slc
logo
Home   |    News
ජනවාරි 18, 2024
මා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් – මේජර් එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක දුෂාන් විමුක්ති කියයි

Sri Lanka Cricket

දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි.

මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 270 ඉක්ම වූ දුෂාන් විමුක්ති පන්දු යැවීමේදී කඩුලු 12ක් ද පන්දු රැකීමේදී උඩපන්දු හයක් ද රැකගෙන මේ තරගාවලියේදී තුන් ඉරියව්වේම දක්ෂතා අතරම සිටියේය.

වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරන අවධියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම නියෝජනය කර ඇති දුෂාන් පසුව එංගලන්තයේ මැන්චෙෂ්ටර්හි මෝන්ටන් ක්‍රීඩා සමාජය ද වසර දෙකක්ම නියෝජනය කළේය.

පාණදුර රාජකීය විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දුෂාන් විමුක්ති එම වසරේ බාටා ඔබ්සර්වර් පිට පළාත්වල දක්ෂතම ක්‍රීඩක සම්මානය ද හිමිකර ගත්තේය.

මොහු ගුවන් හමුදාව, බදුරලිය, යුද හමුදාව සහ සරසන්ස් ක්‍රීඩා සමාජ මේ වන විට නියෝජනය කර සිටින අතර ඒ අතුරින් හොඳම වසර වූයේ 2015දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරද්දී ලකුණු 900ක් සහ කඩුලු 45ක් දවාලීමය. එවර යුද හමුදාව මොහුව ලාන්ස් කෝප්රල් තනතුරට ද උසස් කරනු ලැබීය.

අද හෙටම ඇරැඹෙන නැෂනල් සුපර් ලීග් සිව්දින සහ එක්දින තරගාවලියේදීත් උපරිම දස්කම් දක්වා ශ්‍රී ලංකා ජාතික ‘ඒ ‘ සංචිතයට හෝ ජාතික සංචිතයට ඇතුළත් වීම තම අපේක්ෂාව යැයි දුෂාන් විමුක්ති පවසයි.

සචා සෙනෙවිරත්න සහ චමින්ද සිල්වා කණිෂ්ඨ ක්‍රීඩකයකුව සිටියදී ඔහුගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ පුහුණුකරුවන් බව දුෂාන් විමුක්ති කියයි.

සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේදී සශ්‍රීක පුස්සෙගොල්ල (පුහුණුකරු) ක්‍රිෂාන්ත සඳරුවන් සහ කෞෂල්‍ය ගජසිංහ මේ වන විට තමන්ට අත දෙන බව ද ඔහු කියයි.

තමා කිසිදු දේශීය හෝ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයකු අනුගමනය නොකරන බව ද ඔහු කියයි.

බන්දුල

 

 

 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee