slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
යුද හමුදා – පාණදුර තරගයේ විසඳුමක් නෑ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ පාණදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය අද (15) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. අද දිනයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 24.1කට සහභාගි වී රැස් කළේ ලකුණු 39ක් පමණකි.

යුද හමුදාව සිය දෙවන ඉනිමේදී අද තවත් පන්දුවාර 3.1ක් පන්දුවට පහරදී දෙවන ඉනිම කිසිවකු නොදැවී ලකුණු 17ක්ව තිබියදී නතර කළේ යුද හමුදාවට දෙවන ඉනිමේදී ලකුණු 158ක ජයග්‍රහණ ඉලක්කයක් ලබා දෙමිනි.

යුද හමුදාව දෙවන ඉනිමේදී පන්දුවාර 21කදී කඩුලු තුනකට ලකුණු 23ක් පමණක් ලබා සිටියදී අයහපත් කාලගුණය සහ පිටියේ තත්ත්වය මත තරගය නතර කැරිණි.

 පාණදුර මුල් ඉනිම සියල්ල දැවී 213යි (පන්දුවාර 76.2යි) – (රමිඳ විජේසූරිය 91, මාර්ත් සෙත් 36, රොෂාන් විජේනායක 36, ට්‍රෙවින් මැතිව් 16, සීක්කුගේ ප්‍රසන්න 72/3, සෙහද සොයිසා 35/3, සමිඳ ලක්ෂාන් 42/3)

යුද හමුදාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 72 (පන්දුවාර 30.4යි) – (ෂෙහාන් ප්‍රනාන්දු 25, අසේල ගුණරත්න 08, නිමේෂ් විමුක්ති 33/6, ට්‍රෙවීන් මැතිව් 12/3)

පාණදුර දෙවන ඉනිම කිසිවකු නොදැවී 17යි (පන්දුවාර 3.5යි) – (හසේන් රාමනායක නොදැවී 12)

 යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 3ට 23යි (පන්දුවාර 21යි) – (ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 10, දිනේෂ් චන්දිමාල් නොදැවී 06, කොසාන් ධනුෂ්ක 2/2යි)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest