slc
logo
Home   |    News
පෙබරවාරි 4, 2024
අප සිටින්නේ වැඩි වාසි තිබෙන තත්වයකයි – දිමුත් කරුණාරත්න පවසයි

Sri Lanka Cricket

ඇෆ්ගනිස්තානය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට දින තුනක් ඉතිරිව ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේ ලකුණු 212කින් ඉදිරියෙන් සිටින හෙයින් තෙවන දින (04) තවත් ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට හැකි තත්ත්වයකට පත්විය හැකි යැයි මේ තරගයේදී ලකුණු 77ක් රැස් කළ හිටපු නායක දිමුත් කරුණාරත්න දෙවන දින තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

 “මේ වන විට මේ තරගයේ පීඩනය දැන් යොමුව ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙතටයි. අපගේ සැළසුම වී තිබෙන්නේ හැකි තරම් වේලාවක් පන්දුවට පහරදී වියළි (Dry wicket) ඇෆ්ගනිස්තානයට දෙවන ඉනිමේදී ලබා දීමයි. එවිට අපට නැවත වතාවක් ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට හැකි වේවි.“

 මේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් සතු හොඳම කණ්ඩායමයි. ඔවුනට ටෙස්ට් තත්ත්වය හිමි වී දැනට වසර හතක් ගත වී ඇතත් ඔවුනගේ අත්දැකීම් සහ පළපුරුද්ද අඩුයි. පසුගිය වසර හත තුළම ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිටින්නෙත් ඉතාමත් අඩු පිරිසක්. මේ කරුණු නිසා පීඩනය ඔවුනට අපහසු වේවි යැයි ද දිමුත් කරුණාරත්න පවසයි.

 ඇෆ්ගනිස්තාන සමඟ ප්‍රථම ඉනිමේදී තමා පන්දුවට පහර දුන් ආකාරය සහ ඔහුගේ අනාගත ක්‍රීඩා සැළසුම පිළිබඳව විස්තර කළ දිමුත් කරුණාරත්න මෙසේ ද සඳහන් කළේය.

 “මා මේ තරගයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 77ක් රැස් කළා. මට අහිමිව ගියේ පහසුවෙන්ම රැස් කර ගැනීමට තිබු ශතකයක්. මා දැවී ගිය එම ෆුල්ටොස් පන්දුව එතරම් හොඳ පන්දුවක් නොවුවත් දැවී යාමට හේතුව වුයේ එවැනි පන්දුවක් එම අවස්ථාවේ ලැබෙතැයි නොසිතූ නිසයි.“

 මේ වසරේ අපට ටෙස්ට් තරග නවයක්ම තිබෙනවා. මගේ සැළසුම එම තරග නවයේදී මගේ ටෙස්ට් ලකුණු සම්පූර්ණ එකතුව 8000 – 8500ක් කරා ගෙන යාමටයි. මට තවත් වසර දෙක තුනක් ක්‍රීඩා කළ හැකියි. ඒ වන විට මගේ ඉලක්කය වන ලකුණු දස දහසේ සීමාවට යාමට අවස්ථාව ලැබුණු ඇතැයි තමා සිතන බව ද දිමුත් කරුණාරත්න පවසයි.

 මේ වසරේ ජුනි ජූලි මාසයන්හි අපට එංගලන්තයේදී තවත් ටෙස්ට් ක්‍රිකට් තරග තුනකට සහභාගි වීමට තිබෙනවා. එහිදී දස්කම් දක්වා මගේ ඉලක්කයන් කරා යාම මගේ අපේක්ෂාවයි. ඕනෑම දෙයක් ඉලක්කයක් ඇතිව සිදු කළහොත් ඒවා කරා යාම පහසු වන බව ද දිමුත් කරුණාරත්න කියයි.

 මා දැන් පන්දුවට පහර දෙන්නේ නිරවුල් මනසකින් යුතුව නිවැරිදිව පන්දුවට පහරදී ලකුණු ලැබීමේ අවධානයකිනුයි. කෙසේ වුවත් මා නායකත්වය දැරූ කාලයේදීවත් මා එය එතරම් ගැඹුරු අයුරින් සිතට ගෙන පීඩනයක් ගත්තේ නෑ. එහෙත් දැන් හොඳින්ම පන්දුවට පහරදීම ගැන අවධානය යොමු කිරීම වඩාත් පහසු බව ද දිමුත් කීවේය.

 ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ සිව්වන කඩුල්ලේ ලකුණු 230ක සබඳතාව පිළිබඳව අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න, ඔවුනගේ දීර්ඝ කාලීන ක්‍රිකට් අත්දැකීම් සහ පළපුරුද්ද මෙවැනි ලකුණු සංඛ්‍යාවක් කරා යාම පහසු කළ බවයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee