slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2023
සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ටැමිල් යුනියන් වෙනුවෙන් ද එස්.එස්.සී. – යුද හමුදා තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ශතක රැස් කිරීමට සමත්වීමය.

සධීර සමරවික්‍රම මෙදින පන්දු 167කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 112ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ද ලකුණු 45ක් රැස් කර පසුව පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු දෙකක් බිඳ හෙළීය. කුසල් මෙන්ඩිස් පන්දු 136කදී හතරේ 11ක් හයේ පහර පහක් සමඟ ලකුණු 136ක් ද රැස් කළේය.

බී.ආර්.සී. – කැන්ඩි කස්ටම් තරගයේදී කැන්ඩි කස්ටම් කණ්ඩායමට තරගයෙන් ජය ලැබීමට ඉරිදා (19) දෙවන ඉනිමේදී ලකුණු 370ක් අවශ්‍යව සිටී. මේ තරගය ජය ලැබීමට වැඩි වාසි ඇත්තේ බී.ආර්.සී. පිලටය.

මේ අතර මේ සතිඅන්තයේ ප්‍රථම ජයග්‍රහණය අත්කර ගැනීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම අද (18) සමත් වූයේ ගුවන් හමුදාව කඩුලු අටකින් පරාජයට පත් කරමිනි. මුවර්ස් – එන්.සී.සී. තරගයේදී ප්‍රබල එන්.සී.සී. ඉනිමකින් පරාජයට පත් කිරීමේ වෑයමක මේ වන විට මුවර්ස් නිරතව සිටී.

  • සී.සී.සී. – නිගම්බු

නිගම්බු කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි සී.සී.සී. මුල් ඉනිමේදී ලකුණු 49කට කඩුලු 5ක් දවාලීමෙන් සී.සී.සී. මුල් ඉනිම ලකුණු 207කට සීමා විණි.

නිගම්බු මුල් ඉනිම 274 (83.2) – (මිලාන් සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24, අෂේන් සිල්වා 20, අෂාන් ප්‍රියංජන් 68/3, අසිත ප්‍රනාන්දු 86/2, චතුරංග ද සිල්වා 33/2)

 සී.සී.සී. මුල් ඉනිම පන්දුවාර 62.3කදී 207යි – පවන් රත්නායක 77, නිමේෂ ගුණසිංහ 31, සොනල් දිනුෂ 30, අෂාන් ප්‍රියංජන් 18, චතුරංග ද සිල්වා 17, උපුල් ඉන්ද්‍රසිරි 49/5, ධනුෂ්ක සඳරුවන් 32/2)

 නිගම්බු දෙවන ඉනිම කඩුලු 2ට 63 (පන්දුවාර 25) – (අෂේන් සිල්වා 29, ලක්ෂාන් සඳකැන් 11/1යි)

  • කැන්ඩි කස්ටම්බී.ආර්.සී.

බී.ආර්.සී. කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා දෙවන ඉනිමේදී ලකුණු 85ක් රැස් කිරීම මත බී.ආර්.සීට දෙවන ඉනිමේදී ලකුණු 284ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. කැන්ඩි කස්ටම් කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේදී ඔවුන් ලකුණු 370ක් රැස් කළ යුතුව ඇත.

බී.ආර්.සී. මුල් ඉනිම 242 (පන්දුවාර 63.2) – දුල්ෂාන් උදයංග 71, රිසිර වීරසිංහ 49, ජනිත් සිල්වා 28, දුෂාන් හේමන්ත 21, ගයාන් සිරිසෝම 53/5, ඉමේෂ් උදයංග 78/4)

 කැන්ඩි කස්ටම් ප්‍රථම ඉනිම 157 (පන්දුවාර 29.1) – (සහන් කෝසල 37, ඉමේෂ් උදයංග 24, රශ්මික මධුශංඛ 22, දුෂාන් හේමන්ත 57/6, දිල්රුවන් පෙරේරා 37/2යි)

බී.ආර්.සී. දෙවන ඉනිම පන්දුවාර 65කදී 284යි – (දිල්රුවන් පෙරේරා 85, ලක්ෂාන් ගමගේ 35, දුෂාන් හේමන්ත 29, රිසිර වීරසූරිය 39, අභිෂේක් රාමන් 40, ජනිත් සිල්වා 22, මිතුන් ජයවික්‍රම 66/4, බුද්ධික සංජීව 45/2, ඉමේෂ් උදයංග 57/2යි)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කිසිවකු නොදැවී 76 (පන්දුවාර 15යි) – (මළිඳු මධුරංග නොදැවී 50)

  • රාගම – ගෝල්

රාගම සහ ගෝල් කණ්ඩායම් දෙකම ප්‍රථම ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යා ලබා ගත් අතර මේ තරගය ජය පැරැදුමින් තොරව නිම වන ලකුණු දැනටම පහළව තිබේ.

රාගම ප්‍රථම ඉනිම පන්දුවාර 88.5කදී 403යි – (අවිශ්ක තරිඳු 106, ජනිත් ලියනගේ 78, සංතුෂ් ගුණතිලක 78, ශෂික දුල්ෂාන් 61, සමිඳ ප්‍රනාන්දු 60, ශෂික දුල්ෂාන් 61, සහන් අදීෂ 78/2, පසිඳු මධුෂාන් 83/2, උමේග චතුරංග 47/2යි)

ගෝල් ප්‍රථම ඉනිම පන්දුවාර 66කදී කඩුලු 1ට 251යි – (ඕෂද ප්‍රනාන්දු 93, ඉරෝෂ් සමරසූරිය නොදැවී 83, බුද්ධික හසරංග නොදැවී 51, ජනිත් ලියනගේ 55/1යි)

  • පාණදුර – නුගේගොඩ

නුගේගොඩ කණ්ඩායමේ නායක රුමේෂ් බුද්ධික නොදැවී ලකුණු 120ක් ද රමිත ලියනආරච්චි නොදැවී ලකුණු 81ක් ද ලබා ගැනීමෙන් දෙවන දින තරගය නිම වන විට නුගේගොඩ කණ්ඩායමට කඩුලු 7කට ලකුණු 306ක් ලබා ජයග්‍රාහී තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදාව තිබේ.

පාණදුර මුල් ඉනිම 146 (පන්දුවාර 58.4යි) – ( රොෂාන් විජේනායක 27, රමිඳ විජේසූරිය 23, සමාර්ත් සෙත් 21, දිල්ෂාන් අබේසිංහ 17/4, චලන ද සිල්වා 39/4)

 නුගේගොඩ මුල් ඉනිම පන්දුවාර 108කදී කඩුලු 7ට 306යි – (තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 120, රනිත ලියනආරච්චි නොදැවී 81, නිමේෂ් විමුක්ති 103/6යි)

  • ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස්

ටැමිල් යුනියන් කණ්ඩායමේ සධීර සමරවික්‍රම මේ තරගයේදී පන්දු 167කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 112ක් ද තරුණ ක්‍රීඩක රවිඳු ප්‍රනාන්දු 96ක් ද රැස් කිරීමෙන් ටැමිල් යුනියන් කණ්ඩායමට මුල් ඉනිමේදී කඩුලු 9කට ලකුණු 301ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. ධනංජය ද සිල්වා ද මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 76.5කදී කඩුලු 9ට 301යි – (සධීර සමරවික්‍රම 112, රවිඳු ප්‍රනාන්දු 96, ධනංජය ද සිල්වා 45, ලසිත් අබේරත්න 21, චාමිකර එදිරිසිංහ 93/5, දුෂාන් විමුක්ති 71/2, තරිඳු රත්නායක 88/2යි)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම පන්දුවාර 41කදී කඩුලු 5ට 87යි – ( අදීෂ නානායක්කාර 15, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 15, ධනංජය ද සිල්වා 20/2යි, දිලුම් සුධීර 33/2යි)

  • බ්ලුම්ෆීල්ඩ් කඩුලු 8කින් ගුවන් හමුදාව පරාජය කරයි

ගුවන් හමුදාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී, බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ අසිත වන්නිනායක ලකුණු 36කට කඩුලු පහක් ද හස්නේන් බොකාරි ලකුණු 33කට කඩුලු හතරක් ද දවාලීමෙන් ගුවන් හමුදා ඉනිම ලකුණු 94කට සීමා විණි. බ්ලුම්ෆීල්ඩ් පහසු ජයග්‍ර            හණ ඉලක්කය කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස් කරමින් ලැබීය.

ගුවන් හමුදාව මුල් ඉනිම 140 (පන්දුවාර 45.1යි) – (ගීත් කුමාර 53, අභිමන්යු චව්හාන් 28, සහන් නානායක්කාර 22/3, ජෙෆ්රි වැන්ඩසේ 45/3යි)

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම පන්දුවාර 76.2කදී 195 – (නිපුන් කරුණානායක 41, අදීෂ තිලංචන 55, හසිත බෝයගොඩ 35, අසිත වන්නිනායක නොදැවී 23, මොවින් සුබසිංහ 44/4, චතුර රන්දුනු 46/4)

ගුවන් හමුදාව දෙවන ඉනිම 94 (පන්දුවාර 29.4යි) – (අභිෂේක් ආනන්ද කුමාර 20, චතුර රන්දුනු 19, චානක රුවන්සිරි 12, අසිත වන්නිනායක 36/5, හස්නේන් බොකාරි 31/4)

බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 2ට 44 (පන්දුවාර 9.3යි) – (යොහාන් ද සිල්වා නොදැවී 29, හසිත බෝයගොඩ නොදැවී 13, චතුර රන්දුනු 15/1යි)

  • මුවර්ස්එන්.සී.සී.

ප්‍රථම ඉනිමේදී ලකුණු 400ක් රැස් කළ මුවර්ස් කණ්ඩායම පසුව එන්.සී.සී. ලකුණු 190කට දවාලීය. ඉන් නොනැවතුණු මුවර්ස් පිල ප්‍රබල එන්.සී.සී. කණ්ඩායම දෙවන ඉනිම සඳහා ඉනිමක පරාජයෙන් බේරීමට පිටියට යවන ලදී.

මුවර්ස් ප්‍රථම ඉනිම පන්දුවාර 112කදී ලකුණු 400යි  – (පසිඳු සූරියබණ්ඩාර 83, කවිඳු කුලසේකර 74, ජනිෂ්ක පෙරේරා 71, සොහාන් ඩි ලිවේරා 68, මොහමඩ් ශිරාෂ් 36, ලසිත් ඇඹුල්දෙණිය 129/5)

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 35.5කදී 190යි – (නිරෝෂන් දික්වැල්ල 75, ලසිත් ඇඹුල්දෙණිය 32, විනුක රූබසිංහ 21, අහන් වික්‍රමසිංහ 20, ප්‍රවීන් ජයවික්‍රම 24/4, රමේෂ් මෙන්ඩිස් 62/3, මිලාන් රත්නායක 20/3යි)

 එන්.සී.සී. දෙවන ඉනිම කඩුල්ලක් දැවී 16යි (පන්දුවාර පහයි)

  • යුද හමුදාව – එස්.එස්.සී.

එස්.එස්.සී. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 136කදී හතරේ 11ක් හයේ පහක් සමඟ ලකුණු 136ක් රැස් කිරීමට සමත් විය. මේ තරගය ජය පැරැදුමින් තොරව නිම වන ලකුණු පහළ කර තිබේ.

යුද හමුදාව ප්‍රථම ඉනිම 243 (පන්දුවාර 56.3යි) – (අසේල ගුණරත්න 105, ලක්ෂාන් එදිරිසිංහ 67, පැතුම් කුමාර 30, ලක්ෂිත වනසිංහ 28/3, දසුන් ශානක 48/3, නිසල තාරක 55/2යි)

එස්.එස්.සී. ප්‍රථම ඉනිම පන්දුවාර 77කදී 394යි – (කුසල් මෙන්ඩිස් 136, අවිශ්ක ප්‍රනාන්දු 83, ලක්ෂිත වනසිංහ 40, චමිඳු වික්‍රමසිංහ 37, මනෝජ් සරත්චන්ද්‍ර 32, ෂෙවොන් ඩැනියල් 32, සුමිඳ ලක්ෂාන් 74/3, සෙහද සොයිසා 48/2)

 යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 1ට 107 (පන්දුවාර 23යි) – ( ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 46, අෂාන් රන්දික 42)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee