slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2024
ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු දහයකින් ස්කොට්ලන්තය පරාජය කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත්තේ තවත් ඕවර 9.5ක් (පන්දු 59ක්ම) ඉතිරිව තිබියදීය.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ඕවර 18.1කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 94ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 10.1කදී ලකුණු 95ක් ලබා තරගය ජය ගත්තේ කිසිම ක්‍රීඩිකාවක නොදැවී පහසු ආකාරයකිනි.

ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු නැවතවතාවක් මෙහිදී ලකුණු අතරට පිවිසියේ ස්කොට්ලන්තය රැස් කළ ලකුණු 94 හඹායද්දී චමරි පන්දු 35කදී හතරේ පහර දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 59ක් සීඝ්‍රයෙන් රැස් කරමිනි. ඇය විශ්මි ගුණරත්න (නොදැවී ලකුණු 24යි පන්දු 26යි හතරේ තුනයි) සමඟ පන්දු 61කදී ලකුණු 95ක සබඳතාවයක් තබා ගනිමින්ය.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 94කට දවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව උදා වූයේ කවීෂා දිල්හාරිගේ (ලකුණු 13කට කඩුලු හතරයි) සහ ඉනෝෂි ප්‍රියදර්ශණීගේ (ලකුණු 11කට කඩුලු තුනයි) දක්ෂතම පන්දු යැවීමය. ඕවර 3.1ක් යවා කඩුලු හතරක් බිඳ දැමු කවීෂා දිල්හාරි මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කැරිණි.

මේ තරගාවලියේ ‘ඒ ‘ කොටසට අයත් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන්ම (තායිලන්තය සහ ස්කොට්ලන්තය)

පහසුවෙන්ම ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග දෙක මැයි 01 වැනිදා උගන්ඩාව සමඟත් මැයි 03 වැනිදා අමෙරිකාව සමඟත් පැවැත්වීමට නියමිතය. මේ තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක මැයි 05 වැනිදාත් අවසාන තරගය මැයි 07 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කාන්තා ලෝක කුසලාන අවසාන තරගාවලියට සුදුසුකම් ලබයි.

සෙනසුරාදා (27) පැවැති ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත මූලික වටයේ තරගයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ස්කොට්ලන්ත කණ්ඩායමට පැවරීමටය. කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රියදර්ශණී සහ සුගන්ධිකා කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 94ක් (ඕවර 18.1ක්) පමණකි.

ස්කොට්ලන්ත පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු ලෝරා ජැක් ලකුණු 24ක් ද (පන්දු 28යි හතරේ හතරයි) නායිකාව කැත්රින් බ්‍රයිස් ලකුණු 22ක් ද (පන්දු 19යි හතරේ පහයි) එල්සා ලිසී (ලකුණු 13යි පන්දු 13යි හතරේ දෙකයි) කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව ලකුණු 95ක් හඹායාමට පැමිණි අවස්ථාවේ නායිකා චමරි අතපත්තුගේ වේගවත් ප්‍රහාරයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට පහසු වුයේ තවත් ඕවර 9.5ක්ම ඉතිරිව තිබියදීය. චමරි මෙදින ලබා ගත්තේ ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියන්හි 11 වන අර්ධ ශතකයයි.

ලකුණු පුවරුව

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ඕවර 18.1කදී සියල්ල දැවී 94යි –

(ලෝනා ජැක් 24, කැත්රින් බ්‍රයිස් 22, එල්සා ලිස්ටර් 13, කැත්රින් ෆ්‍රෙසර් 09, කවීෂා දිල්හාරි 13/4, ඉනෝෂි ප්‍රියදර්ශණී 11/3, සුගන්ධිකා කුමාරි 27/2යි)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 10.1කදී කිසිවකු නොදැවී 95යි –

(චමරි අතපත්තු නොදැවී 59, විශ්මි ගුණරත්න නොදැවී 24)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]
  • කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee