slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2023
කාන්තා ප්‍රධානතම එක්දින ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනයි 

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව යුද හමුදාව පරදා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

බීආර්සී පිටියේ අද (8) පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර් 50කදී කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී ඕවර් 38කදී කඩුලු 3කට ලකුණු 110ක් ලබා සිටි හෙයින් තරගයේ තීරණය ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ප්‍රදානය විය. තරගය නතර කරද්දී සිදුකළ ගණනයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ විශේෂ සම්මාන තුනම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන් තිදෙනකු දිනා ගැනීම විශේෂත්වයකි. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තරග 5කදි ශතකයක් හා අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 250ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හංසිමා කරුණාරත්නට, දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය තරග 5කදී ශතකයක් සමඟ ලකුණු 196ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සත්‍යා සංදීපනීට හා දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය තරග 5කදී ලකුණු 60කට කඩුලු 17ක් බිදහෙලූ  නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ඉනෝකා රණවීර දිනා ගත්හ.

අද පැවැති අවසන් තරගයේදී ජයග්‍රාහී ගුවන් හමුදා පිලේ ආරම්භක පිතිකාරියන් දෙදෙනා වූ චමරි පොල්ගම්පොල හා සඳුනි අබේවික්‍රම ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර, චමරි ලකුණු 26ක් හා සඳුනි නොදැවී ලකුණු 31ක් ලබා ගත්හ. අංක 5 පිතිකාරිණිය වූ ඕෂධී රණසිංහ තරගය නතර කරද්දී නොදැවී ලකුණු 34ක් ගෙන සිටියාය.

යුද හමුදා පිලේ පළමු කඩුලු තුනම ලකුණු 14ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා පිල සමත්වීමෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර, අනතුරුව රොෂිනී පෙරේරා හා නිලක්ෂි ද සිල්වා සිවුවැනි කඩුල්ලට පන්දු 74කදී ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙණුනි. එය යුද හමුදා ඉනිමේ හොදම සම්බන්ධතාවය ද වූවේය. නිලක්ෂී ද සිල්වා හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ පන්දු 105කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූ අතර, රෝෂනී පෙරේරා පන්දු 56කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූවාය.

මෙම අවසන් මහා තරගය පසුගිය 5 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබුණද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය අද (8) දින පැවැත්වීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 8ක් දැවී ලකුණු 154යි (ඕවර් 50)

රොෂිනී පෙරේරා 23, නිලක්ෂි ද සිල්වා 72, කුගන්ධිකා කුමාරි 10, අචිනි කුලසූරිය 13, අතිරේක 12 ( ඉනෝෂි ප්‍රනාන්දු 25/2, ඕෂධී රණසිංහ 20/3, මල්ෂා ෂෙහානි 23/2, තාරුකා ෂෙහානි 39/1)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල කඩුලු 3ක් දැවී ලකුණු 110යි (ඕවර් 38)

චමරි පොල්ගම්පොල 26, සඳුනි අබේවික්‍රම නොදැවී 31, ඕෂධී රණසිංහ නොදැවී 34 ( නිමේෂා මධුෂානි 14/1, නිලුකා කුෂාන්ති 19/1)

 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar