slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2024
සුපර් ලීග් එක්දින තරගාවලියේ මහනුවරට හා කොළඹට ජය

Sri Lanka Cricket

Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරග දෙකේ ජය මහනුවර හා කොළඹ පළාත් කණ්ඩායම් දිනා ගත්හ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල හා මහනුවර අතර තරගයෙන් මහනුවර පිල කඩුලු 8ක ජයක් වාර්තා කළ අතර, රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ  පැවැති යාපනය පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර තරගයෙන් කොළඹ පිල කඩුලු 3ක ජයක් හිමිකර ගත්තේය. 

ගාල්ල හා මහනුවර අතර තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ ගාල්ල ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 146ක් වාර්තා කළ අතර,   මහනුවර පිල කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තේය. ජයග්‍රාහී මහනුවර පිල වෙනුවෙන් පන්දු 64කදී හතරේ 9ක් සමඟ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට කමීල් මිෂාර සමත් වූවේය. ගාල්ල පළාත් පිලේ ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 97කදී හතරේ 7ක් සමඟ නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය.

ගාල්ල පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 146 (ඕවර් 44.4)

ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 66, ෂලිත් ප්‍රනාන්දු 10, ළහිරු සමරකෝන් 18, මිලාන් රත්නායක 10, අතිරේක 14 ( චාමික ගුණසේකර 17/2, ළහිරු කුමාර 31/3)

මහනුවර පළාත් පිල කඩුලු 2කට ලකුණු 147 (ඕවර් 23.2)

නිරෝෂන් දික්වැල්ල 30, කමීල් මිෂාර නොදැවී 66, චමෝද් සඳරු නොදැවී 33, අතිරේක 14 ( ළහිරු සමරකෝන් 28/1, අසංක මනෝජ් 20/1)

යාපනය – කොළඹ

යාපනය හා කොළඹ අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදීමට යාපනය පිලට ආරාධනා කළ අතර, එහිදී කඩුලු 6කට ලකුණු 310ක් වාර්තා වුණි. පිළිතුරු ඉනිම හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබා ගත්හ‍

යාපනය පිල වෙනුවෙන් නිපුන් කරුණානායක පන්දු 119කදී හතරේ 8ක් සමඟ නොදැවි ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ පන්දු 91කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වූවේය. 

කොළඹ පළාත් පිල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 61ක්, විෂාද් රන්දික ලකුණු 54ක් හා අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 80ක් ලබා පිත්තෙන් දස්කම් දැක් වූහ. 

යාපනය පළාත් පිල කඩුලු 6කට ලකුණු 310 (ඕවර් 50)

සඳුන් වීරක්කොඩි 18,  හසිත බෝයගොඩ 86, රොන් චන්ද්‍රගුප්ත 17, නිපුන් කරුණානායක නොදැවි 108, ජනිත් ලියනගේ 15, රවිඳු ප්‍රනාන්දු 26, අතිරේක 20 ( කසුන් රාජිත 62/2)

කොළඹ පළාත් පිල කඩුලු 7කට ලකුණු 312 (ඕවර් 47.3)

ක්‍රිෂාන් සංජුල 47, නුවනිඳු ප්‍රනාන්දු 61, අශේන් බණ්ඩාර නොදැවී 80, විෂාද් රන්දික 54, දිනුර කළුපහන 13, තරිඳු රත්නායක නොදැවී 37, අතිරේක 11 ( ප්‍රමෝද් මධුෂාන් 57/2, ශරාන් ප්‍රනාන්දු 47/2)

 

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee