slc
logo
Home   |    News
ජනවාරි 19, 2024
නුවනිඳු ප්‍රනාන්දුගෙන් ශතකයක් : උදිත් මධුෂාන් කඩුලු 5ක් බිදහෙලයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක් බිඳහෙලා පන්දුවෙන් දස්කම් දැක්වීය.

මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට මහනුවරට ආරාධනා කළ අතර ලකුණු 365කට දැවී ගියේය. ගාල්ල පිල පළමු ඉනිමට දෙවැනි දිනය නතරකරන විට කඩුලු 3ක් දැවී ලකුණු 39ක් ලබා සිටින හෙයින් මහනුවරට වඩා ලකුණු 326ක් දැනට පසුපසින් සිටී

කොළඹ හා යාපනය පළාත් පිල අතර, කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කොළඹ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, අද දිනයේ ලකුණු 348කට සියලු දෙනා දැවී ගියහ. යාපනය පිල දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබාගත් හෙයින් යාපනයට වඩා ලකුණු 267කින් කොළඹ පිල මේ වනවිට ඉදිරියෙන් සිටී. යාපනය පිලේ නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 52ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 259කදී හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 105ක් රැස් කළේය.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියට ඉහළම දස්කම් දක්වන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් එක්ව සිටිති. ගාල්ල, දඹුල්ල, කොළඹ, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටිති.

පළමු වටයේ තරග 20ක් පැවැත්වෙන අතර, පළමු හා දෙවැනි ස්ථාන ගන්නා කණ්ඩායම් දෙක අප්‍රේල් 30 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මහනුවර – ගාල්ල

මහනුවර පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 365 (ඕවර් 93.4)
කසුන් විදුර 45, ළහිරු උදාර 100, ලසිත ලක්ෂාන් 17, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, චමික කරුණාරත්න 11, චාමික ගුණසේකර 11, අතිරේක 12 (මිලාන් රත්නායක 56/2, රමේෂ් මෙන්ඩිස් 75/2, උදිත් මධුෂාන් 46/5)

ගාල්ල පළාත් පිල කඩුලු 3කට ලකුණු 39 (ඕවර් 14)
ඔෂධ ප්‍රනාන්දු 13, පසිඳ සුරියබණ්ඩාර නොදැවී 17 (සිතුම් දිසානායක 11/1)

කොළඹ හා යාපනය

කොළඹ පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 348 (ඕවර් 121.1)
දමුත් කරුණාරත්න 19, ෂෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර 16, චමිඳු වික්‍රමසිංහ 22, ඉසිත දේව් විජේසුන්දර 11, අතිරේක 25 ( ළහිරු මධුසංඛ 39/3, ෂිරාන් ප්‍රනාන්දු 51/1, සන්තුෂ් ගුණතිලක 30/1, ෂශික දුල්ෂාන් 40/1, රවිඳු ප්‍රනාන්දු 74/2, ජෙෆ්රි වැන්ඩර්සේ 77/2)

යාපනය පළාත් පිල කඩුලු 1කට ලකුණු 81 (ඕවර් 18)
නවෝද් පරණවිතාන 10, නිෂාන් මධුෂ්ක නොදැවී 52, හසිත බෝයගොඩ නොදැවි 11 ( ඉසිත දේව් විජේසුන්දර 11/1)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee