slc
logo
Home   |    News
මාර්තු 26, 2024
19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

Sri Lanka Cricket

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම සඳහා ක්‍රීඩකයන් 16කගෙන් යුත් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට සිය අනුමැතිය මේ වන විට ලබා දී ඇත.

මේ මස 28 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත මේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියට විස්සයි 20 සහ එක්දින තරගාවලියක් ද අයත් ය.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය

මනුදි නානායක්කාර (නායිකාව) රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව) සංජානා කවිඳි, විමෝක්ෂා බාලසූරිය, ශෂිනි ගිම්හානි, රිස්මි සංජානා, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, දහමි සනෙත්මා, විශ්මි සවිඳි, අෂානි කෞශල්‍යා, යසන්ති නිමන්තිකා, නෙත්මි සේනාරත්න, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා

බන්දුල

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee