slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2024
ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු දහයකින් ස්කොට්ලන්තය පරාජය කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත්තේ තවත් ඕවර 9.5ක් (පන්දු 59ක්ම) ඉතිරිව තිබියදීය.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ඕවර 18.1කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 94ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 10.1කදී ලකුණු 95ක් ලබා තරගය ජය ගත්තේ කිසිම ක්‍රීඩිකාවක නොදැවී පහසු ආකාරයකිනි.

ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු නැවතවතාවක් මෙහිදී ලකුණු අතරට පිවිසියේ ස්කොට්ලන්තය රැස් කළ ලකුණු 94 හඹායද්දී චමරි පන්දු 35කදී හතරේ පහර දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 59ක් සීඝ්‍රයෙන් රැස් කරමිනි. ඇය විශ්මි ගුණරත්න (නොදැවී ලකුණු 24යි පන්දු 26යි හතරේ තුනයි) සමඟ පන්දු 61කදී ලකුණු 95ක සබඳතාවයක් තබා ගනිමින්ය.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 94කට දවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව උදා වූයේ කවීෂා දිල්හාරිගේ (ලකුණු 13කට කඩුලු හතරයි) සහ ඉනෝෂි ප්‍රියදර්ශණීගේ (ලකුණු 11කට කඩුලු තුනයි) දක්ෂතම පන්දු යැවීමය. ඕවර 3.1ක් යවා කඩුලු හතරක් බිඳ දැමු කවීෂා දිල්හාරි මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කැරිණි.

මේ තරගාවලියේ ‘ඒ ‘ කොටසට අයත් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන්ම (තායිලන්තය සහ ස්කොට්ලන්තය)

පහසුවෙන්ම ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග දෙක මැයි 01 වැනිදා උගන්ඩාව සමඟත් මැයි 03 වැනිදා අමෙරිකාව සමඟත් පැවැත්වීමට නියමිතය. මේ තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක මැයි 05 වැනිදාත් අවසාන තරගය මැයි 07 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කාන්තා ලෝක කුසලාන අවසාන තරගාවලියට සුදුසුකම් ලබයි.

සෙනසුරාදා (27) පැවැති ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත මූලික වටයේ තරගයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ස්කොට්ලන්ත කණ්ඩායමට පැවරීමටය. කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රියදර්ශණී සහ සුගන්ධිකා කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 94ක් (ඕවර 18.1ක්) පමණකි.

ස්කොට්ලන්ත පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු ලෝරා ජැක් ලකුණු 24ක් ද (පන්දු 28යි හතරේ හතරයි) නායිකාව කැත්රින් බ්‍රයිස් ලකුණු 22ක් ද (පන්දු 19යි හතරේ පහයි) එල්සා ලිසී (ලකුණු 13යි පන්දු 13යි හතරේ දෙකයි) කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව ලකුණු 95ක් හඹායාමට පැමිණි අවස්ථාවේ නායිකා චමරි අතපත්තුගේ වේගවත් ප්‍රහාරයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට පහසු වුයේ තවත් ඕවර 9.5ක්ම ඉතිරිව තිබියදීය. චමරි මෙදින ලබා ගත්තේ ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියන්හි 11 වන අර්ධ ශතකයයි.

ලකුණු පුවරුව

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ඕවර 18.1කදී සියල්ල දැවී 94යි –

(ලෝනා ජැක් 24, කැත්රින් බ්‍රයිස් 22, එල්සා ලිස්ටර් 13, කැත්රින් ෆ්‍රෙසර් 09, කවීෂා දිල්හාරි 13/4, ඉනෝෂි ප්‍රියදර්ශණී 11/3, සුගන්ධිකා කුමාරි 27/2යි)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 10.1කදී කිසිවකු නොදැවී 95යි –

(චමරි අතපත්තු නොදැවී 59, විශ්මි ගුණරත්න නොදැවී 24)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar