slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2023
සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා විසින් එන්සීසී පිල ලකුණු 148කින් පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය.

එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති සීසීසී – එන්සීසී තරගයේදී කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩිකාවෝ ඕවර් 49.3කදී කඩුලු 6කට ලකුණු 224ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹාගිය එන්සීසී පිල ඕවර් 36.3කදී ලකුණු 76කට දැවී ගියේය.

කොළඹ ක්‍රිකට් සමාජ පිල වෙනුවෙන් කෞෂනී නුත්‍යාංගා ලකුණු 62ක් ලබා ගනිද්දී සඳලි වීරසිංහ ලකුණු 32ක්, ඉමල්ෂි ලියනගේ ලකුණු 32ක් හා ටෙල්ෂියා විතානගේ ලකුණු 21ක් ලබා ගත්හ.

එන්සීසී පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දිලූෂා හිඳගොඩ ලකුණු 15ක් ලැබූ අතර, විදූෂිකා පෙරේරා කඩුලු 4ක් හා හෂිනි ලියනගේ කඩුලු 2ක් බිදහෙලා සීසීසී ජය මාවතට යොමු කළහ.

හලාවත මේරියන්ස් කාන්තා පිලට කඩුලු 9ක ජයක්

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති ඒස් කැපිටල් කාන්තා පිල හා හලාවත මේරියන්ස් අතර පැවැති තරගයෙන් හලාවත මේරියන්ස් කාන්තා පිලට කඩුලු 9ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒස් කැපිටල් කාන්තා පිල ඕවර් 29.2කදී ලකුණු 54ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම හඹාගිය හලාවත මේරියන්ස් කාන්තා පිල ඕවර් 4.3කදී කඩුල්ලක් දැවී ලකුණු 56ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ඒස් කැපිටල් පිලේ කිසිඳු ක්‍රීඩිකාවක් ලකුණු 8ක් ඉකමවා වාර්තා නොකළ අතර, අතිරේක ලකුණු 20ක් එක්විය. හලාවත මේරියන්ස් පිලේ සඳුනි නිසංසලා කඩුලු 4ක් හා මල්ෂා මධුෂානී කඩුලු 3ක් බිදහෙලා දස්කම් දැක්විය. එමෙන්ම පිළිතුරු ඉනිම හඹා යඋමේදී මල්ෂා මධුෂානී පන්දු 17කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 35ක් ලැබූ අතර, මනිඳු නානායක්කාර නොදැවී ලකුණු 14ක් ලබා සිටියාය.

යුද හමුදා කාන්තා පිලට කඩුලු 8ක ජයක්

පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති යුද හමුදා කාන්තා පිල හා කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිල අතර තරගයෙන් යුද හමුදා කාන්තා පිලට කඩුලු 8ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිල මුලින් පන්දුවට පහරදී ඕවර් 22කදී ලකුණු 33ක් ලබාගත් අතර, යුද හමුදා කාන්තා පිල කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබා ගත්තේය. කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිලේ ක්‍රීඩිකාවන් 4ක් ලකුණු බින්දුවට දැවීගිය අතර, ක්‍රීඩිකාවන් 5ක් ලකුණු 3 සීමාව ඉක්වමීවට සමත් නොවුණි. එහෙත් එම පිලට අතිරේක ලකුණු 15ක් එක්විය. යුද හමුදාවේ රන්දි ප්‍රේමරත්න ලකුණු 10කට කඩුලු 4ක් හා සඳනි ද සිල්වා ලකුණු 2කට කඩුලු 2ක් බිදහෙලූහ. යු දහමුදා පිලේ ඉමල්කා මෙන්ඩිස් නොදැවී ලකුණු 15ක් ලබා සිටියාය.

ගුවන් හමුදා කාන්තාවන්ට කඩුලු 7ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ගුවන් හමුදා කාන්තා පිල හා බඳුරලිය කාන්තා පිල අතර පැවැති තරගයෙන් ගුවන් හමුදා කාන්තා පිලට කඩුලු 7ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා කාන්තා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, බඳුරලිය කාන්තා පිලේ සියලු දෙනා ලකුණු 44කට දැවී ගියහ. එම පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ශ්‍යාමා රණසිංහ ලකුණු 11යි. පන්දු යැවීමේදී තාරුකා ෂෙහානී ලකුණු 3කට කඩුලු 5ක් බිදහෙලමින් ගුවන් හමුදා කාන්තා පිලට වැඩි වාසි ගෙන දුන්නාය.

පිළීතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා කාන්තා පිල කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලබාගත් අතර, මල්ෂා ෂෙහානී නොදැවී ලකුණු 22ක් ලබා ගත්තාය.

සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්

කොළඹ එස්එස්සී පිටියේ පැවැති සිංහල ක්‍රීඩා සමාජය හා බීආර්සී ක්‍රීඩා සමාජය අතර කාන්තා ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිංහල ක්‍රීඩා සමාජ කාන්තා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, බීආර්සී කාන්තා පිලේ සියලු දෙනා ඕවර් 35.5කදී ලකුණු 118කට දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිංහල ක්‍රීඩා සමාජ කාන්තා පිල ඕවර් 39.3කදී කඩුලු 7ක් දැවී ලකුණු 119ක් වාර්තා කළේය.

බීආර්සී පිල වෙනුවෙන් දෙවින්දි කුලතුංග ලකුණු 23ක් ලැබූ අතර, හෂ්මිකා චන්ද්‍රසේකරන් කඩුලු 3ක් බිද හෙලුවාය. සිංහල ක්‍රීඩා සමාජ කාන්තා පිල වෙනුවෙන් ඉරේෂා ශ්‍යාමලී ලකුණු 34ක් හා අසෙනි තලගුණේ ලකුණු 22ක් ලබාගත්හ. බීආර්සී කාන්තා පිලේ දනුජි ප්‍රනාන්දු ලකුණු 21කට කඩුලු 3යි.

පානදුරට ඩක්වර් ලුවිස් පිහිටට එයි

පානදුර ක්‍රීඩා පිටියේ පැවැති ටැමිල් යූනියන් හා පානදුර ක්‍රීඩා සමාජය අතර කාන්තා ක්‍රිකට් තරගයෙන් ලකුණු 12ක ජයක් පානදුර ක්‍රීඩා සමාජයට හිමි විය. කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජ කාන්තා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ටැමිල් යූනියන් කාන්තා පිල ඕවර් 33කදී කඩුලු 9ක් දැවී ලකුණු 124ක් ලබා ගත්තේය. පිළීතුරු ඉනිම හඹාගිය පානදුර ක්‍රීඩිකාවෝ ඕවර් 22කදී කඩුලු 5ක් දැවී ලකුණු 93ක් ලබා ගත්හ.

ටැමිල් යූනියන් කාන්තා පිලේ දිනේෂා ජයසිංහ ලකුණු 19ක් හා නිලුකා කරුණාරත්න ලකුණු 18ක් ලැබූ අතර, සවින්දි කුරේ ලකුණු 24කට කඩුලු 3ක් බිදහෙලුවාය.

පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නවෝද්‍යා ප්‍රනාන්දු ලකුණු 29ක් හා අමාධි කවීන්ද්‍යා ලකුණු 19ක් ලබා ගත්හ. ගනේෂා තාබෘ ලකුණු 14කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වූවාය.

කෝල්ට් කාන්තා පිල ලකුණු 2ක සියුම් ජයක් ලබයි

කෝල්ට්ස් පිටියේ පැවැති කෝල්ට්ස් හා ගාල්ල ක්‍රිකට් සමාජය අතර කාන්තා ක්‍රිකට් තරගයේදී කෝල්ට් කාන්තා පිල ලකුණු 2ක සියුම් ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් ගාල්ල කාන්තා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, කෝල්ට්ස් කාන්තා පිල ඕවර් 19.4කදී ලකුණු 78කට දැවී ගියේය. හසාරා විජේරත්න නොදැවී ලකුණු 28ක් රැස්කළ අතර, උදේනි කුරුප්පුආරච්චි ලකුණු 12ක් ලැබුවාය. රශ්මි නේත්‍රාංජලී, විහාරා ද සිල්වා හා හිරුණිකා නිවාරතනී කඩුලු 2 බැගින් බිදහෙලූහ.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කාන්තා පිල ඕවර් 20කදී ලකුණු 96කට දැවී ගියහ. සංජනා කවින්දි ලකුණු 33ක් ලැබු අතර, ජනකාන්ති මාලා කඩුලු 3ක් හා නෙත්මි සංජනා කඩුලු 2ක් බිද හෙලීමට සමත් වූහ.

 

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar