සමරසූරිය 22, බුද්ධික හසරංග නොදැවී 20, විශ්ව විජේරත්න නොදැවී 18, උපුල් ඉන්ද්‍රසිරි 18/1යි)

  • චිලව් මේරියන්ස් – එන්.සී.සී.

එන්.සී.සී. ආරම්භක පිතිකරු හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල මේ තරගයේදී පන්දු 96කට මුහුණ දී හතරේ පහක් හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය.

 චිලව් මේරියන්ස් මුල් ඉනිම පන්දුවාර 57.1කදී සියල්ල දැවී 208  – (ලසිත් ලක්ෂාන් 67, පුලින තරංග 33, රවීන් යසස් 26, චමෝද් සඳරු 26, කවිඳු නිර්මාණ 25, චාමික ගුණසේකර 42/2, රවීන් සේයර් 42/2, ලසිත් ඇඹුල්දෙණිය 48/2, යුගීෂ දිල්ෂාන් 26/2)

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 32කදී කඩුලු 3ට 132යි  – ( නිරෝෂන් දික්වැල්ල නොදැවී 85, උපුල් තරංග 22, ළහිරු උදාර 13, චමෝද් සඳරු 43/2යි)

  • කැන්ඩි කස්ටම් – සී.සී.සී.

සී.සී.සී. කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු ලකුණු 32කට කඩුලු හතරක් දවාලීම මත ප්‍රථම දින තරගය නිම වන විට කැන්ඩි කස්ටම් කඩුලු 7කට ලකුණු 178ක් පමණක් ලබා සිටියේය.

 කැන්ඩි කස්ටම් මුල් ඉනිම පන්දුවාර 50කදී කඩුලු 7ට  178යි  – (දේශාන් ඩයස් නොදැවී 36, ඉමල් ලියනගේ 32, සහන් කෝසල 50, මළිඳු මධුරංග 17, අසිත ප්‍රනාන්දු 32/4, අෂාන් ප්‍රියංජන් 37/2)

  • ගුවන් හමුදාවටැමිල් යුනියන්

ගුවන් හමුදාවේ අභිමන්යු චව්හාන්  පන්දු 127කදී හතරේ 11ක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 86ක් රැස් කරමින් හුදකලා සටනක නිරතවීම මත ප්‍රථම දින තරගය නිම වන විට ගුවන් හමුදාව කඩුලු හතකට ලකුණු 172ක් ලබා සිටියේය.

ගුවන් හමුදාව පන්දුවාර 41කදී කඩුලු 7ට 172  – (අභිමන්යු චව්හාන් 86, ගීත් කුමාර 23, චානක රුවන්සිරි 18, රොස්කො තටිල් නොදැවී 17, දිලුම් සුධීර 51/2, විජයකාන්ත් වියස්කාන්ත් 19/2, රවිඳු ප්‍රනාන්දු 58/2යි)

  • නුගේගොඩබී.ආර්..

බී.ආර්.සී. කණ්ඩායමේ දුෂාන් හේමන්ත දක්ෂ පන්දු යැවීමක නිතරවෙමින් ලකුණු 50කට කඩුලු හතරක් දවාලීමෙන් නුගේගොඩ කණ්ඩායමට ලකුණු 176කට දැවී ගියේය.

 නුගේගොඩ පන්දුවාර 56.2කදී සියල්ල දැවී 178 – (චලන ද සිල්වා 43, කෙවින් පෙරේරා 32, සුවත් මෙන්ඩිස් 25, රුමේෂ් බුද්ධික 23, දුෂාන් හේමන්ත 50/4, මොහමඩ් ශිරාෂ් 31/3, දුවිඳු තිලකරත්න 39/2)

බී.ආර්.සී. ප්‍රථම ඉනිම කිසිවකු නොදැවී 05 – (පන්දුවාර 2යි)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee