ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය.
මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 48ක් අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 239ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ඕවර 45.3කදී කඩුලු අටකට ලකුණු 240ක් රැස් කරමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේය.
ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කේට් පෙලී ලකුණු 56ක් (පන්දු 76යි හතරේ හතයි හයේ පහරයි) සහ එලීනා ලාරෝසා ලකුණු 52ක් (පන්දු 77යි හතරේ හතයි) ලකුණු 109ක සබඳතාවයක් තබා ගනිමින් ඔස්ට්‍රේලියා ජයග්‍රහණයට මුල් විණි.
එලීනා ලාරෝසා පන්දු යැවීමේදී ද දක්ෂතා දක්වමින් ලකුණු 31කට කඩුලු තුනක් දවා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කැටී ජෝන්ස් පන්දු 46කදී හතරේ හතක් සමඟ ලකුණු 57ක් ලබා ගැනීමට මෙදින සමත් විය.
ලකුණු පුවරුව
එංගලන්ත අවුරුදු19න් පහළ කාන්තා කණ්ඩායම 239යි (ඕවර 48යි)
කැටී ජෝන්ස් 57, මේරි ටේලර් නොදැවී 33, ජේඩි ග්රිව් කොක් 33, එලීනා ලාරෝසා 31/3, ලුසි හැමිල්ටන් 37/2,
ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 45.3කදී කඩුලු 8ට 240
කේට් පේලි 56, එලීනා ලාරෝසා 52, ඉනෝස් මැකොන් 31, ටිලී කොටීන් 237/2, සොෆියා ස්මේල් 32/1