slc
logo
Home   |    News
ජනවාරි 28, 2024
අහන් වික්‍රමසිංහගේ ශතකය අපතේ යයි :  යාපනයට ලකුණු 164ක ජයක්

Sri Lanka Cricket

සොනාල් දිනූෂ නොදැවී 100යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (28) දෙවැනි සතියේ නිමාවූ යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර තරගයෙන් ලකුණු 164ක ජයක් හිමිකර ගැනීමට යාපනය පිල සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මහනුවර පිල තරගයෙන් ජය ගැනීමට අද දිනයේ කඩුලු 8ක් අතැතිව ලකුණු 347ක් ලබා ගත යුතුව තිබුණද, සියලු දෙනා ලකුණු 229කට දැවී ගියහ. 

අහන් වික්‍රමසිංහ මහනුවර පිල පරාජයෙන් බේරා ගැනීමට ප්‍රබල සටනක්දී පන්දු 86කදී හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 116ක් ලබාගත්තද, උත්සහය අපතේ ගියේය. අහන් වික්‍රමසිංහ පළමු ඉනිමේ ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය. යාපනය පිලේ  ධනංජය ද සිල්වා පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළේය.

මහනුවර පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට යාපනය පිලට ආරාධනා කළ හෙයින් පළමු ඉනිමේ ලකුණු 187ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 229ක් ලබා ගත්තේය. යාපනය පළාත් පිල පළමු ඉනිමේ ලකුණු 346ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 234ක් වාර්තා කළේය. යාපනය පිලේ ෂශික දුල්ෂාන් තරගය පුරා කඩුලු 8ක් බිඳ හෙලීමට සමත් වූවේය.

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 346 (ඕවර් 90)

නිෂාන් මධුෂ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ළහිරු මධුෂ්ක නොදැවී 67, ෂශික දුල්ෂාන් 14, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 18, අතිරේක 15 ( චාමික ගුණසේකර 42/2, සිතුම් දිසානායක 45/1, චාමික කරුණාරත්න 51/3, ලසිත් ඇඹුල්දෙනිය 103/2, අශේන් ඩැනියෙල් 66/2)

මහනුවර පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 187 (ඕවර් 67.1)

ළහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29 ( ප්‍රමෝද් මධුෂාන් 25/2, ෂශික දුල්ෂාන් 46/2, ජෙෆ්රි වැන්ඩර්සේ 51/4)

යාපනය පිල දෙවැනි ඉනිම සියලු දැවී ලකුණු 234 (ඕවර් 68)

හසිත බොයගොඩ 42, නිශාන් මධුෂ්ක 19, නිපුන් කරුණානායක 60, ධනංජය ද සිල්වා 37, රවිඳු ප්‍රනාන්දු 22, අතිරේක 19 ( ලසිත් ඇඹුල්දෙනිය 88/2, සිතුම් දිසානායක 21/2, චාමික ගුණසේකර 43/3, චාමික කරුණාරත්න 31/2)

මහනුවර පිල දෙවැනි ඉනිම සියලු දැවී ලකුණු 229 (ඕවර් 53.2)

ළහිරු උදාර 25, කමීල් මිෂාර 33, අහන් වික්‍රමසිංහ නොදැවී 116, අශේන් ඩැනියෙල් 24 (ප්‍රමෝද් මධුෂාන් 35/1, ෂශික දුල්ෂාන් 99/6, රවිඳු ප්‍රනාන්දු 77/3) 

දඹුල්ල – කොළඹ ජය පරාජයෙන් තොරයි

දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 530ක් රැස්කළ අතර, කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 445ක් වාර්තා කළේය. තරගය නිමාවෙද්දී දඹුල්ල පිල කඩුලු  8ක් දැවී ලකුණු 210ක් ලබා සිටියේය.

දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ලට පන්දු 226කදී ලකුණු 148ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, දිමුත් පන්දු 261කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු 161ක් හා කුසල් පන්දු 115කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 80ක් එක් කළහ.  

දඹුල්ල පිල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් හා පවන් රත්නායක ශතක වාර්තා කළ අතර, කොළඹ පිලේ දිමුත් කරුණාරත්න ශතකයක් එක්කළේය.

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 530 (ඕවර් 153)

ලියෝ ෆ්‍රැන්සිස්කො 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 130, පවන් රත්නායක 130, විශ්ව ප්‍රනාන්දු 18 (කසුන් රාජිත 109/1, ඉසිත් දේව් විජේසුන්දර 69/3, ලක්ෂිත මානසිංහ 129/3, ප්‍රභාත් ජයසූරිය 103/2)

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 445 (ඕවර් 120.1)

දිමුත් කරුණාරත්න 161, ෂෙවෝන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් 80, නුවනිඳු ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 39, ලක්ෂිත මානසිංහ19, ප්‍රභාත් ජයසූරිය 21, ඉසිත් දේව් විජේසුන්දර 21, කසුන් රාජිත නොදැවී 19 (අසිත ප්‍රනාන්දු 90/2, විශ්ව ප්‍රනාන්දු 80/2, අකිල ධනංජය 159/3, සොනාල් දිනූෂ 29/1, ලක්ෂාන් සඳකැන් 47/1)

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 210 (ඕවර් 61 )

අකිල ධනංජය 20, පවන් රත්නායක 15, සොනාල් දිනූෂ නොදැවී 100, අකිල ධනංජය 20, ලක්ෂාන් සඳකැන් 26, විශ්ව ප්‍රනාන්දු නොදැවී 11 (කසුන් රාජිත 29/3, ප්‍රභාත් ජයසූරිය 38/3, ඉසිත් දේව් විජේසුන්දර 24/1)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest