slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2023
බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි.

මොවුන් මෙම ජයග්‍රහණ අත්කර ගත්තේ බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරමින් සහ නුගේගොඩ ඉනිමකින් සහ ලකුණු හතරකින් පාණදුර පහසුවෙන්ම පරදවමිනි.

බී.ආර්.සී. – කැන්ඩි කස්ටම් තරගයේදී බී.ආර්.සී. ජයග්‍රහණයට උරදුන් ප්‍රධානම ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දුෂාන් හේමන්ත සහ දිල්රුවන් පෙරේරාය. දුෂාන් හේමන්ත ප්‍රථම ඉනිමේදී ලකුණු 57කට කඩුලු හයක් ද දෙවන ඉනිමේදී ලකුණු 62කට කඩුලු තුනක් ද දවා සම්පූර්ණ තරගයේදී කැන්ඩි කස්ටම් පිතිකරුවන් අසීරුතාවයකට පත් කළේ කඩුලු නවයක් දවාලමිනි. දිල්රුවන් පෙරේරා ඉනිම දෙකේදී කඩුලු දෙක බැගින් දවා දෙවන ඉනිමේදී ලකුණු 62ක් ද රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

නුගේගොඩ – පාණදුර තරගයේදී නුගේගොඩ ප්‍රථම ඉනිම පුරාම දක්ෂතා දක්වමින් තම කරපිටින් කණ්ඩායම ගෙන ගිය නායක රුමේෂ් බුද්ධික ලකුණු 126ක් රැස් කළේ පන්දු 298කට මුහුණදී හතරේ දෙකක් සහ හයේ පහර හතරක් සමඟය. පාණදුර කණ්ඩායමට දෙවන ඉනිමේදී ද ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණකි. එහිදී චලන ද සිල්වා ලකුණු 73කට කඩුලු හතරක් ද සුවත් මෙන්ඩිස් ලකුණු 40කට කඩුලු තුනක් ද දවාලුහ.

සී.සී.සී. සහ නිගම්බු අතර තරගයේදී  ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේදී සී.සී.සී. කණ්ඩායමට ලකුණු 291ක් අවශ්‍ය වුවත් තරගය අයහපත් කාලගුණය මත නතර කරන විට ඔවුන් කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු 13කි.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගගේ වැඩිමහල් සොහොයුරු චතුරංග ද සිල්වා මේ තරගයේ නිගම්බු දෙවන ඉනිමේදී ලකුණු 62කට කඩුලු හතරක් දවාලමින් දස්කම් පෑවේය.

මුවර්ස් – එන්.සී.සී. තරගයේදී මුවර්ස් මුල් ඉනිමේ 398ට පිළිතුරු ලෙස එන්.සී.සී. 190කට දැවී ගිය හෙයින් ඉනිමක පරාජයෙන් ගැලවීමට එන්.සී.සී. දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහරදී කඩුල්ලකට ලකුණු 112ක් ලබා සිටියේය.  එහිදී ආරම්භක පිතිකරු ළහිරු උදාර නොදැවී ලකුණු 78ක් රැස් කිරීමට සමත්විය.

යුද හමුදා- එස්.එස්.සී. තරගයේදී යුද හමුදාවේ අසේල ගුණරත්න (105) මුල් ඉනිමේදීත්, දෙවන ඉනිමේදී ෂෙහාන් ප්‍රනාන්දු (121) සහ දිනේෂ් චන්දිමාල් (103) ලකුණු අතර පසුවිය. එස්.එස්.සී. වෙනුවෙන් ප්‍රථම ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 136ක් ලැබීය.

රාගම සහ ගෝල් කණ්ඩායම් දෙක අතර තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 800 ඉක්මවමින් පිතිකරුවන්ගේ පාරාදීසියක් බවට පත් කළහ. රාගම මුල් ඉනිමේ ලකුණු 403ට ප්‍රබල පිළිතුරක් දුන් ගෝල් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු සංඛ්‍යාව 369කි.

  • බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි.

බී.ආර්.සී. මුල් ඉනිම 242 (පන්දුවාර 63.2) – (දුල්ෂාන් උදයංග 71, රිසිර වීරසිංහ 49, ජනිත් සිල්වා 28, දුෂාන් හේමන්ත 21, ගයාන් සිරිසෝම 53/5, ඉමේෂ් උදයංග 78/4)

කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම 157 (පන්දුවාර 29.1) – (සහන් කෝසල 37, ඉමේෂ් උදයංග 24, රශ්මික මධුශංඛ 22, දුෂාන් හේමන්ත 57/6, දිල්රුවන් පෙරේරා 37/2යි)

බී.ආර්.සී. දෙවන ඉනිම පන්දුවාර 65කදී 284යි – (දිල්රුවන් පෙරේරා 85, ලක්ෂාන් ගමගේ 35, දුෂාන් හේමන්ත 29, රිසිර වීරසූරිය 39, අභිෂේක් රාමන් 40, ජනිත් සිල්වා 22, මිතුන් ජයවික්‍රම 66/4, බුද්ධික සංජීව 45/2, ඉමේෂ් උදයංග 57/2යි)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම පන්දුවාර 59.2කදී 224යි – (ඉමල් ලියනගේ 89, මළිඳු මදුරංග 53, සමීන් කඳනආරච්චි 22, සහන් කෝසල 20, මොහමඩ් ශිරාෂ් 31/4, දුෂාන් හේමන්ත 62/3, දිල්රුවන් පෙරේරා 56/2)

  • සී.සී.සී. – නිගම්බු

  නිගම්බු මුල් ඉනිම 274 (පන්දුවාර 83.2) – (මිලාන් සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24, අෂේන් සිල්වා 20, අෂාන් ප්‍රියංජන් 68/3, අසිත ප්‍රනාන්දු 86/2, චතුරංග ද සිල්වා 33/2)

සී.සී.සී. මුල් ඉනිම පන්දුවාර 62.3කදී 207යි – (පවන් රත්නායක 77, නිමේෂ ගුණසිංහ 31, සොනල් දිනුෂ 30, අෂාන් ප්‍රියංජන් 18, චතුරංග ද සිල්වා 17, උපුල් ඉන්ද්‍රසිරි 49/5, ධනුෂ්ක සඳරුවන් 32/2)

 නිගම්බු දෙවන ඉනිම පන්දුවාර 76.4කදී 217යි – (මිලින්ද සිරිවර්ධන 51, ජේටින් සක්සේනා 39, උපුල් ඉන්ද්‍රසිරි 23, අෂේන් සිල්වා 29, මාධව වර්ණපුර 17, චතුරංග ද සිල්වා 62/7, ලක්ෂාන් සඳකැන් 46/2)

සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 1ට 13යි (පන්දුවාර 4යි) –

  • මුවර්ස් – එන්.සී.සී. ජය පරාජ නෑ

 මුවර්ස් ප්‍රථම ඉනිම පන්දුවාර 112කදී ලකුණු 398යි – (පසිඳු සූරියබණ්ඩාර 83, කවිඳු කුලසේකර 74, ජනිෂ්ක පෙරේරා 71, සොහාන් ඩි ලිවේරා 68, මොහමඩ් ශිරාෂ් 36, ලසිත් ඇඹුල්දෙණිය 129/5)

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 35.5කදී 190යි – ( නිරෝෂන් දික්වැල්ල 75, ලසිත් ඇඹුල්දෙණිය 32, විනුක රූබසිංහ 21, අහන් වික්‍රමසිංහ 20, ප්‍රවීන් ජයවික්‍රම 24/4, රමේෂ් මෙන්ඩිස් 62/3, මිලාන් රත්නායක 20/3යි)

 එන්.සී.සී. දෙවන ඉනිම පන්දුවාර 17.1කදී කඩුලු 1ට 112යි – (ළහිරු උදාර නොදැවී 78, විනුක රූබසිංහ නොදැවී 26, ළහිරු සමරකෝන් 26/1යි)

  • යුද හමුදාවඑස්.එස්.සී. ජය පරාජ නෑ

 යුද හමුදාව ප්‍රථම ඉනිම 243 (පන්දුවාර 56.3යි) – (අසේල ගුණරත්න 105, ලක්ෂාන් එදිරිසිංහ 67, පැතුම් කුමාර 30, ලක්ෂිත මනසිංහ 28/3, දසුන් ශානක 48/3, නිසල තාරක 55/2යි)

එස්.එස්.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 77කදී 394යි – (කුසල් මෙන්ඩිස් 136, අවිශ්ක ප්‍රනාන්දු 83, ලක්ෂිත මනසිංහ 40, චමිඳු වික්‍රමසිංහ 37, මනෝජ් සරත්චන්ද්‍ර 32, ෂෙවොන් ඩැනියල් 32, සුමිඳ ලක්ෂාන් 74/3, සෙහද සොයිසා 48/2)

යුද හමුදාව දෙවන ඉනිම පන්දුවාර 81කදී කඩුලු 4ට 341යි – (ෂෙහාන් ප්‍රනාන්දු 121, දිනේෂ් චන්දිමාල් 103, අෂාන් රන්දික 42, අසේල ගුණරත්න නොදැවී 29, සුමිඳ ලක්ෂාන් නොදැවී 22, කවිඳු නදීෂාන් 30/2යි)

  • ාගම – ගෝල් තරගය ජය පරාජ නෑ

රාගම ප්‍රථම ඉනිම පන්දුවාර 88.5කදී 403යි – (අවිශ්ක තරිඳු 106, ජනිත් ලියනගේ 78, සංතුෂ් ගුණතිලක 78, ශෂික දුල්ෂාන් 61, සමිඳ ප්‍රනාන්දු 60, සහන් අදීෂ 78/2, පසිඳු මධුෂාන් 83/2, උමේග චතුරංග 47/2යි)

 ගෝල් ප්‍රථම ඉනිම පන්දුවාර 114.5කදී 369යි – (ඕෂද ප්‍රනාන්දු 93, ඉරෝෂ් සමරසූරිය 101, බුද්ධික හසරංග 70, විශ්ව විජේරත්න 22, සංතුෂ් ගුණතිලක 34/4, ශෂික දුල්ෂාන් 117/3)

 රාගම දෙවන ඉනිම පන්දුවාර 17කදී කඩුලු 1ට 85යි – (නිශාන් මධුශ්ක නොදැවී 35, ජනිත් ලියනගේ නොදැවී 31, සචිත්‍ර පෙරේරා 44/1)

  • නුගේගොඩ ඉනිමකින් සහ ලකුණු 4කින් පාණදුර පරාජය කරයි

 පාණදුර මුල් ඉනිම 146 (පන්දුවාර 58.4යි) – (රොෂාන් විජේනායක 27, රමිඳ විජේසූරිය 23, සමාර්ත් සෙත් 21, දිල්ෂාන් අබේසිංහ 17/4, චලන ද සිල්වා 39/4)

 නුගේගොඩ මුල් ඉනිම පන්දුවාර 111.4කදී කඩුලු 9ට 325යි – (රුමේෂ් බුද්ධික 126, රමිත ලියනආරච්චි 85, තිලකරත්න සම්පත් 42, නිමේෂ් විමුක්ති 109/6, ජනිඳු ඉඳුවර 61/2යි)

 පාණදුර දෙවන ඉනිම පන්දුවාර 60.1කදී 175 – (රමිඳ විජේසූරිය 83, ඉන්දික ද සේරම් 26, නිමේෂ් විමුක්ති 20, චලන ද සිල්වා 73/4, සුවත් මෙන්ඩිස් 40/3යි)

  • ැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගය ජය පරාජ නෑ

ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 76.5කදී කඩුලු 9ට 301යි – (සධීර සමරවික්‍රම 112, රවිඳු ප්‍රනාන්දු 96, ධනංජය ද සිල්වා 45, ලසිත් අබේරත්න 21, චාමිකර එදිරිසිංහ 93/5, දුෂාන් විමුක්ති 71/2, තරිඳු රත්නායක 88/2යි)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම පන්දුවාර 83.2කදී 225 – (ප්‍රමෝද් මධුවත්ත 62, නවිඳු විතානගේ 56, තරිඳු රත්නායක 25, ලොහාන් ද සොයිසා 16, දිලුම් සුධීර 84/5, ධනංජය ද සිල්වා 35/3)

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee