slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2023
මිලින්ද – අවිශ්ක – අසේල ප්‍රථම දින ශතක ලබති

sinhala editor

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (127) රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු (106) සහ අසේල ගුණරත්න (105) ශතක රැස් කළහ. නිගම්බු – සී.සී.සී. තරගයේදී නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන පන්දු 179කදී හතරේ 17ක් සමඟ ලකුණු 127ක් ද රාගම – ගෝල් තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු පන්දු 127කදී හතරේ 12ක් සමඟ ලකුණු 106ක් ද යුද හමුදා – එස්.එස්.සී. තරගයේදී යුද හමුදාවේ අසේල ගුණරත්න පන්දු 141කදී හතරේ 12ක් හයේ තුනක් සමඟ ලකුණු 105ක් ද වාර්තා කිරීමට සමත් විණි.

කැන්ඩි කස්ටම් – බී.ආර්.සී. තරගයේදී කැන්ඩි කස්ටම් කණ්ඩායමේ ගයාන් සිරිසෝම ලකුණු 53කට කඩුලු පහක් ද බී.ආර්.සී කණ්ඩායමේ දුෂාන් හේමන්ත ලකුණු 57කට කඩුලු හයක් දවාලමින් දක්ෂතා දැක් වූහ. පාණදුර – නුගේගොඩ තරගයේදී නුගේගොඩ කණ්ඩායමේ දිල්ෂාන් අබේසිංහ සහ චලන ද සිල්වා කඩුලු හතර බැගින් දවාලීමෙන් පාණදුර කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 146කි.

සී.සී.සී. – නිගම්බු

නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන මේ තරගයේදී පන්දු 179කට මුහුණදී හතරේ පහර 17ක් සමඟ ලකුණු 127ක් රැස් කිරීමට සමත් විය.

නිගම්බු මුල් ඉනිම පන්දුවාර 83.2කදී 274යි – (මිලින්ද සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24, අෂේන් සිල්වා 20, නිශාන් පීරිස් 19, අෂාන් ප්‍රියංජන් 68/3, අසිත ප්‍රනාන්දු 86/2, චතුරංග ද සිල්වා 33/2)

සී.සී.සී. මුල් ඉනිම කඩුලු 1ට 3යි – (ධනුෂ්ක සඳරුවන් 2/1යි)

  • කැන්ඩි කස්ටම් – බී.ආර්.සී.

ගයාන් සිරිසෝම (කැන්ඩි කස්ටම් 53/5) සහ දුෂාන් හේමන්ත (බී.ආර්.සී. 57/6) මේ තරගයේදී පන්දු යැවීමේදී දක්ෂතා දැක්වීමට සමත් විණි.

බී.ආර්.සී. මුල් ඉනිම පන්දුවාර 63.2කදී 242යි – (දුල්ෂාන් උදයංග 71, රිසිර වීරසිංහ 49, ජනිත් සිල්වා 28, දුෂාන් හේමන්ත 21, අභිෂේක් රාමන් 21, ගයාන් සිරිසෝම 53/5, ඉමේෂ් උදයංග 78/4)

කැන්ඩි කස්ටම් පන්දුවාර 29.1කදී 157යි – (සහන් කෝසල 37, ඉමේෂ් උදයංග 24, රශ්මික මධුශංඛ 22, දුෂාන් හේමන්ත 57/6, දිල්රුවන් පෙරේරා 37/2, දුවිඳු තිලකරත්න 43/2යි)

  • රාගම – ගෝල්

මේ තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු ලකුණු 106ක් ද (පන්දු 127යි හතරේ 12යි) ජනිත් ලියනගේ 70 සහ සංතුෂ් ගුණතිලක (නොදැවී 50යි) ලකුණු රැස් කිරීමේදී දක්ෂතා දැක් වූහ.

රාගම මුල් ඉනිම පන්දුවාර 68කදී කඩුලු 6ට 310යි – (අවිශ්ක තරිඳු 106, ජනිත් ලියනගේ 78, සමිඳ ප්‍රනාන්දු 60, සංතුෂ් ගුණතිලක නොදැවී 50, පසිඳු මධුශාන් 49/2, සචිත්‍ර පෙරේරා 54/1යි)

  • පාණදුර – නුගේගොඩ

නුගේගොඩ කණ්ඩායමේ දිල්ෂාන් අබේසිංහ සහ චලන ද සිල්වා කඩුලු හතර බැගින් දවාලීම මත පාණදුර ඉනිම ලකුණු 146කට සීමා විණි.

පාණදුර මුල් ඉනිම පන්දුවාර 58.4කදී සියල්ල දැවී 146යි – (රොෂාන් විජේනායක 27, රමිඳ විජේසූරිය 23, සමාර්ත් සෙත් 21, සුකිත් මනෝජ් 20, දිල්ෂාන් අබේසිංහ 17/4, චලන ද සිල්වා 39/4යි)

නුගේගොඩ මුල් ඉනිම පන්දුවාර 29කදී කඩුලු 3ට 70යි – (තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 15, නිමේෂ් විමුක්ති 29/3යි)

  • ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස්

මේ තරගය ප්‍රථම දින අද පැවැත් වූයේ පන්දුවාර 24.3ක් පමණකි.

ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 24.3කදී කඩුලු 4ට 103යි – (ධනංජය ද සිල්වා 45, සධීර සමරවික්‍රම නොදැවී 32, ලසිත් අබේරත්න නොදැවී 16, තරිඳු රත්නායක 32/2)

  • ගුවන් හමුදාව – බ්ලුම්ෆීල්ඩ්

බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ සහන් නානායක්කාර (22/3) සහ ජෙෆ්රි වැන්ඩසේ (45/3) දක්ෂ පන්දු යැවීම මත ගුවන් හමුදා ප්‍රථම ඉනිම 140කට සීමා විණි.

ගුවන් හමුදාව මුල් ඉනිම පන්දුවාර 45.1කදී සියල්ල දැවී 140 – (ගීත් කුමාර 53, අභිමන්යු චව්හාන් 28, අභිෂේක් ආනන්ද කුමාර 14, සහන් නානායක්කාර 22/3, ජෙෆ්රි වැන්ඩසේ 45/3යි)

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම පන්දුවාර 38කදී කඩුලු 6ට 116යි – (අදීෂ තිලංචන නොදැවී 39, හසිත බෝයගොඩ 35, නිපුන් කරුණාරත්න නොදැවී 25, මොවින් සුබසිංහ 27/2, ලසඳ රුක්මාල් 43/2, චතුර රන්දුනු 12/2යි)

  • එන්.සී.සී. – මුවර්ස්

මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (83) ජනිෂ්ක පෙරේරා (71) සොහාන් ඩි ලිවේරා (68) සහ කවිඳු කුලසේකර (නොදැවී 50යි) අර්ධ ශතක රැස් කිරීම මත මුවර්ස් කණ්ඩායමට ප්‍රථම ඉනිමේදී කඩුලු 4කට ලකුණු 32.2ක් (පන්දුවාර 85යි) ලබා ගැනීමට අවස්ථාව උදා විණි.

මුවර්ස් ප්‍රථම ඉනිම පන්දුවාර 85කදී කඩුලු 4ට 322යි – (පසිඳු සූරියබණ්ඩාර 83, ජනිෂ්ක පෙරේරා 71, සොහාන් ඩි ලිවේරා 68, කවිඳු කුලසේකර නොදැවී 50, අෂේන් ඩැනියල් 73/2)

  • යුද හමුදාව – එස්.එස්.සී.

යුද හමුදාවේ අසේල ගුණරත්න මේ තරගයේදී පන්දු 141කදී හතරේ 17ක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය.

යුද හමුදාව මුල් ඉනිම පන්දුවාර 56.3කදී සියල්ල දැවී 243යි – (අසේල ගුණරත්න 105, ලක්ෂාන් එදිරිසිංහ 67, පැතුම් කුමාර 30, ලක්ෂිත වනසිංහ 28/3, දසුන් ශානක 48/3, නිසල තාරක 55/2)

එස්.එස්.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 24කදී කඩුලු 2ට 143යි – (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 72, ෂෙවොන් ඩැනියල් 32, කුසල් මෙන්ඩිස් නොදැවී 22, සුමිඳ ලක්ෂාන් 28/1, අසංක මනෝජ් 53/1යි)

 

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee