ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරග දෙකක් ජය පැරැදුමින් තොරව අවසන් විය. යුද හමුදාව සහ පාණදුර අතර පැවැත්වෙන තරගයේ අවසාන දිනය බදාදාය (15). පාණදුර මේ තරගයෙන් මේ වන විට ඉදිරියෙන් සිටින අතර ඔවුන් වැඩි වාසි අත්කර ගැනීමට ද ඉඩ තිබේ. පාණදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති යුද හමුදා මුල් ඉනිමේදී ලකුණු 33කට යුද හමුදා පිතිකරුවන් හයදෙනකුම දවාලීමෙන් පාණදුර මුල් ඉනිම ලකුණු 76කට සීමා විණි.
- කුරුණෑගල යූත් – බ්ලුම්ෆීල්ඩ් තරගය ජය පරාජ නෑ.
කුරුණෑගල යූත් කණ්ඩායමේ අසන්ත බස්නායක පන්දු 68කට මුහුණදී හතරේ තුනක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 55ක් ද සනෝජ් දර්ශික පන්දු 72කදී හතරේ පහරක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 45ක් ද රැස් කරමින් දක්ෂතා දැක් වූහ.
මේ පිතිකරුවන් දෙදෙනා පස් වන කඩුල්ලට ලකුණු 66ක් රැස් කිරීමට සමත් වූහ. මේ තරගය අයහපත් කාලගුණය මත ජය පැරැදුමින් තොරව නිම වූ අතර තරගය පුරාම යැවිය හැකි වූයේ පන්දුවාර 54.3ක් පමණකි.
කුරුණෑගල යූත් මුල් ඉනිම කඩුලු 7ට 201 පන්දුවාර 54.3යි – (සනෝජ් දර්ශික 42, අසන්ත බස්නායක නොදැවී 55, සමීර සඳමල් 27, දිල්හාර පොල්ගම්පල 21, ගයාන් මනීෂ 18, ජෙෆ්රි වැන්ඩසේ 45/3යි, අසිත වන්නිනායක 26/2, හස්නේන් බොකාරි 66/2යි)
- බදුරලිය – මුවර්ස් ජය පරාජ නෑ
ජය පැරැදුමින් තොරව අවසන් වූ මේ තරගයේදී
කණ්ඩායම් දෙකේදී පිතිකරුවන් දෙදෙනා බැගින් අර්ධ ශතක රැස් කළහ. මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී මුවර්ස් කණ්ඩායම ප්‍රථම ඉනිමේදී මඳක් ඉදිරියෙන් පසු විණි.
බදුරලිය ප්‍රථම ඉනිම සියල්ල දැවී 266යි පන්දුවාර 77.2යි – (රමේෂ් සිල්වා 82, විෂාර ප්‍රනාන්දු 62, පර්වේෂ් රසුල් 36, අයන සිරිවර්ධන 33, රොහාන් සංජය 16, මිලාන් රත්නායක 65/3, ප්‍රවීන් ජයවික්‍රම 92/6යි)
මුවර්ස් මුල් ඉනිම කඩුලු 6ට 242 පන්දුවාර 46යි – (ජනිෂ්ක පෙරේරා 85, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 51, සොහාන් ඩී ලිවේරා 42, රමේෂ් මෙන්ඩිස් 29, පර්වේස් රසුල් 54/2, අනුක් ප්‍රනාන්දු 33/2)
- පාණදුර – යුද හමුදාව
පාණදුර කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 141කින් ඉදිරියෙන් සිටින අතර ඔවුන් ඉක්මනින් අද (15) තම දෙවන ඉනිම නතර කළහොත් ඔවුනට මෙය වාසිදායක තරගයක් වීමට ද ඉඩ ඇත..
පාණදුර මුල් ඉනිම (පන්දුවාර 76.2කදී සියල්ල දැවී 213යි ) – (රමිඳ විජේසූරිය 91, මාර්ත් සෙත් 36, රොෂාන් විජේනායක 36, ට්‍රෙවීන් මැතිව් 16, සීක්කුගේ ප්‍රසන්න 72/3, සෙහද සොයිසා 35/3, සුමිඳ ලක්ෂාන් 42/3)
යුද හමුදාව පන්දුවාර 30.4කදී සියල්ල දැවී 72යි – (ෂෙහාන් ප්‍රනාන්දු 25, අසේල ගුණරත්න 08, නිමේෂ් විමුක්ති 33/6, ට්‍රෙවීන් මැතිව් 12/3)
පාණදුර දෙවන ඉනිම කිසිවකු නොදැවී 01 (පන්දුවාර 0.4)





