slc
logo
Home   |    News
ජනවාරි 23, 2024
ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් අපේ චමරි  ලෝක එක්දින හා විස්සයි 20 කණ්ඩායම්  දෙකේම නායකත්වයට අයිසීසීය නම් කරයි

Sri Lanka Cricket

දිමුත් ලෝක ටෙස්ට් කණ්ඩායමට

වසරේ අයිසීසී ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හා ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරයි. ගෙවීගිය 2023 වසර පුරාවට විස්සයි 20 හා එක්දින කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් පෑ ක්‍රීඩිකාවන් එක්කොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කණ්ඩායම් දෙකක් ප්‍රසිද්ධියට පත් කළ අතර එම කණ්ඩායම් දෙකේම නායිකාව වූයේ ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනදුන් චමරි අතපත්තුවීම විශේෂත්වයකි.

 

වසරේ අයිසීසී ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම්කොට තිබීම තවත් විශේෂත්වයකි. ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස නම්කොට ඇති දිමුත් කරුණාරත්න පසුගිය වසරේ ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කළ අතර, එහිදී ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 608ක් රැස් කළේය. අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔහු ලකුණු 179ක් හා ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය.

 

චමරි අතපත්තු නායකත්වය දුන් කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇය පන්දු 50 කදී ලකුණු 68ක් ලබා දකුණු අප්‍රිකාව ලකුණු 3කින් පරාජය කිරීමට දායක වූ අතර, නවසීලන්තයට එරෙහි කොළඹ පැවැති විස්සයි 20 තරගයේදී පන්දු 47කදී නොදැවී ලකුණු 80ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ගෙනදීමට දායක වූවාය. එංගලන්තයේදී එංගලන්තයට එරෙහි විස්සයි 20 ජයග්‍රහණයට චමරිගේ දායකත්වය ද කැපී පෙණුනි. ඇය 2023 වසරේ විස්සයි 20 තරගවලදී ලකුණු 470ක් ලබා සාමාන්‍ය 130.91ක් වාර්තා කළ අතර, එම වසර තුළ චමරි හයේ පහර 15ක් සමඟින්, කාන්තා විස්සයි 20 තරඟවලදී පුද්ගලික ඉහළම ලකුණු සටහන් කළාය.

 

චමරි අතපත්තු පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින තරග 8 කදී ලකුණු 415 ක් රැස්කරමින් සාමාන්‍ය 69.16ක් රඳවා ගත්තාය. නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී පන්දු 83කදී හයේ පහර 5ක් හා හතරේ පහර 19ක් සමඟ නොදැවී ලකුණු 108ක් හා එහි අවසන් තරගයේදී පන්දු 80කදී හයේ පහර 9ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 140ක් ලැබීමට චමරි අතපත්තු සමත් වූවාය. 

 

අයිසීසී ලෝක විස්සයි 20 කාන්තා ක්‍රිකට් කණ්ඩායම: චමරි අතපත්තු (නායිකා), බෙත් මොනී (ඔස්ට්‍රේලියාව), ලවුරා වොල්වාඩ්ට් (දකුණු අප්‍රිකාව), හේලී මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙච්), නැට් බ්‍රන්ට් (එංගලන්තය), අමෙලියා කර්ර් (නවසීලන්තය), එල්යාස් පෙරී (ඔස්ට්‍රේලියාව), ආෂ් ගාඩ්නර් (ඔස්ට්‍රේලියාව), දීප්ති ෂර්මා (ඉන්දියාව), ෂොපී එක්ලෙස්ටන් (එංගලන්තය), මෙගාන් සූට් (ඔස්ට්‍රේලියාව), 

 

අයිසීසී ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම: චමරි අතපත්තු – නායිකා (ශ්‍රී ලංකාව), පොහෙබ් ලිච්ෆීල්ඩ් (ඔස්ට්‍රේලියාව), එලියස් පෙරී (ඔස්ට්‍රේලියාව), අමෙලියා කර්ර් (නවසීලන්තය), බෙත් මොනී – කඩුලු රකින්නිය (ඔස්ට්‍රේලියාව), නැට් සිවර් බ්‍රන්ට් (එංගලන්තය), ආෂ් ගාඩ්නර් (ඔස්ට්‍රේලියාව), ඇනබල් සදර්ලන්ඩ් (ඔස්ට්‍රේලියාව), නැඩීන් ඩී ක්ලේක් (දකුණු අප්‍රිකාව), ලියා තාහූ (නවසීලන්තය), නහිඩා අක්ටර් (බංග්ලාදේශය)

 

අයිසීසී ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම:  පැට් කමින්ස් – නායක (ඔස්ට්‍රේලියාව), උස්මාන්  කවාජා (ඔස්ට්‍රේලියාව), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන් (නවසීලන්තය), ජෝ රූට් (එංගලන්තය),  ට්‍රැවිස් හෙඩ් (ඔස්ට්‍රේලියාව), රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව), ඇලෙක්ස් කෙරී – කඩුලු රකින්නා (ඔස්ට්‍රේලියාව), රවිචන්ද්‍ර අස්වින් (ඉන්දියාව),  මිචෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියාව), ස්ටුවට් බ්‍රෝඩ් (එංගලන්තය)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee